Tuesday, January 5, 2016

ආණ්ඩුවට මල් මිටක්!

වර්තමාන ආණ්ඩුවට එරෙහි ශිෂ්‍ය අරගලය සහ කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම අතර කිසිඳු සම්බන්ධයක් නැත. එහෙයින් මෙය දේශපාලන දඩයමක් හෝ පළිගැනීමක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කරනු මිස එවැනි අකටයුතු යහ පාලන රජයක් යටතේ නම් සිදු නොවේ. ඔබට මා විශ්වාස කළ නො හැකි නම් ගාමිණි වියන්ගොඩ ශූරීන්ගෙන් විමසා බලනු මැනවි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගත් අවස්ථාවේ අප මෙන් ම ඊට එරෙහි වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අද ඊට එරෙහි නොවන්නේ එහෙයිනි. ශිෂ්‍යයින්ට පහර දීම මෙන් ම ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම ද සිදු වූයේ මහ දවල් නිසා ඒ ගැන ඔහු කිසිවක් කිය යුතු ද නැත. මහින්ද රාජපක්ෂ සමයේ නම් සියලු පහරදීම් කළේ රාත්‍රීයේ ය. ආචාර්ය නිර්මාල් ලා ඊට එරෙහිව සටන් කළේ එහෙයිනි.

මේ අනුව කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගත්තේ බරපතළ වරදක් නිසා බව පැහැදිලි ය. ඒ මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස විය යුතු ය. ආණ්ඩුව කරන වැරදිවලට එරෙහි වන අතර හොඳ දේට පක්ෂ වීම රට වැසියාගේ යුතුකම ය. එහෙයින් කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගෙන මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ රනිල්-මෛත්‍රී ආණ්ඩුවට අපගේ ප්‍රණාමය පුද කරමු.

November 5, 2015 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !