Saturday, November 21, 2015

කන පැෙලන්න ගහලා. ෙපාලිස් මාධ්‍ය ප්‍රකාශක බයිලා ගහයි

තිනියාවල ෙපාලීසිෙය් ෙපාලිස් කාරෙයා් ් සමන්ත ෙග් කන පැෙලන්න ගහපු  ක ගැන මාධ්‍ය ඉදිරිෙය් කියා සිටිෙය් මතුගම සහකාර ෙපාලිස් අධිකාරි පරික්ෂණ කරන බවයි. ෙම් මුග්ධ ප්‍රකාශය ගැන ෙත්රුම් ගන්න සමන්ත මානව හිමිකම් කොමිෂන් සභාව /  ජාතික පොලිස් කොමිෂන් සභාව /පොලිස්පති වෙත කරන ලද ලිඛිත ප‍්‍රකාශණය ඉවහල් නවනු නිසැකය.                      
කන් බෙරය පුපුරන්න පහර දීමෙන් පසුව හයිකෝට් නඩු දාන බවට තර්ජනය කිරීම, අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීම යන හිසින් අවු: 33ක් වන අවිවාහක, කම්කරුවකු වන සමන්ත කුමාර  2015.11.21 වන දින ලියා අැත.
''2015 නොවැම්බර් 11 දින, මා වත්තක් සුද්ද කර, සවස 5.45 ට පමණ, ගෙදරට ආවා. මා ආපු ගමන් තීනියාවල පොලීසියේ සැරයන් පේ‍්‍රමදාස, කොස්තාපල් සඳරුවන් හා තවත් අයෙක් ගෙදරට ආවා. ඔවුන් තුන් දෙනාම හිටියේ දිග කලිසම් හා ටී ෂර්ට් ඇඳගෙන. එක පාරටම, ”උඹ මාව අඳුරනවාදකියා සැරයන් පේ‍්‍රමදාස මගෙන් ඇහැව්වා. මම අඳුරනවා කිව්වා. ආපු හේතුව දන්නවාද කියා ඇහැව්වා. මම දන්නේ නෑ කිව්වා.
එ් සමගම එක්කෙනෙක්  පිටිපස්සෙන් මගේ ෂර්ට් කොළරයෙන් අල්ලා කරකවා බෙල්ල හිර වෙන්න අල්ලා ගත්තා. උඹ ගංජා බොනවා, මෙතන ගංජා විකුණනවා, දියන් කිව්වා. මම එහෙම දේවල් කරන්නේ නෑ කිව්වා. එ් පාර සැරයන් පේ‍්‍රමදාස පිස්තෝලය ඇදලා අරන් එල්ල කරලා ඇත්ත කියපන් වෙඩි තියනවා කිව්වා. අල්මාරිවල යතුරු දියන් කිව්වා. මම දුන්නා.
සැරයන් පේ‍්‍රමදාස හා කොස්තාපල් සඳරුවන් කාමරයට ගිහිල්ලා අල්මාරිය ඇර අවුස්සන අතර, මගේ බෙල්ල හිර කරගෙන අල්ලාගෙන හිටිය තුන්දෙනා මට අතින් පයින් පහරවල් හතරක් පහක් ගසා නැවැත්තුවා. බෙල්ල අතහැරියා. කාමරය අවුස්සා සෝදිසි කළ සැරයන් පේ‍්‍රමදාස හා කොස්තාපල් සඳරුවන් එළියට ඇවිත් කිව්වා, කාමරයේ මොකුත් නෑ, එ් වුණාට ළඟ තියෙනවා කිව්වා.
එවිට මාව අල්ලාගෙන පහර දුන් පුද්ගලයා, ”හිටහන්කෝ අම්මට හුකවනවාකියා එළියට ගොස් එළියේ තිබුණ පොල්පිත්තකින් අඩි හතරක් පමණ කෑල්ලක් කඩාගෙන ඇවිත්, එ්කෙන් කලවා වලට ගැහුවා. එ් පාරවල් අත් දෙකට වැදුනා. එ් අතර සැරයන් පේ‍්‍රමදාස හා කොස්තාපල් සඳරුවන් කුස්සිය අවුස්සන්න පටන් ගත්තා.
ඔවුන් දෙන්නා ගෙයි මුකුත් නෑ එළියේ බලන්න  ඕන කිව්වා. මට ගහපු අමාරුවට පුටුවක වාඩි වුණා. එ් සමගම මට පහර දුන්න තැනැත්තා නැගිටහන් හුත්තිගෙ පුතා කියා, දීපන් ගංජා කියා මගේ වම් කණට අත දිගහැර පාරක් ගැහැව්වා. මාව එ් අසල ඇඳ මත වැටුණා. සැරයන් පේ‍්‍රමදාස හා කොස්තාපල් සඳරුවන් දෙන්නා වත්ත බලලා ඇවිල්ලා හොයන්න දෙයක් නෑ, මූ ළඟ තියෙන්න  ඕන කිවවා.
කොස්තාපල් සඳරුවන් වැටිලා හිටිය මාව, මූ බොරු කරන්නේ කියා නැගිට්ටවා මාගේ තට්ටම්වලට පොල් පිත්තෙන් පාරවල් පහක් හයක් ගැහැව්වා. එ් වන විට මගේ ඔලූව හිරි වැටී කන හෝ හෝ ගාන්න පටන් ගත්තා. දැඩි වේදනාවක් දැණුනා.
එසේ පහර දීමෙන් පසුව සැරයන් පේ‍්‍රමදාස මාව කාමරයට අරන් ගිහිල්ලා ගහන්නේ නෑ, බොන්න ගංජා ටිකක් දීපන් කිව්වා. මම ඔහුට කිව්වා මම ගංජා බොන්නේ නෑ, විකුණන්නෙත් නෑ කියා. කමක් නෑ උඹට හයිකෝට් එකක් දානවා කියා, යන්න ගියා.
නැවතත් මට පහර දුන්න තුන්දෙනා ඇවිත් උඹව ගෙනියන්න  ඕනි කියා, මට වරෙන් යන්න කියා අඬගහගෙන ගියා. ඔවුන් පැමිණි යතුරුපැදි ළඟට ගෙන ගියා. එ්වා තිබුණේ ගල උඩ පන්සල ළඟ. උඹව දාලා යන්න බෑ උඹට ගහපු නිසා කියා සැරයන් පේ‍්‍රමදාස කිව්වා.
ඔහු ඇහුවා අමාරු තියෙන්නේ කොහෙද කියා. මම කිව්වා ඔලූව ටිකක් රිදෙනවා කියා. උඹව දාලා යනවා. නීතියෙන් ඉහළට යන්න එපා, ගියොත් උඹට බෝම්බයක් දානවා, මම බුද්ධි අංශයේ ප‍්‍රදීප් කියා ඔහු මට කිව්වා.
මම ගෙදර ඇවිත් වේදනාවේ ඉන්න බැරි නිසා, මාගේ අයියා වන ආරියපාලට දුරකතනයෙන් කතා කරලා කිව්වා. පැය කාලකින් පමණ අයියා ආරියපාල හා ඔහුගේ පුතා ප‍්‍රියන්ත ආවා. ඔවුන් මාව මීගහතැන්න රෝහලට ගෙන ගොස් බාර දුන්නා. මම මීගහතැන්න රෝහලේ වෛද්‍යවරියට මට පොලීසියෙන් පහර දුන්න බව කිව්වා. මීගහතැන්න රෝහලේ මාව නවත්වාගෙන, පසු දින 2015 නොවැම්බර් 12, ගිලන් රථයෙන් නාගොඩ මහ රෝහලට මාරු කර යැව්වා.
නාගොඩ මහ රෝහලේ වාට්ටු අංක 17 හි මාව නවත්වා ගත්තා. 2015 නොවැම්බර් 16 වන දින ටිකට් කැපුවා. මාගේ කන් බෙරය පැලිලා තියෙන බව වෛද්‍යවරු ප‍්‍රකාශ කළා. මා රෝහලේ ඉන්න අතර රෝහල් පොලීසියෙන් ප‍්‍රකාශයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කළා. එක් දිනක් රෝගීන් බලන වේලාවෙන් පිට, සිවිල් ඇඳුමින් සැරයන් පේ‍්‍රමදාස හා කොස්තාපල් සඳරුවන් මාව බලන්න ආවා.
ඔවුන් මට කිව්වා, ඔවුන්ගේ රස්සාවල්වලට ප‍්‍රශ්නයක් වෙන හින්දා නීතිය මගින් ක‍්‍රියා කරන්න යන්න එපා කියා. උඹ ගමේනේ ඉන්න  ඕනි කියා. මට තර්ජනය කළා. ටිකට් කපන දවසේ තීනියාවල පොලීසියේ සැරයන් වරයෙක් පැමිණියා. මට ප‍්‍රකාශයක් දෙන්න කිව්වා. මම හිටියේ අසනීපයෙන් කණ රිදෙනවා, එ් නිසා විස්තර කියන්න පු`ඵවන් කමක් නෑ කිව්වා.
16 දා, ටිකට් කපාගෙන ගෙදර යන්නේවත් නැතුව මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගියා. එහිදී මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මම දැනගත්තා, 2015 නොවැම්බර් 12 වන දා උදේ මගේ අයියා ආරියපාල මට පහර දීම ගැන පැමිණිල්ලක් කරන්න තීනියාවල පොලීසියට ගිය බව. එදින පැමිණිල්ල බාරගෙන තිබුණේ නෑ. එදිනම හවස ඔහු පැමිණිල්ල දාන්න තීනියාවල පොලීසියට ගියද, පැමිණිල්ල බාරගෙන නෑ. එවේලේ 2015 නොවැම්බර් 13 උදේ සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණෙන බව දන්වා තිබුණා. එ් නිසා ඔහු එදින තීනියාවල පොලීසියට ගොස් සිද්ධිය සහකාර පොලිස් අධිකාරීවරයාට පවසා තිබුණා. එහිදී ඔහුට මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිලි කරන ලෙසට දන්වා තිබුණා. එදිනම 2015 නොවැම්බර් 13 දින ඔහු මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යලායට ගොස් පැමිණිල්ලක් දමා තිබෙනවා. එදින ඔහුට උපදෙස් දීලා තිබුණා, ටිකට් කැපූ විගස මාව මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට රැුගෙන එන ලෙසට.
එ් අතර 2015 නොවැම්බර් 13 වන දින රාත‍්‍රී 9.30 ට පමණ, සිද්ධියට අදාල සැරයන් පේ‍්‍රමදාස, කොස්තාපල් සඳරුවන්, බුද්ධි අංශයේ ප‍්‍රදීප් හා තවත් නිලධාරියෙක් පැමිණ තිබෙනවා. ඔවුන් අතුරින් සැරයන් පේ‍්‍රමදාස නිල ඇඳුමින් සිටි අතර, අනිත් අය සිට ඇත්තේ සිවිල් පිට. ඔවුන් තමන් වැරැුද්දක් කර තිබෙන බව පිළගෙන නීතියෙන් රාජකාරි නොකරන ලෙසට ඉල්ලා තිබෙනවා. ඔවුන් සල්ලි දෙන්න සූදානම් බවද සමාව දෙන ලෙසද අයැද තිබෙනවා.
2015 නොවැම්බර් 19 වන දින, දහවල් 12.30 ට පමණ, තීනියාවල පොලීසියේ උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍ර කුමාර පැමිණ මාගෙන් සිද්ධිය අදාලව ප‍්‍රකාශයක් ලබා ගත්තා. මම සිද්ධිය සම්පූර්ණයෙන් කිව්වා. නමුත් ප‍්‍රකාශයේ සැරයන් පේ‍්‍රමදාස පිස්තෝලය දික් කරලා වෙඩි තියනවා කියපු කාරණය ලිව්වේ නෑ. මා එ් ගැන ඔහුට කිව්වා. මාගේ විරෝධය පළ කර මම එයට අත්සන් කළා.
2015.11.14 සිරස රාත‍්‍රි 10 ප‍්‍රවෘති ප‍්‍රකාශයේදි මේ සිද්ධය අදාලව පළවු ප‍්‍රවෘතිය පිළිබඳ පොලිස් මාධ්‍යය ප‍්‍රකාශයක් කරමින් මතුගම සහකාර පොලිස් අධිකාරි වරයා පරික්ෂණ පවත්වන බව කියා සිටියා. ( මෙම පුවත 2015.11.16 ලංකාදීප හා මව්බිම ප‍්‍රාදේශිය පුවත් යටතේ පළවු බව කියැවේ.)

නමුත් දැනට සතියක් ඉක්මව ගියත් අවම වශයෙන් මෙම අපරාධය පිළිබඳව අධිකරණයට දැණුම් දීමක් සිදු කර නැත. අවම වශයෙන් මෙම අපරාධය අධිකරණයට වාර්තා කර සැකකරුවන් වශයෙන් ,  තීනියාවල පොලීසියේ සැරයන් පේ‍්‍රමදාස,  තීනියාවල පොලීසියේ කොස්තාපල් සඳරුවන් , තීනියාවල පොලීසියේ බුද්ධි අංශයේ ප‍්‍රදීප් (4* තීනියාවල පොලීසියේ ස්ථානාධිපති එච්. රාජපක්ෂ නම් කරන ලෙස ඉල්ලමි.

තවද මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා කළේ මාගෙන් ප‍්‍රකාශයක් ගැනීම පමණි. මෙය නීතියට අනුකූල නැත. නොපමාව මෙම අපරාධය පෙර සඳහන් කළ පරිදි මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කොට පරීක්ෂණ කටයුතු පොලිස් විශේෂ විමර්ශන එ්කකයට බාර දෙන ලෙස ඉල්ලමි."අ.ක/සමන්ත කුමාර

No comments:

Post a Comment