Tuesday, November 17, 2015

මෙහෙකාරියට අතවර කළ විනිසුරුවා රකින්ෙන් නීතිපතියා


නීතිපතියා ලිපිගොනු යටියන්තොට යවන්න ලෑස්තියි.දෝෂාභියෝගයෙන් ගැලවෙන්න විශ්‍රාම යනවා, යනවා කියනවා ඒත් යන්නේ නෑ.

සරත් ආබෘෘ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව බරපතල අපරාධ චෝදනා එල්ලවී තිබේ. සිය මෙහෙකාරියට ලිංගික අතවර කිරීම, ගිනි අවියකින් පහර දීම, තුවාල සිදු කිරීම ඇතුලු චෝදනා ඔහුට විරුද්ධව ඒල්ලවී ඇති අාසන්තම ෙචාදනාවන්ය.

මෙම සිද්ධියට පෙර, මොහු සිය නිවසේ ආරක්ෂකව සිටි, සිවිල් ආරක්ෂකයාට පහර දීම, අධිකරණ කාර්ය මණ්ඩල සමාජිකයින්ට පහර දීම අදාල චෝදනා එල්ල විය. ෙම් කිහිපයක් පමණි. නමුත් ඒ සියල්ල යට ගසන ලදි.

මෙම තත්ත්වයන් තුළ මහින්ද රාජපක්ෂ ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තත්ත්වයටම උසස් කරන ලදි.

ආසන්නතම සිද්ධියට අදාල සී.අයි.ඩී. පරීක්ෂණ වාර්තාව නීතිපති උපදෙස් වෙත යවා මාස පහක් ගත වී ඇත. නමුත් නීතිපති වශයෙන් පසුගිය වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කළ විජයතිලක, එම ලිපි ගොනු යට ගසමින් සිටී.

මෙරටේ අන්ත දූෂිත ආයතන වලින් එකකි නීතිපති දෙපාර්තමේන්තුව. ඒය පොලීසිය ට හා අධිකරණය ට නොදෙවෙනිය.

ඇවන්ට්ගාඩ් සිද්ධිය යට ගැසීම ඇතුලු බරපතල සිද්ධීන්වලට සැකකරුවන්ට අධික ගාස්තු අය කරමින් නීති උපදෙස් දේනනේ හිටපු නීතිපතිවරු හා එහි සේවය කළ ජේ්‍යෂ්ඨ නීති නිලධාරීන්ය. රටේ මහා පරිමාණ අපරාධ කරන පුද්ගලයන් නියෝජනය කරන මෙම  නීතිපති දෙපාර්තමේනතකුවේ විශ්‍රාමික නිලධාරීන් හා වත්මන් නීතිපති නිලධාරීන් අතර පවතින්නාවූ ගජ මිතුරු සම්බන්ධය මොනවට ඔප්පු කරන ලද්ෙද්   තිලක් මාරපනය සිද්ධිය. ඔහුට ඇමතිකමෙන් ඉවත් වීමට සිදු විය. එය දූෂිත යූ.එන්.පී. කාරයන්ට බලවත් වේදනාවක් වී ඇති බව පෙනේ.

දූසිත ඇමතිවරු, නිලධාරින් මෛත්‍රී පිළට අයත් වුවත්, රනිල් පිළට අයත් වුවත් ඔවුන්ට විරුද්ධව ජනමතය ගොඩ නගා ඔවුන් පදවිවලින් ඉවත් කිරීමට පියවර ගැනීම සිවිල් සමාජයේ වගකීම වේ. ඒ තුළ පමණි යහපාලනය ඇති කිරීමට පදනම සකස් වන්නේ.

ෙම් වනවිට ස්වාධීන කොමිෂන් සභා පත්කිරිම සිදුකර තිෙබ්. වසර දෙක අවස්න වීමට පෙර, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මනාප ක්‍රමය වෙනස් කිරීමට පියවර  ගැනීමට ප්‍රමුඛතාවය දිය යුතුයි. පත්කරන ලද ෙකාමිසන් සභා අඛණ්ඩ පරික්ෂාවට යටත් විය යුතුයි. පත්කරන ලද තිෙබන ෙකාමිසන් සභාවල සාමාජිකයින් ඉවත් කිරීමට හැක්ෙක් ෙදා්ෂාභිෙයාගක් ෙගන ඒ්ම මගින් පමණි. ඒම නිසා ඔවුන්ට තම ෙස්වය කරෙගන යෑමට බාධාවක් නැත.



No comments:

Post a Comment