SHARE

Microsoft සමාගම Volvo සමාගම හා එක්ව රියදුරු නොමැති(driverless) මෝටර් රථ තාක්ෂණයක් හඳුන්වා දීමට සුදානම් වෙනවා. ඒ වාගේම Microsoft HoloLens උපාංගයත් මෝටර් රථ මිලදී ගන්නා අයගේ පහසුව උදෙසා අලෙවිකරණ කටයුතු සඳහා යොදාගනු ඇති. මේ පිළිබඳව හෙළි කරමින් HoloLens ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, Scott Erickson පවසා තිබුනේ ඔවුන් Volvo cars සමාගම සමඟ එක්ව නව නිර්මාණ බිහි කිරීමට සුදානමින් සිටින බවයි. මේ වන විට මෝටර් රථ වෙළඳපොළෙහි ස්වයංපාලක මෝටර් රථ සඳහා යම් කිසි ආකාරයක තරගයක් ඇති වෙමින් පවතිනවා. මන්දයත් Ford, Audi සහ Tesla වැනි මෝටර් රථ නිෂ්පාදන ආශ්‍රිත සමාගම් වලට අමතරව Google සහ Apple සමාගම් මෙලෙස ස්වයංපාලක මෝටර් රථ නිෂ්පාදනය සඳහා යොමු වී ඇති නිසයි.

Microsoft සමාගමේ සහය ඇතිව 2017 වසරේදී ස්වයංපාලක මෝටර් රථ 100 ක් ස්වීඩනයෙදී නිකුත් කිරීමට Volvo සමාගම සැලසුම් කර තිබෙනවා. Volvo සමාගමට අනුව මෝටර් රථ විකිණීමේදී පාරිභෝගිකයන්ට විවිධ වර්ණ සහ අංග වඩාත් ආකර්ශණිය ලෙස පෙන්වීමට මෙලෙස HoloLens උපාංග යොදා ගනු ඇති. තවද augmented-reality තාක්ෂණය යොදා ගෙන මෝටර් රථයේ ආරක්ෂක උපක්‍රමද පාරිභෝගිකයන්ට අත් විදීමට ලබා දෙන බවයි පැවසෙන්නේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY