07 December 2015

උන්න හැටියට මලා මදැයි

නිහඬ අඳෝනාවේ , 
තුනී පට ඉරා 
වැස්සා , 
මුරුගසන් ගල් වරුසා 
ගිය සිකුරාදා 

උඹේ සුසුමේ වේදනාව 
සප්ත සයුර පසුකර විත් 
හීරුවා 
පපු කැනත්තත් 
ගැඹුරට 

ඒත් 
තුවාල වේලෙනවා 
කැළැල් තිබුනත් 
මූණු අමතක වෙනවා 


උපන්දා සිට විඳි  දුක් 
නිමා කරන නියා 
කබලෙන් ලිපට පැන්න 
නමක් නැත්ති 
නුඹ 
සැතපෙන් සමාදානෙන් 
දැන් 
උන්න හැටියට 
මලා මදැයි 
සිතා 

8 comments:

  1. කල් ඇතුවම ඒකිට
    මරණ දඬුවම දීලා
    ආතල් එකක් අරගෙන
    උඹත් කවියෙක් වුනා එහෙනං

    ReplyDelete
    Replies
    1. දික්වූ ඇඟිල්ලේ ඇදය නොව බලන් ඒ යොමු වී ඇති දෙස

      Delete
    2. නැගලා යන ට්‍රෙන්ඩ් එකට
      ලියා වී සයිබරේ කයියෙක්
      මාත් සංවේදී
      පොරක් යැයි පෙන්නපං ලොක්කෝ

      බුදුරැස් පුරා ලූ
      හක්ක දැකලා උඹගේ
      සාදු නඳ නගන්නට
      එයි පෙල ගැසී කස්ටිය

      Delete
    3. නැගලා යන ට්‍රෙන්ඩ් එකට ?

      බයිලා කිව්වේ අපි , ඔහේලා කිරි බොන කාලේ
      http://pinchpoints.blogspot.hk/2008/12/you-cant-beat-moonlight.html

      Delete
  2. ඔබට කෙසේ හෝ ජීවිත දානය ලැබේවා. ඒ වාසනාව නොලැබුණොත් මිනිසුන් ගැන හිතනා මිනිසුන් ඇති සමාජයක නැවත හමුවෙමු සහෝදරී.

    ReplyDelete
  3. ශාපලත් දේශයක
    මරණිය වැරැද්ද..
    ඉකිගසා තෙමයි..
    ගිනිගහන රතු වැල්ල..

    ReplyDelete

Have commented