Friday, November 13, 2015

වීදුරු දෙකෙන් මත්පැනට තිත තැබීම.

තදින්ම ඇබ්බැහි වු පුරුද්දකින් අත්මිදීමේ අසීරුකම දන්නේ අත්දැකීම් තියෙන අයම තමයි. මත්පැන් ඇබ්බැහිය ඉන් ප්‍රධානයි. මේ ක්‍රමය මට අහන්න ලැබුණේ කලක් හොඳම බේබද්දෙක් වෙලා හිටිය අද එයින් හොඳටම අත්මිදිලා සාර්ථකවෙලා ඉන්න කෙනෙක් ගෙන්. ඔහුටත් මෙය කියලා තියෙන්නේ ප්‍රථිකාර ගන්න ගිය මනෝ වෛද්‍යතුමා.

හැබැයි මේකට අවංකවම උවමනාවක් තියෙන්න ඕනෙ.
ඔහුට ලැබිලා තියෙන්නේ එක්තරා විදියක අභියෝගයක්. කරන්න කියලා තියෙන්නේ. බොනවානම් වීදුරුවම සම්පූර්ණයෙන්ම බොන්න ඕනේ. හැබැයි බොන්න කලින් ඒ සමානම වීදුරුවක් මූත්‍රාවලින් පුරවලා වෙන කෙනෙක්ට වීදුරු දෙක මාරු කරන්න කියන්න ඕනේ. ඒකරලා ඒ වීදුරුව තමුන් ඉස්සරහා තියාගෙන ඉන්න ඕනේ පැයක් වත්. එතකොට මෙහෙමයි. ඔබ ඉස්සරහා අරක්කු හෝ මූත්‍රා වීදුරුවක් තියනවා හැබැයි මොකක්ද කියලා දන්නේ නෑ. බොන්න හිතුනොත් ගඳ සුවද බලන්න තොලගගා ඉන්න බෑ. එකපාරටම වීදුරුව බීලා ඉවර කරන්න ඕනේ.

මූත්‍රා වීදුරුවක් පෙවෙයි කියන බයටම ඔහු බීලා නෑ. මෙහෙම කරලා අන්තිමේදි ඔහුට අරක්කු වීදුරුවක් දැක දැකත් ඇත්තටම තමාව පාලනය කරගන්න පුලුවන් වුණාලු. මේක හැමෝටම එක විදියටම වලංගු නොවෙන්න පුලුවන්. නමුත් අත්හදා බලන්න වටින ක්‍රමයක් කියලා හිතෙනවා. 

No comments:

Post a Comment