Tuesday, January 5, 2016

ලංකාව ලොව ධනවත්ම රාජ්‍ය කිරුළට අතේ දුරින්..

ශ්‍රී ජනාධිපති මන්දිරයේ භූගත මාළිගාව පිළිබඳ සියලු තොරතුරු ඡායාරූප සමඟ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් ශක්තිමත් වීමට පටන් ගෙන තිබේ. පසු ගිය දිනවල රුපියල් 143ක් පමණ වූ ඇමරිකානු ඩොරලය මේ වන විට ශ්‍රී ලංකා රුපියල් 98කි.
කොටස් වෙළඳපොළ ගනුදෙනු වේගයෙන් ඉහළ ගොස් ඇති අතර අපනයන ආදායම් පෙරනොවූ විරූ ලෙස ඉහළ ගොස් ඊට සාපේක්ෂව ආනයන වියදම් පහත වැටී තිබේ. භාණ්ඩ මිල වේගයෙන් පහත වැටීම නිසා උද්ධමන අනුපාතය පහත වැටී ඇත. සංචාරකයින් රැගෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ගුවන් යානා ගණනාවක් නැවත හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදුවූයේ බලාපොරොත්තු නොවූ ලෙස සංචාරක පැමිණීම වැඩි වූ හෙයිනි.

නැෂනල් ජෝග්‍රෆි සඟරාවේ දකුණු ආසියානු වාර්තාකරු පෙන්වා දෙන ආකාරයට ජනාධිපති මන්දියේ භූගත මාළිගාව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ලොව ධනවත් ම රාජ්‍ය බවට තත්ත්වයට ඔසවා තබන යානාව බවට පත්වනු ඇත. වර්තමාන ආණ්ඩුවේ ඉතා දියුණු ආර්ථික දැක්ම නොවන්නට ශ්‍රී ලංකාවට මෙවැනි වේගවත් සංවර්ධනයක් ලබා ගැනීම දහවල් සිහිනයක් පමණක් වනු ඇති බව ඔහු තව දුරටත් පවසයි.

මේ අතර ලොව බලවතුන් වොෂින්ටන්හි රැස්ව ඇමරිකානු ඩොලරය වෙනුවට ශ්‍රී ලංකා රුපියල ජාත්‍යන්තර මුදල් ඒකකය බවට පත් කිරීමට කළ සාකච්ඡා බොහෝ දුරට සාර්ථක වූ බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා CNN වෙත සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.

ලොව ඇතැම් රටවල් භූගත තෙල් සම්පත නිසා දියුණු වූ ආකාරය පිළිබඳ අපට උදාහරණ ඕනෑ තරම් තිබේ. එහෙත් භූගත මාළිගා සම්පත නිසා දියුණු වූ ලොව එක ම රට ලෙස අපේ ආදරණීය මාතෘ භූමියේ ශ්‍රී නාමය සදා ලොව ජන හදවත්හි වොරැඳෙනු ඇත. මේ වන විට ලොව දස දෙසින් රාජ්‍ය නායකයින්ගේ සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්ගේ සුබ පැතුම් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත ගලා ඒම නිසා ජාත්‍යන්තර දුරකතන ජාලා අධික ලෙස කාර්යබහුල වී ඇතැයි BBC ආයතනය වාර්තා කර තිබේ.

October 29, 2015 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !