Tuesday, January 5, 2016

සොළොස්මස්ථාන වන්දනා ගාථාව මොඩිෆයි කරමු!

පටු ජාතිවාදි හිපාටුවෝ කියන කියන විදිහට පාලකයෝ නැමෙන්න ඕන නෑ. උතුරේ අනිත් සිංහල නම් ටික අසිංහල කළා වගේ අන්තිම නමත් අසිංහල කිරීමට ඉඩ ලබා දෙමු. එවිට උතුරේ දෙමළ ජනතාවට ඇති විශාලත ම ප්‍රශ්න නිරාකරණය වී ජනතාව අතර සාමය වැඩි වර්ධනය වී සියලු වාර්ගික බෙදීම් ඉවත්ව ඒකීය රට තුළ සියලු දෙනා දැහැමෙන් සෙමෙන් ජීවත් වනු ඇත. දෙමළ නායකයින් මේ සියල්ල කරනුයේ මේ රටේ සාමයෙන් ජීවත් වීම සඳහා බව ඕනෑ ම ගොනෙකුට තේරුම්ගත හැකි ය.

තව ද උතුරට සිංහල නැතුවාට කම් නැත. දකුණට දෙමළ අනීවාර්ය කරමු. සියලු විභාග, පත්වීම් සහ උසස්වීම් සඳහා දෙමළ අනීවාර්ය කරමු. රාජ්‍ය ආයතන, පොදු ස්ථානවල දෙමළ දැන්වීම් අනීවාර්ය කරමු. ජාතික සමගිය, සංහිඳියාව වෙනුවෙන් එක්සිත් ව එක්සත් සුදුවතින් පෙළ ගැසෙමු.

ළිං මැඬි සිංහල බෞද්ධයින්ට පටු ජාතීවාදි සීමාවල සිරනොවී හවසට බුදුන් වඳින විට ද පන්සලට ගිය විට ද
"මයියංගණං නයිනතිව්නං
කල්‍යානං පද ලාංඡනං" 
යැයි සොළොස්මස්ථාන වන්දනාවට හුරු කරවමු.
උදේ හවස මෙලෙස ගාථාව මොඩිෆයි කර ජාතික ගුවන් විදුලියේ ද ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සිරස රූපවාහිනියේ දී ප්‍රචාරය කිරීමෙන් ක්ෂණික ප්‍රතිඵල ලබා ගත හැකි ය. මොඩිෆයි සොළොස්මස්ථාන ගාථාව ගැසට් කර, පරණ ගාථාව තහනම් කර, එය භාවිත කිරීම තහනම් කළ යුතු ය. කිසිවෙකු සිය නිවසේ හෝ පැරණි ගාථාව කියා අසුවුවහොත් නීතිය ඉදිරියට ගෙනැවිත් වාර්ගවාදී ප්‍රකාශ නිකුත් කිරීම යටතේ නඩු පවරා උපරිම දඬුවම් ලබා දිය යුතු ය.
November 12, 2015 · 

1 comment:

ඩබ්.කේ said...

අප්පට සිරි...ඔය තියෙන්නෙ වෙඩි වගේ

 
සිය රට දේ සිරි සැප දේ !