15 November 2015

යහපාලන ෆිල්ම්ස් , නොසන්ඩාල විහිලුව සහ පීස් ෆෝ පැරිස්

යහපාලන ෆිල්ම්ස් සාඩම්බරයෙන්  ඉදිරිපත් කරයි .....

මුලින් ගියේ 
ට්‍රේලරේ ලු 
 පිචැර් එක 
පටන් අරන් තියෙන්නේ 
දැන් ලු 

වාඩිවෙන්  
සීට් එකක් 
අල්ලන් 
ඉස්සරහින්ම 


ඉල ඇදෙන කොමිට් 
කිලි පොලා යන පයිට්
අති විසිස්ට රඟ පෑම් 
හද මෝදුවෙන ලව් 
ඇස් නිලංකාර වෙන මැජික් 
කේතුමතී නුවර
පුල් ඩිජිටල් 
අතිශ්‍ය දුලබ දෙපත් නයි 
දැක ගන්
පියවි දෑසින් 

සිනා සාගරයක් 
රස ආකාරයක් 
ගුටි කෙප්පරක් 
බොරු කෝටියක් 

ආතල් ගොඩයි . 
එක අවුලයි . 
කටවුට් එකේ 
බැබලි බැබලි 
උන්නත් 
නැත  ප්‍රධාන නළුවට 
ඩයලොග්


***
නොසන්ඩාල විහිලුව 

ආන් බලන් 
කියා 
ගගන දෙස ඇඟිලි දිගුවා 
ආකාස වස්තුව 
පෙන්නන නියා 
ඔලු ගෙඩි 
උඩට හරවා 
හිඳින  අතරේ 
සියල්ලෝ 

උන් 
කණ කර අතගාන් 
ටොක්කකුත් ඇනං 
සරමත් කඩන් 
ගිහින් 
කවුද නොසන්ඩාලයෙක් 


***
පීස් ෆෝ පැරිස් 

ඕවා මොන බෝම්බද 
බ්‍රෝ 
ලංකාවේ නේ 
තිබ්බේ 
බෝම්බ 
බ්‍රෝ 

උන් මොන ටෙරාලද 
බ්‍රෝ
ලංකාවේ නේ හිටියේ ටෙරාලා 
බ්‍රෝ 

තව කොහේ කිව්වා ?
බීරුට් ?
ඒ උනාට 
අල වගේද ගෝවා 
බ්‍රෝ 

ඔන්න අපි නම් 
ඉටු කරා යුතුකම් 
(අපි යුතුකම් දන්න  මිනිස්සු බ්‍රෝ )
මාරු කලා ප්‍රොපයිලය 

පීස් ෆෝ පැරිස් ..බ්‍රෝ 

දැන් හරි  .


2 comments:

  1. දැන් ඔක්කෝම හරි... කිසි අවුලක් නෑ...

    ReplyDelete
  2. කවුද කියන්නෙ ප්‍රශ්න තියෙයි කියල..
    කෝ ... කෝ... කෝ... ඔය කියල අයියල පොඩ්ඩක් අත උස්සන්න...
    එන්න එන්න ඉස්සරහට...
    මල්ලි මේ මහත්තගෙ ප්‍රශ්න ටික ලියාගන්න...
    මේ ඉදිරිපත් වීම වෙනුවෙන් ඔබට ලැබෙනවා... සෝමාලියානු කොල්ලකරුවන් සමග විසේස සංචාරයක්
    එන්න ඉදගන්න පටි තරකරගන්න
    ඩිසූම්.............

    ReplyDelete

Have commented