Windows 10 පිලිබඳ විශාල ගැටලුවකට Microsoft සමාගමෙන් ප්‍රතිචාර

Windows 10 පිලිබඳ විශාල ගැටලුවකට Microsoft සමාගමෙන් ප්‍රතිචාර

2927
1
SHARE

අවසානයේදී Microsoft සමාගම පුළුල් ලෙස කථාබහට ලක්වූ Windows 10 හි පෞද්ගලිකත්වය පිලිබඳ ගැටළු වලට පිළිතුරු ලබා දී තිබෙනවා. Windows 10 සමඟ පැමිණෙන නව අංගද යටපත් කිරීමට සමත් වුනා මේ පාරිභෝගිකයන්ට පැන නැගුනු පෞද්ගලිකත්වය හා සම්බන්ධ බිය හා ගැටලු. Windows.com හි නිල ලිපියක් හරහා මේ පිළිබඳව Microsoft සමාගමේ විධායක උප සභාපති Terry Myerson පැහැදිලි කරනවා. ඔහු සඳහන් කර තිබුනේ පාරිභෝගිකයාගේ නිදහස ආරක්ෂා කිරීම ඉතා වැඳගත් බවත් ඒ සඳහා ලැබෙන ගැටලු සහ ප්‍රතිචාර සමාගම බාර ගන්නා බවත් ය.

මෙන්න මේ කරුණු ඔහු ගෙනහැර දක්වලා තිබෙනවා.

1. Windows 10 මෙහෙයුම් පද්ධතිය ඔබේ අත්දැකීම වඩාත් හොඳ මට්ටමකට ගෙන ඒමට සමහර තොරතුරු එකතු කරනවා. එසේ එකතු කල යුතු තොරතුරු මොනවද යන්න පාරිභෝගික ඔබට තෝරා ගන්නට පුළුවන්.

2. මෙලෙස එකතු කර ගන්නා තොරතුරු encrypt කර Microsoft Servers වෙතට ඉතා ආරක්ෂාකාරීව ගෙන ගොස්, ආරක්‍ෂිතව ගබඩා කරනවා. මේ තොරතුරු අතර නිර්නාමික device ID, application crash data සහ device type අඩංගු වෙනවා. කෙසේවෙතත් මේවා යොදා ගන්නේ පෙර සඳහන් කල ලෙසටම පාරිභෝගික ඔබට වඩාත් පුද්ගලික අත්දැකීමක් Windows 10 හරහා ලබා දීමටයි.

3. සියලුම තොරතුරු එකතු කරන්නේ නිර්නාමිකවයි. ඔබේ නම, විද්‍යුත් තැපෑල ලිපින ආදිය මෙලෙස එකතු කරන්නේ නැත.

4. ඔබගේ emails හෝ ලිපි ගොනු කිසිම විටක කියවන්නේ නැත.

5. Cortana සතුවත් customization options පවතින බැවින් ඔබට අවශ්‍යය නම් එය ක්‍රියා විරහිත කල හැකියි.

6. ඉදිරියට පැමිණෙන update එක හරහා child-parent feedback අංගයෙහි ඇති ගැටලු නිරාකරණය වෙනු ඇත.

Microsoft සමාගම වැඩි දුරටත් පවසන්නේ Windows මෙහෙයුම් පද්ධතියෙහි ඕනෑම ගැටළුවක් පාරිභෝගික ඔබට යොමු කල හැකි නිසා මේ කාර්යය හා එකතු වන ලෙසයි.

The company said that it’s committed to work on all the reported issues and the Windows community should take part in the feedback process. The comapany’s insider program is a step in the same direction.

fossBytes welcomes this step by Microsoft. However, there are still some questions unanswered and we’ll love to hear more from Redmond. If you are having any complains, you can report the issues on Microsoft’s website.

Comments

comments