2015-11-16

H වාට්ටුවෙන් එකෙක් .. ___________හාට්Piercing‬...✿•*`¨"





උඹට වගෙමයි මචං 
මටත් ප්‍රාඩෝ තිබුන 
කඩ්ඩ වැනු පට්ට සුදු 
විස්කි කෑලිත් හිටිය

ඇහැට සඟ අතට ලැප 
වගෙම හිතෙ ගට තිබුන 
මවුන්ට් එම් සී බම්බ 
කිලියො කාම වල බැස්ස .

ගියපු තැන දොර ඇරුන 
එහෙන් සැලුටුත් වැදුන 
මචං උඹ අඩෝ බං 
යාළු බේබිල හිටිය

සවුන්ඩ් වැඩි කරපු තඩි 
බෆල් මැද කල් මැරුව 
එලි පාට හූ බල්ටි 
ඔලුව මැද කරකැවුන

බැටන් තරු බූට් අඩි 
තලල අපි හිර කෙරුව 
අතින් බඩු අපිට නඩු 
පාට හරහට හිටිය ..

17 comments:

  1. මම නම් තාම ඇතුලට ගිහින් නෑ..ඒ වුනාට ඇතුලට ගිහින් ආපු එවුන් කියන කතා කට ඇරගෙන අහගෙන ඉන්නවා..ඒවා අහනකොට ඇතුල කියන්නෙ වෙනමම ලොකයක් කියලා..

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලම් බලන්න ඕනෙ

      Delete
    2. පලයන්ඩ නරියා..ඒක කියන කැත

      Delete
  2. //අතින් බඩු අපිට නඩු
    පාට හරහට හිටිය ..//
    මේක නම් මහ හිරිකිත වැඩක්.. ඒ උනාට කීදෙනෙක් සන්තෝස වෙනවද සැට් එකකට ඔහොම උන එකට.
    ගස්ලබ්බත් ඔය වගේ අත්දැකීමකට මුහුණ දුන්නා නෙව.
    (http://gaslabba.blogspot.com/2015/02/blog-post_21.html
    (ඇඩ් එක අදාල නෑ වගේ නම් මකා දමන්න.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම මේ බ්ලොගේට හෙනට ගෙවනොනෙ ..
      උබල ඇඩ් දැම්මම පාඩුයි

      Delete
  3. මෑන්ස් කොලුවෝ... උපරිමයි..

    නව පරපුරේ කවි කියන්නේ මේවටයි... මම් නම් පට්ට ලැයික්...

    ReplyDelete
  4. Gihillana balanta oni dawasakata ethulata. Nikan minihata puka dige roos paan. Anikata Sir kiyalath katha karanawa oi. Mata eda nikan ethulata wela hitiye hariyata nikan mama unge OIC wage. Pasta kawiya lokka. 60k..

    ReplyDelete
  5. වෙනස්ම එකක්.. නියමයි.

    ReplyDelete
  6. වෙනස්ම එකක්.. නියමයි.

    ReplyDelete
  7. බොහොම අපූරුයි..

    ReplyDelete
  8. H word ake edala thiyenawa ahenam??

    ReplyDelete