Microsoft සමාගම සිය චිකාගෝ දත්ත මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් සුලං මගින් බල ගන්වයි

Microsoft සමාගම සිය චිකාගෝ දත්ත මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් සුලං මගින් බල ගන්වයි

2961
0
SHARE

2014 වසරේදී Microsoft සමාගම මෙගාවොට් 175ක ධාරිතාවකින් යුත් සුලං බල පද්ධතියක්, තම චිකාගෝ දත්ත මධ්‍යස්ථානය බලගැන්වීමේ අරමුණින් චිකාගෝ නගරයට පිටතින් මිලදී ගන්නා ලදී. වසරකට පසු Pilot Hill සුලං ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක අතර එමගින් චිකාගෝ දත්ත මධ්‍යස්ථානය වසර 20ක් වත් බලගැන්වීමට නියමිතයි. තවද එමනිසා වසරකදී දල වශයෙන් මෙට්‍රික්ටොන් 328000ක පමණ හරිත වායු දහනයෙන් ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.

Microsoft සමාගමේ මෙම වෙනස්විම පසුපස ඇති අරමුණ පිළිබඳ අදහස් දක්වමින් එහි පරිසරය පිළිබඳ උපායවේදී Rob Bernard, Microsoft Green Blogහි සඳහනක පැහැදිලි කර සිටියේ Pilot Hill ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීම පිළිබඳ තමන් සතුටුවන බවත් මෙවැනි බලශක්ති ගිවිසුම් මගින් ආසන්නයේ පිහිටි තම දත්ත මධ්‍යස්ථානය වෙත පුනර්ජනනීය බලශක්ති මගින් විශ්වසනීය බල මූලාශ්‍රයක් අනාගතයේ ලැබෙනු ඇති බවත්ය. තවද පරිසරයට වන බලපෑම අවම කිරීම මෙන්ම තම දත්ත මධ්‍යස්ථාන වෙත සෘජුවම ප්‍රමාණවත් බලයක් ලබාගැනීම සඳහා ප්‍රාදේශීය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සමග කටයුතු කිරීම වැදගත් උපාය මාර්ගයක් ලෙස ඔහු හඳුන්වයි.

ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ දත්ත මධ්‍යස්ථානය 2012 සිට කාබන් රහිත වුවත්, Office 365 සහ Azure වැනි cloud services සඳහා පවතින ඉල්ලුම වේගයෙන් වැඩිවීම නිසා වෙනත් අය සමග ලොව පුරා නව පුනර්ජනනීය විකල්ප බලශක්තියක් ඉක්මනින් වර්ධනය කිරීමට ඔවුන් පෙලඹුණු බවයි.

Microsoft සමාගම දීර්ඝ කාලයක් තිස්සේ පරිසරය සමඟ පවතින සහයෝගිත්වය පිළිබඳ තම කැපවීම පෙන්නුම් කල අතර මෑතකදී EPA මගින් පිරිනමන Green Power Partner of the Year සම්මානයෙන් පිදුම් ලබන ලදී. තවද තාක්ෂණික ලෝකයේ දැවැන්තයාගෙන්, ලෝකය සහ පරිසරය වෙත සුභවාදී බලපෑමක් ඇති කිරීම සඳහා වෙතත් ආයතන වලට සහය වන අතරම පසුගිය මාසයේ ප්‍රචාරය කල අන්දමට ඔස්ට්‍රේලියාව, ජපානය, චීනය, කෙන්යාව සහ ප්‍රංශයේ සිට මෙක්සිකෝව, ජර්මනිය, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ එක්සත් ජනපදය දක්වා වන රටවල්වල අවම වශයෙන් ලාබ නොලබන ආයතන 50කට සහය වීමට නියමිතයි.

WinBeta අනුග්‍රහයෙනි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY