Hard එක optimize කරන Disk Defragmentation

Hard එක optimize කරන Disk Defragmentation

2630
1
SHARE

අපි මුලින්ම බලමු මේ fragmentation යනුවෙන් කියන්නේ මොකද්ද කියලා. fragmentation කියල කියන්නේ කොටස්වීමක් වගේ දේකට. ඇත්තටම ගත්තොත් Disk fragmentation එකකදී වෙන්නේ කාලයත් සමග අපේ  files නැවත නැවත edit කරනකොට, save කරනකොට, file එකේ කොටසක් delete කරනකොට ඒ files කොටස් වලට වෙන් වෙලා hard එකේ එක එක තැන වල store වෙන එකයි. මෙහෙම තැන් තැන් වල store වුනාම එක file එකක් read කරන්න hard drive එක වැඩියෙන් වැඩ කොටසක් කරන්න වෙනවා. මෙන්න මේ හේතුව නිසා ඔයාගේ පරිගණකය slow වෙන්න පුළුවන්.

ඉතින් මේ “Disk Defragmentation” කියන Utility tool එකෙන් කරන්නේ, මෙහෙම කොටස් වලට වෙන් වෙලා තියෙන files නැවත තනි file එකක් විදියට එකතු කරලා, hard drive එකේ එක තැනකට save කරන එකයි. Disk Defragmentation tool එක පාවිච්චි කිරීමෙන් ඔයාට

  1. Hard drive එකේ efficency එක වැඩි කරගන්න පුළුවන්.
  2. Hard drive එකේ ඉඩ (space) එක ඉතුරු කරගන්නත් පුළුවන්.

ඔයාගේ පරිගණකයේ ඇත්තේ windows මෙහෙයුම් පද්ධතියක්නම්, මෙම Disk Defragmentation tool එක අනිවාර්යෙන්ම ඔබගේ පරිගණකයේ තියෙනවා. දැන් අපි බලමු Windows 10 වල පියවර කිහිපයකින් Defragmentation එකක් කරගන්නේ කොහොමද කියලා.

  1. “Defragment” කියල windows search box එකේ search කරන්න. “Defragment and Optimize drives” කියල තියෙන result එකට යන්න.DiskDefrag_01
  2. ඔයාට Defragment කරගන්න අවශ්‍ය partition එක select කරලා ‘Analyze’ button එක click කරන්න. (analyze වුනාට පස්සේ fragment වෙලා තියෙනවා කියලා පෙන්නුවොත් ‘Optimize’ button එක click කරන්න)DiskDefrag_02DiskDefrag_03

 

මේ විදියට hard drive එක Defragment කරන්න ටික වෙලාවක් ගතවෙන්න පුළුවන්. ඔයාගේ hard එක fragment වෙලා තියෙන ගණන අනුව තමයි ඒ වෙලාව තීරණය වෙන්නේ.

මේ සම්බන්ධව ඔයාට මොනවා හරි ප්‍රශ්ණයක් ආවොත් අනිවාර්යෙන්ම පහලින් comment එකක් හරි windowsgeek.lk help desk එකට හරි ප්‍රශ්නය යොමු කරන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY