දෙවසරක්…
සොඳුර……
මතකයි ද එකෝමත් එක දවසක
බයෙන් බයෙන් අපි ගොඩ වුණා වලාකුලකට
සොඳුර නුඹ කීවේම කලු වලාකුල
අපිව විසි කරාවි යැයි කහල ගොඩකට
ඒත් සොඳුර……
ත්රාසජනක ගමනක කෙලවර
නිරුවත් දෙතොලින් වෙලෙමින් අප
සමරනා මේ ජයග්රහණයේ සතුට
ලබන්නේ කෙලෙසක ද
එඩිතර නොවන්නට සොඳුර නුඹ
ගොඩවන්නට කලු වලාකුලට
ඉතිං සොඳුර……
නුඹ එදා නොසිතූ ලෙසට කලු වලාකුල
සුන්දර කදු හෙල් තැනි තලා උඩින්
කොල පෑ විල්ලුද පලස් මෙන් දිස් වුණ
සිත්කලු වනපෙත් උඩින්
සීත සුළං මැදින්
තුරුල් වී උන් අප සමඟ ඇදී ගිය හැටි
දෙවසරක් පුරාවට
එන්න සොඳුර……
පටලාගමු දෑත
තුරුලු වෙමු ලය අසල
සුපුරුදු ලෙසට
ගොඩ වෙමු කලු වලාකුලකට
අරඹමු ත්රාසජනක ගමන්
නන්නාදුනනා ගමනාන්තයකට
එඩිතරව
මේ දිවිය පුරාවට
1 Notes/ Hide
- revolverthemes liked this
- sudupoosa posted this