Friday, November 06, 2015

ඇවන්ගාර්ඩ් මාර-ගාඩ්

පරණ කතාවේ තියෙන්නේ මහ එවුන් හිටගෙන චූ කරනකොට, පොඩි එවුන් දුව දුව චූ කරනවා කියල උනත් පහුගිය දවස් ටිකේම අපේ පොලෝසිය පාර දිගේ දුව දුව කරපු එක, පොලෝසිය බාර ඇමතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ හිටගෙන කරලා පෙන්නුවේය. නෙගෝසියේෂන් ස්කිල්ස් තියා ගමේ මරණාධාර සමිතියක ප්‍රශ්නයක් විසඳා ගන්නා විදිහවත් දන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ ඉල්ලගෙන කන්න ලෑස්ති වූ සැනින්ම පොලෝසියේ රාළහාමිලාත් එක පොදියට පැන තමන්ගේ ස්ට්‍රෙස් ඔක්කොම උන් පිටින් ඇරියේ තලු මර මර කුණක් කන නරි රොත්තක් වගේය. බලන් ඉන්න හිරිකිතය. ඒ ගැන රටේ මහා එකාගේ ඉඳලා පොඩි එකා දක්වාම ඇතිවෙන්න කතාකරන නිසා දැන් කතාකරන්නේ උන්ගේ ලොකුතැන ගැනය.

මාර-පොන මහත්තයා රටේ ප්‍රසිද්ධ නීතිඥයෙක් උනාට කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටෙරෙස්ට් කියා දෙයක් අහලවත් නැත. ඒ තබා ලොව සුප්‍රසිද්ධ මිස්ටර් ක්ලීන් වූ එතුමාගේ බොසාත් එහෙම දෙයක් දන්නේ නැත. එහෙම නැත්නම් රෙදි ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඇවන්ගාර්ඩ් ආරක්ෂා කර කර තමන් ඒ සමාගම වෙනුවෙන් මුදලට පෙනී සිටින නීතිඥයා කියලා කියද්දීත් ලඟට කතාකර දෙකක් කියා ඇමතිකම ගලවලා දාන්නේ නැතුව අහක බලන් ඉන්නේ නැත. ඇවන්ගාර්ඩ් හරිද වැරදිද කියන්න හුදී මහජනයා වූ අපට තියෙන තොරතුරු මදිය. ඒ සඳහා ක්‍රමවත් පරීක්ෂණයක් සිදුවිය යුතුය. හැබැයි ආණ්ඩුවේ ඇමතිලා පොදි පිටින් ඇවන්ගාර්ඩ් ආරක්ෂා කරන්න පපුව දෙන විදිහට, ඇවන්ගාර්ඩ් එකට හංගන්න දෙයක් තියන බවත් ඒ වෙනුවෙන් අත දිගහැර මුදල් වියදං වන බවත් දැනගන්න අමුතු පරීක්ෂණ අවශ්‍ය නැත.

රනිල් වික්‍රමසිංහගේ ක්ලීන් සූට් තියරි ඔහුගේ ගජ මිතුරන්ට අදාල නොවන බව ඔහු මීට කලිනුත් පෙන්වා දී ඇත. රටම එපා කියද්දී රවී මුදල් ඇමති කරන්නේත් මරපොනලා ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගෙන ඇමතිකම් ලබදෙන්නේත් තමන්ව ආරක්ෂා කිරීමට කළගුණ සැලකීමටය. කෙසේවෙතත් රනිල් මෙවර බලයට ආවේ දුෂණ වංචා නිසා මහින්දගේ රාජාණ්ඩුව එපාවූ ජනතාවගෙන් ණයටගත් සටන් පාඨ පෙරටු කරගෙනය. ජනතාව මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බලය දුන්නේ සජින්ලා බැසිල්ලා වෙනුවට මාරපොනලා අබේවර්ධනලා රජකරවන්න නොවන බවත් එසේ උනොත් තමන්ටත් වැඩිකල් නොගොස් මහින්දගේ අඩිපාරේ යන්න වෙන බවත් සිහියට නොඑන්නේ නම් එය රනිල්ගේ විතරක් නොව රටේත් කරුමයය. - දසයා

9 comments:

  1. පහුගිය චන්දෙ කාලේ ම.රා.ට විරුද්ද ඇත්ත සිද්දීන් ඇතුලත් ප්‍රබන්ද කථා (da vinci code, national treasure වගේ කථා ) එක්සත් ජාතික පක්ෂය විසින් ඕන ලණුවක් කන්න සැදී පැහැදී ඉන්න ලංකාවේ සිවිල් සමාජය කියන සෙට් එකටයි, දුෂණ වංචා හොයල ඊළඟට පාර්ලිමේන්තු බලේ අල්ලන ඉන්න ජවිපෙ උන්දලටයි ලීක කළා. අදාළ ෆයිල් එහෙමත් පෙනුවා. ඊළඟට ජවිපෙයි සිවිල් සමාජේ මොංගල් සෙට් එකයි කලේ මේවා තමන් හොයා ගත්තු දේවල් විදියට මහ හඬින් බෙරිහන් දෙන එක. (රනිල්ට පුකෙන් හිනා ඇති). දැන් වෙලා තියෙන්නේ ප්‍රබන්ද කථා කියල චන්ද කරන්න පුළුවන් වුනාට අඩුම ගානේ ලංකාවේ අධිකරන්යකවත් නඩුවක් පවත්වන් යන්න බැරි එක.

    එතකොට තමයි සිවිල් සමාජේ බ්ලොග් ලියපු , පත්තර වල කුරුටුගාපු වාහෙලට හා ජවිපෙ අනුර මැතිදුන්ට ගලඋඩ කක්ක කරගත්තම වහන්න බෑ කියල තේරුනේ.

    දැන් ඉතින් කරන්න තියෙන්නේ දුක යන්න විජේදාස රාජපක්ෂටයි, තිලක් මරපනටයි බනින එකයි "මම දසය" බ්ලොග් එක ලියන උන්දැ කියනවා වගේ "ආණ්ඩුවේ ඇමතිලා පොදි පිටින් ඇවන්ගාර්ඩ් ආරක්ෂා කරන්න පපුව දෙන විදිහට, ඇවන්ගාර්ඩ් එකට හංගන්න දෙයක් තියන බවත් ඒ වෙනුවෙන් අත දිගහැර මුදල් වියදං වන බවත් දැනගන්න අමුතු පරීක්ෂණ අවශ්‍ය නැත" වගේ කිසිම ලොජික් එකක් නැති ගොන් කථා මතුරන එක තමයි.



    ReplyDelete
  2. “නෙගෝසියේෂන් ස්කිල්ස් තියා ගමේ මරණාධාර සමිතියක ප්‍රශ්නයක් විසඳා ගන්නා විදිහවත් දන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ“

    දසයාලා කැම්පස් එකේ ඉන්න දවස්වල නෙගෝසියේෂන් ස්කිල්ස් හොදටම තිබුනේය. ඒනිසා සුනාමිය ආවේ නැත්නම් කැම්පස් එක තව ටික දවසක් වැහෙනවාය

    ReplyDelete
  3. රනිල්ව ලංකා දේශපාලනයේදී හැඳින්වෙන්නේ ෆොක්ස් නමිනි.ලංකා දේශපාලනයට කෙසේ වෙතත් යූ එම් පිය ඇතුලේ නම් මේ හැඳින්වීම සාධාරණය.දැන් යුග කීපයක්ම මොන හැප්පිලි මැද්දේ වුව නායක පට්ටම බේරාගෙන ඉන්නේ ෆොක්ස්භාවය නිසාමය.හැබැයි ඉතින් යූ එම් පියේ ඉන්නා බහුතරයක් ගොන් බාන දුටු විට හාවෙකුට උනත් ෆොක්ස් කෙනෙකු විය නොහැකි දැයි සිතේ.මහින්ද වැනි අංකුරන් යූ එම් පියේ නැත්තේ රනිල්ගේ වෙලාවටය.ඒ කෙසේ වෙතත් ලංකා දේශපාලනය ඇතුලේ නම් රනිල්ගේ මේ ෆොක්ස්භාවය සිය දිවි නසාගැනුමකි.ඊට අමතරව ඔහුට කෙළවෙන අනිත් කාරණය නම් මිතුරු සංග්‍රහයයි.අනූ තුනේ රනිල් කෙලවා ගත්තේද මේ කරුණු නිසාය.මේ වන විට ඒ ඉතිහාසය රිපීට් වෙමින් තිබේ.ලංකා දේශපාලනයේ හතර මායිම නොදත් ගජ මිතුරු රෝයලිස්ට්ලා පිරිවරාගෙන ගේම් සහ යටිකූට්ටු උපක්‍රම මතම විශ්වාසය තබමින් යන මේ ගමන නැවතත් යෂ්ටිය රාජපක්ෂවරුන් අතටම දෙමින් නතර නොවේ යයි කිව හැක්කේ කාටද ? රනිල් තේරුම් ගත යුත්තේ යූ එම් පිය ඇතුලේ සිටිනා ගොන් බානට රනිල් ෆොක්ස් කෙනෙකු වූවාට ලංකා දේශපාලන පොරපිටියේ රනිල් යනු නරක සමනළයෙක් පමණක් බවයි.

    ReplyDelete
  4. ඉබ්බා හෙමින් ගිහිල්ලා රේස් එක දිනනවා. රනිල් මේ පාර ගත්තේ අතාරින්නවත් වැටෙන්නවත් නෙවෙයි. තව අවුරුදු දෙකකින් බලපල්ලා මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  5. යහපාලන පාලනය හොරු ඇල්ලීමේ දක්වන උදාසීන බව සාටක කැල අම්බානට රටම ගසා නොකෑ බවට සාක්ශියක් නොවේ.

    ReplyDelete
  6. රනිල් කියන්නේ බබෙක් නොව, රනිල් කියන්නේ සාධු චරිතයක්ද නොව, රනිල් කියන්නේ තවත් මහින්ද කනෙක් ද නොව, රනිල් කියන්නේ රනිල් කෙනෙකි....... ඒ නිසා අපි පෙර සිටියාට වඩා පරිස්සම් විය යුතුයි...... දැනට කියන්න හැක්කේ ඒපමණකි.....

    ReplyDelete
  7. දසයා නැවත ඇවිත් වගෙයි.

    ReplyDelete
  8. Best Casinos Near Harrisburg, PA - MapyRO
    With over 2,000 slots and 80 table 광주광역 출장마사지 games, a casino 여주 출장안마 floor 김포 출장샵 in Harrisburg is a 창원 출장샵 prime spot for those with a taste 문경 출장샵 for live action.

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.