Tuesday, December 8, 2015

374. The Story Of My Marriage - 17 - A punjabi girl Who can dance & In addition bring 3 petrol stations.

ලෙහෙන්ගාවකින් සැරසී නර්තනයක යෙදෙන යුවතියක්.

"අනේ අම්මෙ මම හිතල කරපු දෙයක් නෙවෙයි..මට සමාවෙන්න…" මම වහා ඇය වෙත යමින් ආයාචනා කලෙමි. 

"ඒකට කමක් නෑ..ඒකට කමක් නෑ..මාව මරන්නකො..මාව මරන්නකො..අර කොහෙවත් ඉන්න කෙල්ලක් හින්ද ඔයා මාව මරනවනම් මට ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මාව මරන්න.මාව මරන්න….." ඇය අවසිහියෙන් මෙන් නොනවත්වා කියවන්නට වූවාය.

"අනේ අම්මෙ මේ...පොඩි ළමයෙක් වගෙ කෑගහන්නෙ නැතුව ඉන්නකො. මම එක පාරක් කිව්වනෙ ඒක මම හිතල කරපු දෙයක් නෙවෙයි කියල."

මම බලහත්කාරයෙන් මෙන් ඇගේ සුරත ගෙන රුධිර වහනය අඩුවනු පිණිස ඇගේ තුවාල වුනු ඇඟිල්ල ඉහළට එසවූයෙමි. ඇඟිල්ල ඔස්සේ පහළට ගලාගිය රුධිරය බිඳු කීපයක්  මේසය මත වූ සිටි බැංකුව විසින් සම්පූර්ණ කරනු පිණිස මවෙත එවූ විස්තර පත්‍රිකාව මත පතිත විය. දෙතොල් තරකොට පියා මුහුණ පහතට හරවාගෙන හුන් මවගේ දෑසින් ගිලිහිණු කඳුළු බිඳුවක් ඒ රුධිර බිඳුව මතට පතිතව ව්ස්තර පත්‍රිකාව මත බොඳවිය.

මේ ඇය කිරිකොට මට පෙවූ රුධිරය නොවේද? එම සිතුවිල්ල මසිතට නැඟෙනු හා සමඟම මා දෙනෙත්ද බොඳවීගියේය.

"සිටි බැංකුවට  ලියල යවනව මම කැමති දිල්ලියට කියල" මම තොල මතුරාගතිමි. 

"මොකක්ද කිව්වෙ?" මව හිස ඔසවා මදෙසබැලුවාය. 

"නෑ..නෑ..මොකවත් නෑ,,කොහෙද අර තුවාල ප්ලාස්ටර් තියෙන්නෙ?" 

"අර අතන සයිඩ් බෝඩ් එකේ මැද ලාච්චුවෙ ඇති." මව හිසින් සන්කරමින් පැවසුවාය. 

"හරි ඔහොම ඉන්න අත උඩට අල්ලගෙන……" 

ඇගේ ඇඟිල්ලේ වූ කැපුම් තුවාලය පිරිසිදු කොට මම ඒ මත ප්ලාස්ටර් කැබැල්ලක් ඇලවීමි. 

"හරි එන්නකො අම්ම ගිහිල්ල සාලෙ සෝපාවෙ ඇලවෙලා ඉන්න. මම බණ්ඩක්කා ටික හදන්නං. අම්ම හැදුවෙ උයන්නද? බදින්නද?"

"මම ලෑස්ති උනේ නම් යන්තමට තෙල් දාල අරගෙන කිරි දාල උයන්න. ඔයාට පුලුවන්ද? "

"ආ,මොකෝ මට බැරි? අම්ම මට වැඩේ බාර දෙන්නකො."

සාලයේ වූ සෝපාව කරා මව කැඳවාගෙන ගොස් එහි ඇය හිඳවූ පසු මම රූපවාහිනිය ක්‍රියාත්මක කොට දිවාකාලයෙහි අතොරක් නොමැතිව ප්‍රචාරයවන අවර ගණයේ රූපවාහිනී නාටක දහයකට අධික සංඛ්‍යාවක් දුරස්ථ පාලකයේ ආධාරයෙන් එකිනෙක වහා මාරුකරමින් සුදුසු නාටකයක් සෙව්වෙමි. රූපවාහිනී තිරයේ දිස්වන නාටකය තම මවට අකීකරුවන පුතකුගේ චරිතය රැගත් නාටකයක් නොවීමට මම උදක්ම වගබලාගත්තෙමි. මගේ භාග්‍යයකට මෙන් තම මවගේ පාමුල හිඳ ඇයට නිති ඇප උපස්ථාන කරනා පුතකුගේ චරිතයක් අඩංගු නාටකයක් ඒ මොහොතේ ප්‍රචාරය වෙමින් තිබිණි.

"අපූරු කතාව නේද අම්මෙ?" මම මව දෙස ඇස් කොණින් බැල්මක් හෙලමින් පිළිවිසියෙමි. 

"ඔහොම පුත්තු කොහෙද ඉන්නෙ? විකාර" මගේ මව වහා පැවසූයේ මදෙස යන්තමට බලා යලි ඉවත බලාගනිමිනි. 

"හ්ම්ම්ම්..හරි හරි එහෙම පුත්තු හිටිය හරි නැතුවා හරි අම්ම ඔහොම ඔතනට වෙලා විවේක ගන්නකො. මම බණ්ඩක්කා ඉවිල්ලෙ වැඩේ කරන්නං"

"කොහෙද මිරිස්, කහ, ගම්මිරිස් එහෙම තියෙන්නෙ?" 

"අර ජනේලෙ ගාව කබඩ් එකේ දෙවෙනි තට්ටුවෙ…" මව සාලයේ සිටම හඬ ගෑවාය. 

සිහින්ව ලියූ බණ්ඩක්කා කැබලි ඇතිලියට දමා එයට වතුර ස්වල්පයක් සහ තුනපහ දමා ගෑස් ලිප මෙලවූ මම මුළුතැන්ගෙයි වූ කරාමය විවෘත කොට අත් සෝදා ගතිමි.

"ඔයා දන්නවද ගෑස් ලිප පත්තු කරන්ට?" රූපවාහිනියෙන් නිකුත්වූ ගැහැණියක මහ හඬින් සිනාසෙන හඬ පරයමින් මෑණියෝ හඬ නැඟූහ. 

"හරි හරි අම්මෙ ඔච්චර හයියෙං කෑගහන්නෙ මොකටද? මගෙ කං හොඳට ඇහෙනව.අනික මම දන්නව ගෑස් ලිප පත්තු කරන්ට..අම්ම හිතාගෙන ඉන්නෙ මම පොඩි දරුවෙක් කියලද?" 

මුළුතැන්ගෙයින් සාලයට පිවිසෙන දොරටුව අසලට ගොස් මම පැවසූයේ මගේ අමනාපය ඇයට හොඳින් හැඟවෙන පරිදිය. 

අවම වශයෙන් මා දෙස හිස හරවා බැලීමට හෝ වෙහෙස නොගත් ඇය පෙර පරිදිම මහ හඬින් මා ඇමතුවාය. 

"මම දන්න පන්ජාබි ගෑණු ළමයි කීපදෙනෙක් ඉන්නව සුදුම සුදුයි. එහෙම නැත්තං මං කියන්ටද? අපි පත්තරේ මංගල යෝජනාවක් දාමු.අර වර්මා ආන්ටි මතකද පුතාට?"

ඇය එසේ ඇසූයේ මගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් නොවන බව හොඳ හැටි දත් හෙයින් මම කිසිවක් නොපවසා නිශ්ශබ්දව පසුවුණෙමි.

"වර්මා ආන්ටිගෙ පුතා ගියේ මේ කොහෙද කිසි වැදගැම්මක් නැති විශ්ව විද්‍යාලෙකට. ඒත් පත්තරේ එයාල දාපු ඇඩ් එකට උත්තර ආව පණහකට වැඩිය. ඔව්..පණහකට වැඩිය.මම හිතන්නෙ ඔයාගෙ විස්තර දැම්මොත් අපිට උත්තර එයි අඩුම ගණනෙ පන්සීයක්වත්..ඔව්ව්ව්ව්...අඩුම ගණනෙ පන්සීයක්වත්"

ඇය මුව පුරා සිනාසෙමින් හිස ඉහළට පහළට සොළවන්නට වූවාය.

"අම්මෙ මේ මම දැන් කී පාරක් නම් කිව්වද? ඔය ගෑණු ලමයි ගැන කතාකරන එක අල්ලල දාන්ටකො. මොන වදයක්ද මේ?"

මම ආපසු මුළුතැන්ගෙට ගොස් බණ්ඩක්කා මාලුව හැඳිගාන්නට වූයෙමි.

"ඇත්තම කියනවනං ක්‍රිෂ් ඔය ඇඩ් මොකවත් ඕන වෙන එකක් නෑ. මම දන්නව ඔයාට හරියටම හරියන ගෑණු ළමය කවුද කියල…" මගේ විරුද්ධත්වය නෑසුනාක් මෙන් මව යලිත් හඬනඟා කතාකලාය.

"ක්‍රිෂ් මේ...ඔයාට මතකයි නේද පම්මි ආන්ටිගෙ දුව? අර හුරුබුහුටි කෙල්ල?" 

"මට මතක නෑ." මම වහා පැවසීමි."අනික මට ඒ කවුරුවත් ගැන දැනගන්ට කිසිම ඕන කමකුත් නෑ. "

"ඉන්නකො පොඩ්ඩක් ඔහොම…………." අනතුරුව ඇසුනේ ඇය ඉක්මන් ගමනින් කොහේ හෝ දිවයන හඬයි. 

බණ්ඩක්කා මාලුව හැඳිගෑම මොහොතකට නතරකොට මම යළිත් සාලයට පිවිසෙන දොරටුව අසලට ගොස් කරපොවා බැලීමි. ඇය ඒ මොහොතේ ඇගේ නිදන කාමරයෙන් පිටතට පැමිණෙමින් සිටියාය. ඇය ළයට තුරුළුකොටගෙන සිටියේ විශාල ඇල්බමයකි.

රූපවාහිනිය දෙස නිකමට හෝ නොබැලූ ඇය ඇල්බමයද රැගෙන මුළුතැන්ගෙට ඇතුළු වූවාය.

"මොකද ළමයො මෙච්චර මේ ගින්දර? ඔහොම ඉව්වොත් එහෙම බණ්ඩක්කා නෙවෙයි කන්ට වෙන්නෙ..අනික ඇයි අර ෆෑන් එක දැම්මෙ නැත්තෙ? මේක අස්සෙ ඉන්නෙ කොහොමද මේ රස්නෙ? "

ඇය දොර අසලවූ ස්විචය තද කොට මුළුතැන්ගෙට වාතාශ්‍රය සපයන පංකාව ( Exhaust Fan ) ක්‍රියාත්මක කලාය. 

"මෙන්න මෙහාට දෙන්ට ඕක. ඔයයි මායි උයන බණ්ඩක්කා..හිහ්…"මගේ අතෙහිවූ හැන්ද උදුරාගත් ඈ ලිපෙහි ගිනි දැල්ල අඩුකොට බණ්ඩක්කා මාලුව හැඳිගාන්නට වූවාය.

"ඔන්න ඔය ඇල්බම් එක අරගෙන බලන්න ක්‍රිෂ්...අර බරාත් එකේ යද්දි අශ්වයා ගාවම නටන ගෑණු ළමය බලන්නකො. ඔන්න රෝස පාට ලෙහෙන්ගා එකක් එයා ඇඳල ඉන්නෙ. " 

(බරාත් යනු උතුරු ඉන්දියාවේ විවාහපත් වීම උදෙසා මනාලියගේ නිවසට මනාලයා උත්සවශ්‍රීයෙන් කැඳවාගෙන යන පෙරහැරයි. අලංකාර ලෙස සරසන ලද අසෙකු පිට නැඟී යන මනාලයාගේ ඥාති හිත මිත්‍රාදීහු මෙහිදී නොයෙක් නර්තනයන්හි යෙදෙති. ලෙහෙන්ගා යනු බොහෝවිට විවාහ මංගල්‍යයන්හිදී සහ වෙනත් උත්සව අවස්ථාවන්හිදී යුවතියන් හඳිනා එම්බ්‍රොයිඩරි වැඩ දැමූ දිගු සායකින් සහ හැට්ටයක්වන් උඩුකය වැස්මකින් සමන්විත ඇඳුමකි.)

"අම්මෙ…. මට ඔය මොකවත් බලන්න ඕන නෑ මම කිව්වනෙ…"

"ක්‍රිෂ් මේ……….." ඇය බණ්ඩක්කා මාලුව හැඳි ගෑම නවත්වා මදෙසට හැරුනාය.

ඉනික්බිති ඇය කථාකලේ හැන්ද මදෙසට දිගුකොට තර්ජනාත්මකවය. "මේ පුතා..ඉඳහිටලවත් මම කියන එකත් අහනවද? දැන් ඔයා කියපු හින්දම මම ගියේ නැද්ද ජයලලිතගෙ අම්මයි තාත්තයි හම්බ වෙන්ට? "

"කවුරු කිව්ව?"

"හරි හරි ඒක ඕන නෑ ඔය ඇල්බම් එක බලන්නකො හොඳ ළමය වගෙ" 

මවගෙන් කිසිදු අයුරකින් ගැලවීමක් නොමැතිබව හොඳහැටි දත්හෙයින් ඒ අසල වූ පුටුවක අසුන්ගත් මම ඇල්බමය විවෘත කොට පිටුවෙන් පිටුව නරඹන්නට වූයෙමි. මුල් පිටු කීපයෙහිම වූයේ මනාල යුවළගේ ඡායාරූපයන්ය.මම ඔවුන් හඳුනාගතිමි.ඒ මගේ ඥාති සහෝදරයකු වූ දීපු සහ ඔහුගේ බිරිඳ දින්කි ගේ විවාහ මංගල්‍යයයි.කුමන හෝ හේතුවක් කරණ කොටගෙන මට ඒ විවාහ මංගල්‍යයට සහභාගීවීමට නොහැකිවිය.

තවත් පිටු කිහිපයකින් අනතුරුව මගේ මෑණියන් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුවූ අශ්වයා අසල නර්තනයෙහි යෙදෙන යුවතියගේ ඡායාරූපය විය. 

"ඔන්න.. ඔන්න.. ඕක.. ඕක.." ඇය යුහුසුළුව කෑගැසූයේ බණ්ඩක්කා මාලුවෙන් ඉවතට ගත් හැන්ද එහා මෙහා වනමිනි.

"හරි හරි අම්මා..මට පේනව..මට පේනව…" හැන්දෙන් විසිවූ  හොදි බිඳු කිහිපයක් මේසය මත පතිත වද්දී මම නොඉවසිල්ලෙන් පැවසීමි. " දැං ඔය හැන්ද ඔහොම වනන්ට ගිහිල්ල ඔයා හොදි විසිකරනව මේ ඇල්බම් එකට හිටං"

අදාල ඡායාරූපයෙහි වූයේ මනාලයා රැගත් අශ්වයා අසල නර්තනයෙහි යෙදෙනා යුවතියකි. ඇය ඔසවාගත් දෑතෙහි දබරැඟිලි ඉහළට යොමුකොටගත් වනම පයෙහි ඇඟිලි වලින් ඉස්සී යම් නර්තන ඉරියව්වක යෙදෙමින් හුන්නාය.අවුල්ව ලිහුනු කෙස් කළඹ හේතුකොටගෙන ඇගේ මුහුණ ආවරණය වී තිබිණි.

"මොකද කියන්නෙ? හිහ්..කෙල්ල හරිම ලස්සනයි නේද?" මගේ මෑණියන් එසේ විමසූයේ මා දෙස බලා ඉඟි මරමිනි. බණ්ඩක්කා මාලුව හැඳි ගාමින්ම ඇය අනෙක් ගෑස් ලිප දල්වා ඒ මත රොටි තැටිය තැබුවාය.

"ලස්සනද කියල කොහෙ කියන්ටද? ඒ ළමයගෙ මූණ පේන්නෙත් නැති කොට.."

"හරි හරි ඉන්නකො අපි යමු ඒ ළමය බලන්ට…. එතකොට බැරිය හොඳටම බලා ගන්ට..මේ ක්‍රිෂ් බණ්ඩක්කා එක ටිකක් හැඳිගාන්ට. දැන්නම් මයෙ හිතේ ඇතිත් වෙයි. එතකල් මම රොටි හදන්නං"

"අම්මෙ කී පාරක් කියන්ටද? ඇයි අම්ම මම කියන දේ අහන්නෙ නැත්තෙ? මට කවුරුවත්ම බලන්ට යන්ට ඕන නෑ..ඕන නෑ..ඕන නෑ."

"එක පාරක් යමු පුතේ මගෙ හොඳ පුතානෙ.."

"හරි ඔච්චරම මට බල කරන්ට මොකක්ද මේ ළමයගෙ තියෙන විශේෂෙ? "

"එයාලට පෙට්‍රල් ස්ටේෂන් හයක් තියනව. "

"මොකක්?.........." මම සවන් අදහා ගත නොහැකිව විමසූයෙමි."මොනව හයක් තියනව කියලද කිව්වෙ? මොනව හයක්?"

"පෙට්රල් ස්ටේෂන්..පෙට්රල් ස්ටේෂන්..ඇත්තම කිව්වොත් ඒ ළමයගෙ තාත්තට තියෙන්නෙ.ඔය මම කියන ගෑණු ළමයයි එයාගෙ නංගියි විතරයි ඒ පවුලෙ ඉන්නෙ. ඉතිං අනිවාර්යයෙන් ඒ ළමය බඳින මනමාලයට පෙට්රල් ස්ටේෂන් තුනක් හම්බවෙනවා හම්බවෙනවාමයි." 

"අම්මට නම් මොනව වෙලාද මන් දන්නෙ නෑ..පෙට්රල් ස්ටේෂන් තුනක්..හෙහ්…"

කඩමාලුවූ කොටකළිසමක් සහ පරණ ටී ෂර්ටයක් හැඳ පෙට්රල් ස්ටේෂන් එකින් එකට දුවමින් කඩිමුඩියේ වාහන වලට පෙට්රල් ගසන ක්‍රිෂ් මල්හෝත්‍රා මගේ සිතට නැඟුනේ සිනහවක්ද දෙතොලට ගෙනෙමිනි. 

"හිහ්..මම දැනගෙන හිටිය කොච්චර බෑ බෑ කිව්වත් අන්තිමට ඔයා කැමතිවෙනව කියල. " මගේ සිනහව දුටු මව මහත් ප්‍රීතියෙන් පැවසුවාය.

"පිස්සුද අම්මෙ? මම හිනාවුනේ ඒකට නෙවෙයි...මේ ඔය ළමය අඩුගානෙ ඉගෙන ගෙනවත් තියනවද?"


"ඔව්..ඔව්..ඒ දරුවා ඔය මොකක්ද බොහොම වැදගත් මොනවද මන්ද කරනව. මේ කාලෙ ඉගෙන ගන්නව කියන එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයිනෙ. සල්ලි තමයි යහමිං තියෙන්ට ඕන.උපාධියක් ගත්තෑකි තැපෑලෙං ඉගෙන ගෙන වුනත්.."

"ආ..ඒ කියන්නෙ අම්ම ඔය කියන ළමයා විශ්ව විද්‍යාලයක් පළාතෙවත් ගිහිල්ල නෑ.."

"ඒක තමයි ළමයො මම කිව්වෙ. උපාධියක් ගන්න එක එයාලට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ ළමයගෙ තාත්තට සල්ලි තියාගන්ට තැනක් නැතුව ඉන්නෙ ඔන්න කොටින්ම කිව්වොත්.."

මගේ මව පැවසූයේ හඬනඟා සිනාසෙමිනි.

63 comments:

  1. " දැං ඔය හැන්ද ඔහොම වනන්ට ගිහිල්ල ඔයා හොදි විසිකරනව මේ ඇල්බම් එකට හිටං"

    රවී ස්තූතියි !!

    ReplyDelete
  2. අපොයි පෙට්‍රල් ස්ටේෂන් ගෑනු ළමයෙක් කියන්නේ තෙල් මිල පහල යන වෙලාවට වලි ඉඅහල යන වෙලාවට ජොලි ..........

    ReplyDelete
    Replies
    1. අජිත කේසකම්බල,

      හෙහ්, තෙල් මිල ඉහල පහල යාම අනුව ජොලියද සමානුපාතිකව ඉහල පහල යනු ලැබේ...:)

      Delete
  3. බණ්ඩක්කා බටු උනේ වරකා වැල වෙන පිලිවෙලටමද?

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      ස්තූතියි, ස්තූතියි..බොහොමත්ම ස්තූතියි..සියලු බටු බණ්ඩක්කා කළෙමි. මේ බට්ටක් කොහොම ආවද මන්ද මගෙ ඔලුවට.. :)

      Delete
    2. රොටී කන්න බණ්ඩක්ක වෙනුවට බටු වෑන්ජනයක් තිබ්බනම් මරු.. අපරාදේ.. බණ්ඩක්ක ඔක්කොම බටු කරන්නයි තිබ්බේ.. :(

      Delete
  4. කොච්චර වාසනාවක්ද? පැස්ටෝල් සෙඩ් තුනක් කියන්නේ, කැමති වාහනේකට පොම්පෙ ඔබලා තෙල් ගහන්ඩ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ශ්‍රංගයො, උඹ තමයි දවසකටවත් මිනිහ යකෝ..

      Delete
    2. හැක්... අන්න කොමෙන්ට්.

      Delete
    3. ඒ වුනාට සුරන්ගයා ගේ පොම්පේ කාර්මික සංවර්ධන මණ්ඩලේ මෝලකට අහුවෙලා චප්ප වෙලා තියෙන්නේ

      Delete
    4. සුරංග,

      එහෙම ඒ වැඩේ හෙණ ජොලියක්ය කියල හිතුවට මෙහෙම දේකුත් තියනව. එකක් කැමති වාහනවලට විතරක් තෙල් ගහන්ට බෑ. එන ඔක්කෝටම තෙල් ගහන්ට වෙනව. අනික් එක ඔහොම නිතර තෙල් ගහන්ට ගියාම තෙල් ගැහිල්ලත් එපා වෙනව.

      Delete
    5. එතකොට තෙල් නොගහ වෙන සර්විස් කරනවනෙ රවි

      Delete
    6. //එතකොට තෙල් නොගහ වෙන සර්විස් කරනවනෙ රවි//
      ආ..ඔව් පොම්පෙ ගාවට ගිහින් හුලං ගහනව.

      Delete
    7. //එතකොට තෙල් නොගහ වෙන සර්විස් කරනවනෙ රවි//
      ආ..ඔව් පොම්පෙ ගාවට ගිහින් හුලං ගහනව.

      Delete
  5. කොල්ලාගේ හිත පොඩ්ඩක් හෙලවුනා..
    “ඒ ළමය බඳින මනමාලයට පෙට්රල් ස්ටේෂන් තුනක් හම්බවෙනවා හම්බවෙනවාමයි“ කිව්වාම

    ReplyDelete
    Replies
    1. ඒබ්රහම් මෙන්ඩා,

      ආය මොනවද? පෙට් රල් ෂෙඩ් එකක්ය කියන්නෙ සුරභිදෙන වගේය කියලයි ඔය ඒ ගැන දන්න අය කියන්නෙ...

      Delete
  6. කියවලා හිටං කල්පනාකරේ, ඉන්දියාවටත් ගිහිල්ලානේ හිටං :)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      හෙහ්..ඉන්දියාවටත් ගියා නේන්නම්...:)

      Delete
    2. බයියෙකුත් රිංගුවා එහෙනං රවිය‍ගෙ බොගට ! අයියෝ මෙච්චර දවසක් ලස්සනට තිබුනා. හිටං කාරයෙක් ඇවිල්ලා කෙලින්නයි යන්නෙ කොමෙන්ටු ටිකටත්.

      Delete
  7. කතාව ලස්සනයි . //මුමන හෝ හේතුවක් කරන කොටගෙන මට ඒ විවාහ මංගල්‍යයට සහභාගීවීමට නොහැකිවිය.// මෙතන අකුරක් එහෙමෙහෙ වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ස්තූතියි, නිවරද කළෙමි...:)

      Delete
  8. මේ අම්මගෙයි පුතාගෙයි රණ්ඩු මාර ජොලිනෙ අනේ. හිතේ මැවෙනවා අකුරක් නෑර. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      මෙව්ව මොනවද අනේ ? මේකෙ තව ඉස්සරහට තමයි අම්මගෙයි පුතාගෙයි ජොලි වලි තියෙන්නෙ...;)

      Be prepared Madam. Sons usually start getting on their Mum's nerves around the age of Six or Seven. Currently I am enjoying a ring side view of such altercations courtesy of My Friend's wife and their six years old son ( I am sharing an apartment with them ) More about that later...Heh,heh,

      Delete
  9. /ඒ ළමයගෙ තාත්තට සල්ලි තියාගන්ට තැනක් නැතුව ඉන්නෙ ඔන්න කොටින්ම කිව්වොත්.."/

    අපේ නැන්දෙක් කිව්ව ඔය වගේ කතාවක්. එයාගෙ බැංකුවෙ තියෙනවලු සල්ලි. ගන්ඩ විදිහක් නෑලු අනිත් උදවිය දාපු සල්ලි ඊට උඩිං වැටිලලු...

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණේ මුවන් පැලැස්සේ කෝරලේ මහත්තයාටත් තිබුණා. එයා බැංකුවට සල්ලි දැම්මම සුද්දෙක් ඊට උඩින් සල්ලි දාල.
      යූ ගෙ කුකුල් කොටුවට රොබර්ස් ජම්ප්ඩ්? මතක අයට මතක ඇති.

      Delete
    2. ඩ්‍රැකී,

      උඹ ඒ ගොල්ලන්ගෙන් දෑවැද්දට දෙන්ට පොරොන්දු වෙච්චි සල්ලි ඉල්ලුවම එහෙමද නැන්දම්ම උඹට කිව්වෙ?

      කණට දෙකක් දීල ඩ්‍රැකියානිව එළවල දාපං ගෙදරිං..පොරොන්දු වෙච්ච දෑවැද්ද සතයක්වත් අඩුනැතුව අරගෙන මිසක ආය මේ හතර මායිමේ පස් පාගන්ට එපාය කියලත් කියාපං...:)

      Delete
    3. මට ඕක තේරෙන්නෙම නැති තර්ජනයක්. හතර මායිමේ පස්පාගන්න එපා කිව්වම මායිම ඇතුලේ පස් පෑගුවට කමක් නැත්ද? ඒ කියන්නේ කාර් එකකින් , බයිසිකලේකින් වත්ත ඇතුලට ආවට කමක් නැත්ද? එහෙම නැත්නම් පස් නොපෑගෙන්න බූට්ස් දගෙන ආවට කමක් නැත්ද?

      Delete
    4. අපේ සීය කියනවා ඔය කතාවම ඉස්සර.. උන්දැ කියන්නෙ එයාගේ සල්ලි ඔලට උඩින් සුද්දෙක් දාපු සල්ලි වලට යටවෙලාලු...

      Delete
    5. කුලියාපිටියෙන් පොල් අක්කර දෙකක් දෙනවා කිව්ව ගමන් පටස් ගාලා කැමති වුනා..කුලියාපිටියෙන් බැහැලා බත් එකක් ඔතාගෙන තව බස් දෙකක යන්න ඔනේ..කුලියාපිටියේ ඩොටේ..පොල් වතුවල ගෙම්බෝ කෑ ගහනවා. අක්කරෙ 10000කටවත් විකුනන්න බෑ.

      Delete
    6. අර්ධයෝ, (පරිවර්තනය සඳහා සුරංගගේ යාංහෑල්ල බලන්න)
      මං කිව්වෙ නැන්ද බොලං, නැන්දම්ම නෙමෙයි. අපේ තාත්තගෙ නංගි...

      Delete
  10. /" දැං ඔය හැන්ද ඔහොම වනන්ට ගිහිල්ල ඔයා හොදි විසිකරනව මේ ඇල්බම් එකට හිටං"/

    මෙන්න සිසිර කුමාර මාණික්ක ආරච්චි ගෙ කෑල්ලක් කොපි කරලා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      මරු පොර නේද? " සීනිකරිඤ්ඤං අලහොදි අප්පුහාමිලාගේ ඉස්පුට්නික් මනෝසීල "

      Delete
    2. අන්න ප්‍රතිභාව සහිත ලේඛකයො... ඈ...?

      Delete
  11. ක්‍රිෂ් ගෙ අම්ම මොකට බණ්ඩක්කම උයන්ඩ ගත්තද මන්ද? බණ්ඩක්ක මට දැන් කාල එපාවෙලා,අශෝක ගහක් යට බැදපු කුකුල් මස් කෑල්ලක් එක්ක ඩී ඩී පොඩ්ඩක් බොනඩ තමයි ආස.

    ReplyDelete
    Replies
    1. අසෝකා, කුකළ්මස් කියන්නෙ ගින්දරයි පුළුනුයි වගේ තමයි.

      Delete
    2. කොස් සහ මස් එකට යන්නෙ නෑනෙ

      Delete
    3. //කොස් සහ මස් එකට යන්නෙ නෑනෙ// කෝ ...කෝ කොහෙද කොස් තියෙන්නෙ ? කිරිකොස් ටිකක් හදන්න.
      කොස් ටිකකට මස් හොදි ටිකක් දාල, පොල් ටිකක් දාල රතු ළූණු ටිකක් එක්ක කාරල්ලො බැදල, බිවුවට පස්සෙ කන්න තියනවනම්. මේ බණ්ඩක්කයි රොටියි වගේද ?

      Delete
    4. කොස් කපන කෙල්ල නැතිවුනේ මස් කෑදරේකින් කියන එකයි කිව්වෙ රවි තුමා

      Delete
    5. කම්මල, ප්‍රසන්න සහ ඉයන්,

      අසෝකා නම් වූ ඒ සොඳුරු යුවතිය ඔබගේ මතකයන්හිද නොමැකී පවත්වාගැන්ම පිළිබඳව මගේ සාතිශය ගෞරවාදරය ඔබවෙත පිරිනමන අතර ඇය පිළිබඳව මගේ මතක සටහන් පෙළගැස්ම නොපමාව සමාප්ත කරන බවටද සපථ කරමි.

      Delete
  12. පංජාබ් කෙල්ලෝ සුදු උනාට............. එක්කොත් ඕන නෑ බන්

    ReplyDelete
    Replies
    1. මැලේ,

      පන්ජාබ් කෙල්ලො සුදු උනාට උං කණ හරහා දුන්නම කණ නං වෙන්නෙ රතු...නොකියපු හරිය එහෙම නේද?

      Delete
  13. ක්‍රිෂ් හදන්නෙ ඔය බණ්ඩක්ක ඇතිලියෙන් කන්න තමයි.

    ReplyDelete
    Replies
    1. ෂෙඩ් ගැන කියනවනං ඉතිං ක්‍රිෂ් කාරය ඒ කෙල්ල බැඳගත්තනං සියදිවි නසාගන්න ඕන තරං බඩු ළඟපාතකම තියෙනව කිව්වහැකි.

      Delete
    2. ප්‍රසන්න,

      අම්ම ගහයි බණ්ඩක්ක ඇතිලියෙං කිව්වලු.

      Delete
  14. අර ඉන්දියානු ඇඳුමට කියන නම දැනගත්තේ අයි. බොහොම ස්තුතියි.

    මේ කතාවේ එන සිදුවීම් වලදී ඉන්දියානු කියා වෙනසක් නැහැ පොදුවේ පෙරදිග අපේ හැසිරීම් රටාව පෙන්නනවා නේද?

    ඒ කාලේ අපේ සිත් තදින් බැඳගත්, 'රාජාකි ආයේගී බරාත්' ගී පදය මතක් වුණා.

    https://www.youtube.com/watch?v=TLFAAYUHML4

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ඒක ඇත්ත විචා ඉන්දියාව ලංකාව කියල වැඩිවෙනසක් නෑ පුත්තු බඳින්ට ගියාම අම්මල ඔහොම තමයි. විශේෂයෙන්ම වන් ඇන්ඩ් ඔන්ලි සන් වුනාම. ස්පීකිං ෆ්‍රොම් පර්සනල් එක්ස්පීරියන්ස් මයි ඩියර් පර්සනල් එක්ස්පීරියන්ස්....:)

      Delete
  15. මෙච්චරටම අම්මව සවුත්තු කරලා තියන එක නම් හරි නෑ අප්පා . බණ්ඩක්කායි රොටියි හරියට අම්මයි පුතයි වගේ.

    ReplyDelete
    Replies
    1. මෙතූ,
      හෙහ් අම්මව සවුත්තු කරල වැඩියි වගෙ කියල හිතෙනවද? මට නම් එහෙම හිතෙන්නෙ නෑ. අම්මල ඔහොම තමයි.දුවලට වඩා පුත්තුන්ට ආදරෙයි....හෙහ්,හෙහ්,

      Delete
  16. ඔච්චරම කියන එකේ ගිහින් බලන්නමයි තියෙන්නේ. හා නැද්ද? ඔය තියාගන්න ඉඩ නැති සල්ලි එහෙම ගේ පුරාම තියෙන්න බැරි නැහැනේ.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඒකනෙ බං මේ යකා යන්නෙම නෑනෙ...:)

      Delete
  17. සයිඩ් බෝර්ඩ්= අල්මාරිය/ කබඩ් එක.. එතකොට රවී අයියා මන් අහල තියෙනවා ෆ්‍රිජ් එකට ඉස්සර සයිබෝට්ටුව කියනවා කියල.. එකත් එහෙම කැඩිච්ච වචනයක්ද?

    ඒ පෙට්‍රල් ෂෙඩ් තුන අයිති ළමයට පස්සේ මඟුලක් හරි ගියාද දන්නේ නෑ නේද? නැත්නම්...හි හි හි..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අඩේ ෆ්‍රිජ් එකටත් එහෙම කියනවද? මම එහෙම අහල නෑ. තව තියනව වට් නොට් කියල නමෙන්ම තේරෙන විදිහට ඔය නොයෙක් පොඩි පොඩි විසිතුරු බඩු තියන තට්ටු දෙකකින් හෝ තුනකින් සැදුනු ලී ගෘහ භාණ්ඩයක්.

      Delete
  18. ඌරො කවද්ද කේක් කෑවෙ කිව්ව වගේ පැට්‍රල් ෂෙඩ් තුන අයිතිකරගන්න වාසනාව නැති හැටි.... අර උරචක්කරමාලාව බෙල්ලේ එල්ලගන්නමයි කල්පනාව...

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      කරුමෙ කියන එක ගලගාලාවත් ඉවර කරන්න බෑ කියන්නෙ ඒකනෙ බං. කරුමෙ ගෙවලම ඉවරයක් කරන්ට එපාය..ගෙවලම ...ගෙවලම...

      Delete
    2. කබ්බෝද පුබ්බෝ ඉගිල්ලෙති ඉබ්බෝ
      බස් කවදද බස්වල ගියේ
      ඉබ්බෝ කවදද ටෙලිගෑං ගැහැව්වෙ

      Delete
  19. Replies
    1. වයලීනෝ,

      ඉල්ලල බලපං ඉල්ලල බලපං...:)

      Delete
  20. ඔන්න ඔහේ බඳින්නයි තියෙන්නේ.. ෂෙඩ් තුනෙන් කැමති එකකින් තෙල් ගහගෙන දවසෙම රවුම් ගහල කැමති කැමති එව්වට තෙල් ගහල කළුවර වැටෙනකොට ගෙදර ආවැකි ...

    බණ්ඩක්ක වලට වඩා ඉන්දියාවේ රොටි කන්න හදන රසම රස ව්‍යංජන තමයි බටු සහ අල එකට දාල තෙලෙන් උයන එක. මම මේ කියන්නේ අහමදාබාද් වල. එයාල වෙජියේරියන් නිසා ගොඩක් එළවලු ජාති එකට දාල තමයි උයන්නේ.

    ReplyDelete
  21. ෂෙඩ් එකක් තියෙන කෙල්ලකේ නොගන්න එකමයි හොඳ.ඉස්සරහට ලෝකය තෙල් වෙනුවට වෙනත් බලශක්ති හොයන් යන කාලයක්නේ මේක.අනිත් එක ෂෙඩ් ගත්තා වගේ නෙමේ කෙල්ල "හෙජින්"වගේ ගිවිසුමක් ගැහුවොත් පාඩු තමයි වෙන්නේ.

    ReplyDelete
  22. " දැං ඔය හැන්ද ඔහොම වනන්ට ගිහිල්ල ඔයා හොදි විසිකරනව මේ ඇල්බම් එකට හිටං"
    :D

    ReplyDelete
  23. කළින්ම බැලුවට කමෙන්ට් එකක් කොටන්න බැරි උනා...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...