Power Point සදහා අලුතෙන් ආපු Designer සහ Morph

Power Point සදහා අලුතෙන් ආපු Designer සහ Morph

3689
1
SHARE

Microsoft power point හි තවත් පෙරලියක් ඇති කරම්න් ඊයේ (නොවැම්බර් 13 දා) අලුතෙන් cloud based intelligent tools දෙකක් වන Designer සහ Morph හඳුන්වා දෙන ලදී. මෙහි ප්‍රධාන වශයෙන්ම අරමුණු කරගෙන ඇත්තේ සියලුම දෙනාට අඩු කාලයකින් සහ ඉතාමත්ම පහසුවෙන්,  high quality presentations සදා ගැනීමට පහසුකම් සලසා දීමයි. තවත් විදියකට පැහැදිලි කලොත් මෙහිදී, recommendation engines සහ smart animation තාක්ෂණය පාවිච්චි කරලා පියවර කිහිපයකින් motion effects, graphic transitions, high quality format designs සහිත presentations user ට නිර්මාණය කර දීමට සහය දක්වනවා.

 

PowerPoint Designer

power Point designer tool එක මගින් වෘතීය මට්ටමේ slides ක්‍ෂණිකව නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දෙනවා. සරල උදාහරණයකින් පැහැදිලි කලොත්, ඔබ ඔබගේ presentation එකට පින්තුරයක් එකතු කල සැණින්, Designer මගින් ඒ සඳහා විවිධ වර්ගයේ design ideas ඉදිරිපත් කරනු ලබනවා. ඒ අතරින් ඔබේ සිතැඟි පරිදි design එකක් තෝරාගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා. එසේ තෝරාගැනීමෙන්, ඔබට එම පින්තුරය edit කිරීමට සහ presentation එකට ගැලපෙන පරිදි design කරගැනීමට ගතවන කාලය විශාල වශයෙන් ඉතිරි කරගැනීමට පුළුවන්.

powerpoinr-designer

මෙම power Point designer ක්‍රියාත්මක වන්නේ automated design සහ smart image analysis යන cloud based function දෙකේ එකතුවක ප්‍රතිඵලයක් විදියටයි. මෙම tool එක සදහා professional graphic designers ලා නිර්මාණය කරන ලද graphic blueprints 12,000 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත කරගෙන් තියෙනවා.

තව දුරටත් පැහැදිලි කරනවානම්, ඉහත සදහන් කල ආකාරයට ඔබ presentation එකට එකතු කරන ලද පින්තුරයට අදාලව designs නිර්මාණය කරනු ලබන්නේ, එම පින්තුරයේ වැඩිම අවධානය ලබාගන්න කොටස සහ එම කොටසට වඩාත්ම ගැලපෙන graphic blueprint එක එකතු කිරීමෙනුයි.

 

Morph සමගින් motions නිර්මාණය කරගැනීම

Morph tool එක සමගින් ඔබට ඉතාමත් උසස් තත්වයේ animations එකතු කර ගැනීමට පුළුවන්. text ,images වලට පමණක් නොව slides, 2-D, 3-D shapes සහ objects සදහාද මේ මගින් animations එකතු කර ගන්න පුළුවන්.

powerpoinr-morph

 

 

අලුතෙන්ම හදුන්වලා දුන්න මේ Designer සහ Morph features දෙක office 356 පාවිච්චි කරන අයට ලබාගන්න පුළුවන්. නමුත් windows desktop සහ mobile users ලා සඳහා මෙම අංග බලාපොරොත්තු විය හැක්කේ 2016 power point සමගින් බව Microsoft සමාගම ප්‍රකාශ කරලා තියෙනවා.

Source : www.thenextweb.com සහ www.blogs.office.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY