Nov 6, 2015

අපිට මොකද වෙන්නේ?


අද නොවම්බර් 06 වෙනිදා. 2015 සාමාන්‍ය පෙල විභාගයට මාසයක් වගේ ඉතුරුයි..

ඕකෙ ඉතින් කියන්න දෙයක් තියෙනවය? කී ළක්ෂයක් ළමයි ඕක ලියයිද? පවුල් කී ලක්ෂයකට මේක බලපානවද?  කී දෙනෙක් ගෙ ජීවිත තීරණය කරන්වද? කී දෙනෙක් ජීවිතේ නැති කරගනීවිද?

ඔයාලගෙත් කවුරු හරි මේ පාර විභාගෙට ලියනවද? මට නම් හරිම හිතට වදයක්..


ඉතිං බ්ලොග් ලියන කියවන අය මා ගැන වැඩිය දන්නෙ නැහැනෙ? චුට්ටක් කියන්නම්කො මං ගැනත්. මම පව්ලේ වැඩිමල් දුව. මට ඉන්නෙ නංගියි මල්ලියි. නංගි මේ පාර උසස් පෙළ ලිව්වෙ පළවෙනි සැරේට. රිසල්ට්ස් හොඳ වෙන එකක්  නැහැ. දැන්මම එයා ආපහු ක්ලාස් යනව. ටික ටික  පාඩනුත් කරනවා. මම ම්.ම්.ම්.ම්.ම්. උසස් පෙළ කරල ඉන්නෙ . රැකියා විරහිත ගොඩෙ තමා තාම. 

මගේ අප්පච්චි  "මිය පරලොව ගිහින් දැන්" අවුරුදු 7ක් වෙනවා.අම්මයි අපි තුන් දෙනයි කොහොම කොහොම හරි ජීවත් වෙනවා..  

ඉතිං මම ආපහු කථාවට එන්නම්කෝ. (මේක කතාවක් නම්...)මල්ලි මේ පාර ලිව්වට උසස් පෙළ කරන්න තරම් පාස් නොවෙයි කියලයි මට බය.... ඊයේ රෑ දෙකේ විතර ඉඳලා ඇහැරලා .. හිතපු දෙයකුත් නැහැ නොහිතපු දෙයකුත් නැහැ.. මෙයා ( මල්ලී ෆේල් උනොත් මොකද කරන්නේ?  එක තරමකට ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්.. පවුලෙ එකම පිරිමි දරුවා ඉගෙන ගත්තේ නැතිනම් ඒක අනිත් අයටත් බලපානවනේ?

එකම පිරිමි දරුව නෙවි.. කවුරු වුනත් ඒක පවුලට වගේම සමාජයටත් ප්‍රශ්නයක්

ලින්ක් එක පහතින් තියෙනවා
The Sunday Times පත්තරයේ පලවුණු ලිපියකින් කොටසක් තමයි මේ

"

Marginal improvement at this year’s O/L exam results

Last year’s GCE OL Exam results released early this week showed a marginal improvement in the success rate, compared with the previous year.
Of the 164,191 candidates who sat, 60.8% qualified to follow the Advanced Level Exam (AL), while only 4.73% failed in all subjects. In the previous year, 60.57% qualified for the ALs, while 5.31% failed in all six subjects.


However, there was a 5% decrease in the percentage of students who passed in Mathematics, compared with 2010, viz., a success rate of 55.33% in 2011, against 60.38% in 2010. More students passed Science and English last year compared with the previous year. Last year, 62.4% passed in Science, against 61.72% in the previous year. Last year, 44.57% passed in English, against 42.36% in the previous year."

An analysis of those who sat the exam for the first time shows that 4.73% students failed in all nine subjects. A decrease of 0.94% compared with 2010."

ඉතිං ගිය අවුරුද්දෙ (2014 ) ළමයි 164,191  විභාගෙ ලිව්වට උසස් පෙ කරන්න සමත් වෙලා තියෙන්නෙ 60.8% . සියළුම විෂයන්ගෙන් අසමත් අය 4.73%  යි.විද්‍යාව  62.4% ඉංග්‍රීසි 44.57% සමත් වෙලා තියෙන්නෙ.

****හ්ම්ම්ම්ම්ම්ම් ඉතිරි අයට  මොකද වෙන්නෙ?

දේශපාලනයක් මේකට ඇදගන්නේ නැතුං චුට්ටක් හිතමු මල්ලිට මට නංගිට මොන වගේ අනාගතයකට මුහුණදෙන්න වෙයිද?

මම කළේ කොමර්ස් සබ්ජෙක්ටස්..... නංගි බයෝ රිසල්ට්ස් වලටත් බයේ ඉන්නේ..

ඊයේ රෑ මට නින්ද ගියේ නැහැ. මල්ලි පේපර් එකක් කරන්න ගිහින් ඒක මාරු වෙලා ගිහින් නිදා ගත්තා..
 මම ඉතින් එයා ලඟටෙ ගිහින් පින්සේන්ඩු වුනාම එයා කිව්වේ

" මම නම් රෙසල්ට්ස් එන්න කළින් එල්ලිලා මැරෙනවා" කියලා. නිකං හිතලුවක් වුනා නම් හොඳයි ඒක.. 

"එක පාසලක් වැහෙන කොට හිර ගෙවල් 100 ක් ඇරෙනවා කියලා මම අහල තියෙනවා" 

"පාසල මියගිහින්" කියලා කවුදෝ විද්වතෙක් අධ්‍යාපනයේ දුර්වලතා ගැන කතා කරල තියෙනවලු. හැබයි මම දන්නේ මෙච්චරයි අවුරුදු 13ක් පාසලේ ඉගෙන  ගෙන ඉහල අධ්‍යාපනයක් ගන්න බැරිව මම  නැවතිලා කියන එකයි. රැකියාවක් හොයාගන්න බැහැ කියන එකයි

ලින්ක් එක පහතින් තියෙනවා

කඩුවක් ස්කෝලෙට අරන් ඇවිත් ගුරවරයෙක් සහ ළමයෙක් ඝාතනය කළ සිද්ධියකුයි මේ



ලින්ක් එක පහතින් තියෙනවා දහදෙනෙක් මිය ගිහින් 7 දෙනෙකුට තුවාල වුණු පාසලක තවත් සිද්ධියක් මේ




මේ කාරණා වලට අධ්‍යාපනික ආර්ථික සමාජීයය හා මානසික හේතු හා පිළියම තියෙනවද? ඒවා ලංකාවට ගැලපෙනවද? දන්නෙ කෙනෙක් මේවා ගැන ඉන්නවද?

ලින්ක් එක පහතින් තියෙනවා
විභාගේ තමයි අපේ විභාගේ (සෝමලතා සුබසිංහගේ ප්‍රසිද්ධ ගීතයක් )


පාසල තුලින් සමාජ ප්‍රවාහයට වමාරණ  නිසියාකර ආධ්‍යාපනයක් නොලද්දෝ වන අපිට වෙන්නේ මොනවද? 

නිසියාකාර වැඩිදුර අධ්‍යාපනයක් නොලබන වර්ථමාන තරුණ පරපුර අනාගත රට භාර ගන්න ඉන්න අපිට  


හෙටක්?





38 comments:

  1. මේක තමයි ඔය ලියපු හොඳම ලිපිය..

    මේක ගැන මිට කලිනුත් කීප දෙනෙක් ලියල තිබ්බ.. ඒ පහුගිය උසස් පෙළ විභාගේ කාලේ.. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ බරපතල වැරද්දක් තියෙනවා.. ළමයින්ගේ හැකියාවන් අඳුනගෙන ඒ පැත්තෙන් ඉහලට යන්න උදවු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට පෙර සැකසුම් පාරක ළමයින්ව බලෙන් දක්කාගෙන යන ක්‍රමයක් තියෙන්නේ.. ළමයින්ගේ හා දෙමවුපියන්ගේ හැකියාව මත කිහිප දෙනෙක් ඉස්සරහට යනවා.. අනිත් උන් අර ගිරව් දෙන්නගේ කතාව්දී වගේ.. හුළඟට ගහගෙන ගිහින් වැටෙන තැන අනුව තමයි අනාගතය තීරණය වෙන්නේ.. අත්දැකීමෙන් කියන්නේ.. මේ තියෙන සිස්ටම් එකට යන්න හිතන්න ඕනි නෑ.. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත.. බලන්න මල්ලි මොන පැත්තටද දක්ෂ / ආස කියල.. විභාගේ ඉවර උන් ගමන් ඊට අදාලව වෘත්තීය සුදුසුකමක් ලබා ගන්න යොමු කරන්න.. ලංකාවේ පෞද්ගලිකව ඉගෙන ගන්න ඒවාට ඔය කියන තරම් ලොකු...ඌ.. වියදමක් යන්නේ නෑ.. හරියට මහන්සිවෙලා ටිකක් දුක් විඳලා 'යමක්' ඉගෙන ගත්තම බොහොම ඉක්මනින් ඒකෙ ප්‍රතිපල ගන්න පුළුවන්.
    ඔයාට කියන්න.. අවුරුදු හතළිහකට කිට්ටු වෙලා මන් අදටත් කැම්පස් යනවා.. හැබැයි මට හොඳටම ෂුවර්.. කැම්පස් එකේ උප කුලපති තුමටවත් අද මං ගන්න සැලරි එක ආණ්ඩුවෙන් හම්බ වෙන්නේ නෑ.. (එතුමාට වෙනත් වරප්‍රසාද හා වටිනාකම් ඇති.. උදාහරණයකට පමණයි කියුවේ..)
    සැලෙන්න දෙන්න එපා.. අක්කට පුළුවන් මල්ලිවයි නංගිවයි ගොඩ දාන්න.. අවශ්‍ය තැනකදී උදවුවක් දෙන්න අපිත් ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ වචන මට හිතට ධිරියක් කළණය්යේ. බ්ලොග් ලෝකෙට එන්නත් පුරෝගාමි උනේ අය්යගෙ අදහස් තමා ,, හුඟක්ම් ස්තූතියි :)

      Delete
  2. මමත් දකින්නේ මේක සංවාදයකට හොද ප්‍රවේශයක් කියලයි... අැත්තට ම මේක සාකච්ඡා කළ යුතු සහ අපි විසින් විසදා ගත යුතු ගැටලුවක්.... අධ්‍යාපනය කියන දේ තාම හරි පාරට වැටිලා නැහැ.... අපි මොනවා කළත් වැඩක් නැහැ ඒකට මුහුණ දෙන දරුවෝ සහ ඔවුන්ගේ තත්වයන් තේරුම් නොගෙන....

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත, නමුත් අපි තවම දක්ෂතා කුසලතා ගැන නෙවි පොත පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් හා විභාග ක්‍රමයකට හිරවෙලා කියලා හිතෙන්නෙ නැත්ද? විභාගයක් අසමත් වෙන කෙනාටත් තැනක් තියෙන්නා ඕනි නෙද?

      Delete
  3. කමියා කියනවා වගේ අපි ඉන්නවා ඔයත් එක්ක අවශ්‍ය වෙලාවක..

    ReplyDelete
    Replies
    1. අපි මූණු පොතේ නම් කියන්න ඕකට " බොක්කෙ ෆිට්" එක කියලා. උත්තරය නම් එල: එල ද බ්‍රා :) බ්ලොග් එකේ කමෙන්ටුවක් දාලා හෙල්ප් එකක් දුන්නම ඇති.
      නමුත් හුඟාක්ම ස්තූතිය් හොඳේ

      Delete
  4. වැදගත්ම දේ තමයි කාලේ කන්නේ නැතුව මොනවා හරි කරන එක. දක්ෂ ආස දේ කරන්න පටන් ගන්න. මුලදි දුක් ගොඩක් විදින්න වෙයි. ඒත් අතාරින්නේ නැතුව කරන්න

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත චාමර, අතාරින්නෙ නැහැ, එයා තවම ජීවිතෙ පටන් අරන් වත් නැහැනෙ කියලයි මට හිතෙන්නෙ

      Delete
  5. වැදගත්ම දේ තමයි කාලේ කන්නේ නැතුව මොනවා හරි කරන එක. දක්ෂ ආස දේ කරන්න පටන් ගන්න. මුලදි දුක් ගොඩක් විදින්න වෙයි. ඒත් අතාරින්නේ නැතුව කරන්න

    ReplyDelete
    Replies
    1. ජීවිතයට මුහුන දෙන්න තරම් හිතට ධිරියක් තියෙනවා චාමර :) ප්‍රශ්නෙ යාළුවන්ට දැම්මම ඒ ගැන කතා කළාම ප්‍රශ්න විසඳෙනව නේ හුඟාක් දුරට :)

      Delete
    2. එක කොමෙන්ටෙක දෙපොලක වැටුනහම රිප්ලයි දෙකක්.. ඔන්න ඔය වෙලාවටනම් මට ඇත්තටම මළ පනිනවා චාමර.. :)

      Delete
    3. කමියෝ ඒ හින්දා මම දානව කොමන්ටු තුනක්
      එතකොට රිප්ලයි තුනයි...

      Delete
    4. ඉතිං මොකෝ කළණය්යෙ, මොනව උනත් කමෙන්ට්ස් නෙ?

      Delete
    5. (දෙන දෙය්යො ගෙට ගෙනැල්ලම දෙනවා කිව්වලු ඔන්න එහෙනම් රිප්ල්යිස් 4ක් ම )////
      @ Mano mandhira

      Delete
  6. ඕකනං හැබෑම ප්‍රස්නයක් තමයි...... හැබැයි තව පරම්පරා කීපයක් යනකංවත් ඕකට උත්තරයක් ලැබෙයි කියල හිතන්න අමාරුයි අපෙ රටේ පාලනයෙන්. විභාග පාස් නොවුණ කියලා ජීවිතේ ෆේල් වෙන්නෙ නෑ. රටේ විධිමත් ක්‍රමයක් නැති උනාට තමන්ට උවමනාව තියෙනවනම් තමන්ගෙ ජීවිතේ ගොඩදාගන්න පුලුවන්. පළවෙනි කමෙන්ට් එකේ කිව්වා වගේම ඒක ලේසි වැඩක්නං නෙවේ හැබැයි. ඒත් කරපු අය ගොඩක් ඉන්නවා..........

    ReplyDelete
    Replies
    1. ඔව්! බැරි දේවල් ගැන පසු තැවිලි වෙලා නම් වැඩක් නැහැ තමා. මම කියන්නෙ අපි වගේ කීදාහක් ලංකාවේ ඉන්නවද කියන එකයි. උගත් අසාර්ථක ජීවිතත් අපි අතරම ඉන්නව නෙ නේද? ආයිමත් ඇවිත යන්න :)
      අවංකම අවංක උත්තරයක් ආර්යන් :)

      Delete
  7. මම මේ පැත්තේ ආපු පලවෙනි පාර. මම 2009 සාමාන්‍ය පෙළ කරද්දී පාස් වෙයි කියල මම හිතුවෙත් නෑ. ඒත් මම පුළුවන් විදියට ගොඩ දාගත්තා සබ්ජෙක්ට් 9ම. මට මතකයි ආපු පීඩනය. එල්ලිලා මැරෙන්න නම් හිතුවේ නෑ ඒ කාලෙත්. ඒත් වෙන මොකක් හරි කරන්න නම් හිතුවා.
    හැබැයි මෙහෙම එකක් තියනවා. මම ඕ ලෙවල් කරගත්තට පලවෙනි පාර බයෝ සයන්ස් වලින් ඒ ලෙවල් කරගන්න බැරි උනා. ඒ කියල ඉතිං මම වැටුනේ නෑ. මම පළවෙනි, එකම පිරිමි දරුවා. ඒ කියලා ෆේල් උනා කියල ඉතිං වැඩි විශේෂයක් නෑ. මගෙත් එක්ක හිටි සමහර අය මාව අත්හැරිය. එච්චරයි. මම මගේ ගමන ගියා. යන්න නම් ඕනේ තරම් පාරවල් තියනවා. ප්‍රධාන මාර්ගයට වැඩිය අමාරුයි. මල්ලිට කියන්න අතාරින්නෙ නැතුව පාඩම් කරන්න කියල. හැකි විදියට කරන්න කියන්න. මම දහම් පාසල් ගුරුවරයෙක් හැටියට පාස් වෙන අය වගේම අන්තෙටම ෆේල් වෙලත්, හොඳ ජීවිතයක් ගත කරන අය දැකල තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගෙ කතාවට. ප්‍රෂනෙ අපිට විතරමයි කියල කියලවත් දැන් එයාට හිතේවි. අඩුම ගානේ ඒ ගැන කතා කරන්නවත් කෙනෙක් ඉන්නව කියලා හිතුනම හිත ටිකක් හදාගන්න පුළුවනි නෙ? :)

      Delete
  8. මම මගේ පෞද්ගලික ජීව්තයේ දේවල් මේ වගේ තැනක දාන්න කැමති නෑ.නමුත් මෙතනදි ඒක තව කෙනෙකුට යහපතක් සදහා හේතු වෙයි කියලා හිතුන නිසා කෙටියෙන් දාන්නම්..

    මම හොදින් අධ්‍යාපන කටයුතු කරගෙන ආවා.සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වුනා.උසස්පෙල මැද හරියේදි මම වැරදි ට්‍රැක් එකකට වැටෙනවා.එතන ඉදන් එක්කොම හබක්.මම 11 වසරේදි මුලු අවුරුද්දටම පාසලට ඇවිත් නැත්තේ දවස් දෙකක් විතරයි.නමුත් උසස්පෙල අවසාන කාලේ මුලු වාරේටම දවස් දෙක තුනයි පාසල් ඇවිත් තිබුනේ.ඒ නිසා මට විභාගය ලියන්න ඇඩ්මිසන් එක දෙන්න අලුතෙන් ආව විදුහල්පතිතුමා අකමැති වුනා.ඔන්න එහොම මගේ දක්ෂතා හැකියාවන් ඔක්කොම මම විසින්ම විනාශ කරගත්තා.ඒ වෙනකොට මම බජාර් එකට වැටිලා.රස්තියාදුගහනවා කෙලවරක් නැතිව.
    නමුත් ඉන් පසු කාලයක මම ආයෙත් ඉගෙන ගන්නවා.උපාධිය අවසන් කරනවා.ඉන්පසු කලක් මනෝ උපදේශකවරයකු ලෙස කටයුතු කරනවා.පස්සේ ඉන් අයින් වෙලා ගුරුවෘතියේ යෙදෙනවා.බාහිර උපාධි දරුවන්ට උගන්වනවා.තව සමාජ සේවා කරනවා.ඒ වගේම මම තව ඉහලටම ඉගෙන ගන්නවා.පුලුවන් තරමක් ඉිදිරයට යනවා.මෙතනින් නවතින්නේනෑ.අධීෂ්ඨානයයි වීර්යයි අපිව ඉදිරිටම ගෙනියනවා.උදාසීන බවයි පසුතැවිල්ලයි පරාජයට හිස නැමීමයි අපිව අතරමං කරනවා..

    ReplyDelete
    Replies
    1. මනෝ.. උඹත් මගේම ජාතියෙ යක් පැටියෙක්.... මගෙ එකට උත්තර දෙන එක නවත්තල මේ පොඩි කෙල්ලගේ හිත හදන්න මාත් මාගලක් ලිව්වා...

      Delete
    2. මම උඹේ කොමන්ටුව කියෙව්වා.එතනම මමත් කොමන්ටුවක් දාන්නම්

      Delete
    3. හ්ම්ම්ම්ම් මල්ලිට මම මේක කියන්නම්. :) ඇත්ත්ටම මට මේක ලොකු ප්‍රෂ්නයක් වෙලා තිබ්බ වගේම . නැහැ තියෙනව වගේම අනිත් අයට ( අපි වගේ අනිත් අයටත් මේ ප්‍රෂ්නම ඇති ) කියලා හිතුවා.
      ජීවිතේ පටන් ගන්න තැන වැදගත් නැහැ.. අවසාන වෙන තමා වැදගත් කියලා අප්පච්චි කියලා තියෙනවා,
      බලමු මොනවද ඉස්සරහට වෙන්නෙ කියලා නේද?@ Mano Mandhira

      Delete
    4. මේ අඹ ගහ හැර තවත් අඹ ගස් තිබේද? කියලා ඇහුවා වගේ යක් පැටව් දෙන්නෙක්ම හමුවුණා :) ඔයාලගේ වචනයෙන් කියනවා නම් " හැට්ස් ඔෆ්" සජ්ජය්යේ
      @Sajja

      Delete
  9. විභාග ෆේල් උනා කියලා ජීවිතේ වැටෙන්නේ නෑ කියන දේ අපේ රටේ අයගේ හිත වලට තාම එන්ටර් වෙලා නෑ.. අනිත් රට වල වගේ නෙමෙයි.. එක අතකට ලංකාවේ අධ්‍යාපනය වගේම ඊට පස්සේ වෘතීය මට්ටමේ සුදුසුකම් හදන තැන් තව හොදට බිහි වෙනකන් මේ ප්‍රශ්ණය දැනේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් ඉතිං සා පී වත් නැති අයට ඉතින් රස්සාවක් හොයන එකත් ලේසි නැහැනේ නේද? කවදා හරි ප්‍රෂ්න විසඳෙනවා නම් කොච්චර දෙයක් ද? :)
      @Dinesh

      Delete
  10. හංසමාලි... මේක ඔයාට අදාළ පුද්ගලික ප්‍රශ්නයක් නිසා මගෙ පුද්ගලිකත්වයත් මේකට ගාවගන්නම්... ශිෂ්‍යත්වේ පාස් වෙලා මම ගියෙ ලංකාවෙ ලොකුම ඉස්කෝලෙකට. එදා ඉඳන් පන්තියේ මුල පස් දෙනා අතර හැමදාම හිටපු මම ඕලෙවල් වලටත් ඩී අටක් ගත්ත (ඒ කාලේ තිබ්බෙ සබ්ජෙක්ට් අටයි . ඩී කියන්නෙ distinction) ඒ ලෙවල් වලදි මම විෂයන් තුනම ෆේල්. ඉංගිරිසි වලට A එකක් තිබ්බ. ඒ කාලේ වෙනකොට මම යක් පැටියෙක් වෙලා හිටිය. රස්තියාදු ගහන, පංති කට් කරන, බොන, කොටින්ම කිව්වොත් එපාම කරපු එකෙක්. මම දන්නෙ නෑ මම කොහොම එහෙම උනාද කියල. ඒ කාලේ මගෙ "අවිචාර සමය" විදියටයි මම අදටත් දකින්නෙ. ලොකුවට කිසිම වැඩක් නොකලත් විභාගෙට ලිව්වා නම් s 3ක් ගන්න තිබ්බ ලේසියෙන්ම. ඒත් මම විභාගෙට වාදී උනාට විභාගේ ලිව්වේ නෑ.මට මතකයි ෆිසික්ස් පේපරේ වතුර පොම්පෙකට උවමනා අලුත් ඩිසයින් එකක් ඇන්ද. මට මොකක් උනාද කියල මට වත් අදටත් තේරුම් ගන්න බෑ ඒ කාලේ ඇතුළත. මිනිස්සුන්ගෙ මනස සහ හැසිරීම් කාලෙන් කාලෙට පුදුමාකාර විදියට වෙනස් වෙනව කියන්නෙ ඕකටයි.හොඳට ඉගෙනගනිපු කාලේ මගෙන් ගණන් අහගත්තා යාළුවො ගොඩ දෙනෙක් මොරටු ඉංජිනියරින් ගියා. අන්තිමට මට මුකුත් නෑ. ගෙදර අම්මට තාත්තට මම පුදුම විදිහේ අසාධාරණයක් කළේ. පුදුම පීඩනයක් තිබ්බ මට ඊට පස්සෙ.ගෙදර මිනිස්සු පවුලේ එකා වෙච්ච මාව ගණන් ගත්තෙ නෑ අන්තිමට. මානසිකව වැටුන මම. මට ආයෙත් ඉගෙනගන්න ඕන උනා. හැබැයි ඒ ලෙවල් කරන්න උවමනාවක් තිබ්බෙ නෑ මට. හැමදාම ආස වෙච්ච දෙයක් උනු " කාර්මික අංශයෙන්" ඉගෙනගන්න මට ආසාවක් ආව. තාත්තට ඒ ගැන කිව්වම තාත්ත කිව්වෙ " උඹ කොහෙවත් යන්න එපා. මට උඹව ෂුවර් නෑ.. උඹ මට පේන දුරින් හිටපන්. මම පුළුවන් කාලයක් උඹට කන්න බොන්න දෙන්නම්" කියල. ඒ තරමට මාව ඒ යට ෂුවර් නැති මට්ටමක් තිබුනෙ. ඇවිටිලි කරලා වැඳවැටිලා මෝටර් කාර්මික පාඨමාලාවකට යන්න අවසර ගත්ත. අවුරුදු තුනක ඒ කෝස් එක මම මගෙ උපරිමයෙන් කළා. අන්තිමට ඒ පාඨමාලාවේ බැච් එකේ පළවෙනිය උනා. ටික කාලය යද්දි මම ඒක උනන්දුවෙන් කරනව කියල තේරුණු නිසා ගෙවල් වලින් ආයෙත් මාව විශ්වාස කළා. මට උපරිම උදව් දුන්න. ඒක කරනගමන් city&Guilds motor vehicle engineering පාඨමාලාවක් හදාරන්න ගත්ත. ඒකත් මම උපරිමයෙන් කළා. ලංකාවෙ ඉඳන් ඒකෙ කරන්න පුළුවන් උපරිම මට්ටමට ඒක සම්පූර්ණ කළා. අන්තිම විභාගේ ලංකාවෙන්ම පාස් වෙලා තිබ්බෙ දෙන්නයි. එයින් එකෙක් මම. ඉතුරු හරිය ඉවරවෙන්න උපාධියක් මට්ටමින් එහාට කරන්න රට යන්න ඕන උනා. ගෙදරින් ඒකටත් අවසර දීල තිබුනෙ.ඒ මට්ටමට එනකොටත් ලංකාවෙ හොඳ රස්සාවක් කරන්න මට උපරිම සුදුසුකම් තිබුණ ඒ ක්ෂේත්‍රයේ. ඒත් මම ගියෙ නෑ. මම ඒ ලෙවල් කාලේ අම්මට තාත්තට ලොකු දුකක් දුන්න. ඒ මිනිස්සුන්ට ඉන්නෙ මම විතරයි. ඒ දෙන්න දාල රට යන්න මට ඕන උනේ නෑ.. රස්සාවකටත් නොයා පවුලෙ ව්‍යාපාරය මම භාරගත්තෙ තාත්තව එකෙන් නිදහස් කරන්න ඕන උන නිසාවට. මම අද ඒක කරගෙන යනව. අම්ම තාත්ත බොහොම නිදහසේ ඉන්නවා. අම්මට තාත්තට මම පෙන්නලා තියනවා මට "බැරි නෑ" කියල. මේ ඔක්කොම කිව්වෙ බොහොම දෙනෙක් හිතාගෙන ඉන්නවා ඒ ලෙවල් ෆේල් උනොත් ජීවිතේ ඉවරයි කියල. ඉස්සර වගේ නෙවෙයි දැන්. ඕන තරම් කරන්න දේවල් තියනවා. ඔය කියන තරම් වියදම් යන්නෙ නෑ ඒවා වලට. හැබැයි එක දෙයක්. තෝරාගන්න ඕන තමන්ට ආසාවෙන් කරගෙන යන්න පුළුවන් ක්ෂේත්‍රයක්. එකෙන් උපරිමය කලොත් කවදාවත් වරදින්නෙ නෑ. විභාගයක් කියන්නෙ එක කඩඉමක් විතරයි. විභාගයකින් කවදාවත් බෑ මිනිහෙක්ගෙ හැකියාව හෝ දැනුම මණින්න. බුද්ධි මට්ටම විභාගේකින් මණින්න කොහොමට වත් බෑ... ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය තමයි ඔක්කොම එවුන් දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න ඕන කියන එක. ඒක හණමිටි අදහසක්. තමන් කැමති හැකියාව ඇති ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න අද ඕන තරම් අවස්ථාවල් තියනවා. මේසන් බාස් කෙනෙක් අද ඉංජිනේරුවෙක් ගන්නවට වැඩිය වැටුපක් ලබනවා. සමාජයව ඕන විදියට නෙවෙයි තමන්ට ගැළපෙන විදියට ජීවත් වෙන්න. තමන් කැමති විදියට ජීවත් වෙන්න. කිසිම දවසක විභාගයක් මහා ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ජීවීතයේ මූණ දෙන්න සිද්ධවෙන එක පුංචි ගැටළුවක් විතරයි.
    මට දවසක් chefaki සහෝදරයා හොඳ කතාවක් කිව්ව. "සජ්ජා , උඹට දැන් පහ වසරේ ශිෂ්‍යත්වෙට පාඩම් කරපු හැටි ලොකු ප්‍රශ්නයක් විදියට දැනෙනවද? නෑ නෙ. ඒ උනාට ඒ කාලෙට ගිහිං කල්පනා කරලා බැලුවම එතකොට උඹට ලෝකෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒක. අද කල්පනා කරලා බලද්දී තියන ප්‍රශ්න එක්ක බැලුවම ඒ ප්‍රශ්නේ අබ ඇටයක් තරම් වත් නෑ... ඒ වගේ තමයි මිනිස්සුන්ට තියන ප්‍රශ්න ගැටළු කවදාවත් ඉවර වෙන්නෙ නෑ, ඒ නිසා ඒ ගැන ඕනවට වඩා නොහිත කාලයට ඉඩ දෙන්න. කාලය ඔක්කොම ප්‍රශ්න විසඳනවා" මම අහල තියන ලොකුම inspirational කතාව ඒක... මාගලක් වගේ ලිව්වා මේකෙ ඔයාගේ, නංගිගේ , මල්ලිගේ ප්‍රශ්න ඔක්කොටම විසඳුම් තියනව කියල හිතෙනව...

    ReplyDelete
    Replies
    1. ...//ඒත් මම විභාගෙට වාදී උනාට විභාගේ ලිව්වේ නෑ//....
      දෙන්නම එකයි මචං.මමත් විභාගෙට වාඩි වෙනවා විභාගේ ලිව්වේ නෑ.දෙන්නගෙම මුල ඒ විදියමයි.

      ....//හොඳට ඉගෙනගනිපු කාලේ මගෙන් ගණන් අහගත්තා යාළුවො ගොඩ දෙනෙක් මොරටු ඉංජිනියරින් ගියා.//....

      උසස් පෙල මුල් කාලේ මගෙන් එකවුන්ට් ඉගෙන ගත්ත වුනුත් ඔය වගේම කැම්පස් ගියා.මම සාමාන්‍ය පෙල ලමයින්ට නොමිලේ උගන්වන ගණිත පංතියකුත් දාලා තිබුනා.

      ....//මට මතකයි ෆිසික්ස් පේපරේ වතුර පොම්පෙකට උවමනා අලුත් ඩිසයින් එකක් ඇන්ද.//...

      මම එකවුන්ට් පේපර් එකේ ලොකු කාටූන් එකක ඇන්දා..

      දෙන්නම එක සමාන වැඩ කරලා තියෙන්නේ.අවිචාර සමයත් උඹේ වගේම තමයි.මියුසිකල් එකකදි කොල්ලෝ ටික එකතු වෙලා පොලිසියටත් ගැහුවා දවසක්..එදා ඒක ලොකු වැඩක් වගේ දැනුනට දැන් අපි හිතන විදිය වෙනස් වෙලා...

      අන්න ඒකයි මචං අපිට තවත් අපි වගේම එකෙකුගේ දුක හදවතටම දැනෙන්නේ...අපි කවදාවත් උන් පහත් කරන්නේ නෑනේ.. ගොඩ එන්න අතදෙනවා..

      Delete
    2. ඔයාගෙ "මාගල" කියවලා මගේ ඇස් වලට කඳුළු ආවා සජ්ජය්යෙ, වෙන කෙනෙකුගෙ දුකක් ප්‍රෂ්නයක තමන්ගේ විදිහට දකින්න පුළුවන් අය කොච්චර අඩුද? එහෙම දැන්නෙන්න තරම් මිනිස් හදවතක් තියෙන ඔයාල වගේ අය අඩුයි නෙ?
      අප්පච්චි නැති වුනාට පස්සේ අපි අම්මිගෙ හිනාව දැක්කෙ නැහැ. එයාගෙ "කැකිරි පැලෙන ටිකිරි හිනාව/ කිංකිණි හිනාව" ඒක අප්පච්චි අරන් ගිහින් මට හිතෙන්නෙ.
      තවමත් රෑට අම්මි හොරෙන් අඬනවා කියලා මම දන්නවා ( ඒ අපි නිදි කියලා එයාට හොඳටම විශ්වාශ වුණාම )
      ඉතින් අපිට සජ්ජය්යාට වගේ " අවිචාර සමයක් " නැහැ. අපි පුළුවන් තරම් අම්මිගෙ හිතට දුක නොදෙන්න උත්සහ කරමින් ඉන්නෙ+ හිටියෙ.
      මල්ලිව කණඩායම් වලට වැටෙන්නෙ නැතිව තියාගන්න මම හුඟාක් මහන්සි වුණා. ඒ කිල්ක්ස් වල තියෙන නොයෙකුත් වැඩ නිසා. මගේ සෙට් එක/ කට්ටිය/
      " බීඩි වලේ නාන්න යනවා හෙට"
      "ස්විමින්ග් පූල් එකට යනවා" ++++++
      ඒ ගමන් වලට රහමෙර පානයත් එකතු වෙන බව අපි දන්නවා. ඉතිං බොහෝම පරිස්සමින් මල්ලිව බලා ගන්නෙ. ඔයාලා කියන්න එපා මට කොල්ලෙක් වුනාම ඕවා කරන්න ඕනි කියලා. අම්මිට ඒ දුක දෙන්න අපිට බැහැ.
      ඔව්.
      අපි කිව්ව තම ඕ ලෙවල්ස් ෆේල් වුනොත් බදුල්ල ටෙක් එකේ මේසන් බාස්ලට තියෙන කෝසර්ස් තියෙනවා. ඒක හරි ත්‍රී වීලර් එකක් හරි අරන් දෙනවා. නැතිනම් ටේලර් කෙනෙක් වෙන්න හරි ඉගෙන ගන්න කියලා.
      ඒ වුනාට මේ දවස් වල හරි ටෙන්ශන් එකේ තමා අපි කවුරුත් ඉන්නෙ
      එයා පවුලෙ එකම "පිරිමි පරානේ" වීමත් අපිට ප්‍රශ්නයක් නෙ?
      ආයම පාරක් ස්තුතියි වෙලාව අරගෙන ඔයාගේ " මාගල " ලිව්වට සජ්ජය්යේ :) ඒක හදවතිනම් ලියලයි කියලා මට නම් හිතෙන්නෙ
      @Sajja

      Delete
    3. උපහාසයක් අපහාසයක් නැතිව ප්‍රෂ්නෙ තේරුම් ගත්තු එකටත් පින් :)
      කිව්වත් වගෙම කමෙන්ට්ස් කීයද ඔයාගේ :) ස්තුතියි හොඳේ.
      ඔයාලා ප්‍රෂ්නෙ දිහා බලපු විදිහටයි+ ප්‍රෂ්නෙ අපේ පව්ලට විතරක් නොවෙයි කියන එකයි හොඳට හිතට දැණුනා . ස්තූතියි ආයෙම පාරක් හොඳෙ
      @Mano Mandhira :)

      Delete
    4. නියමයි. පෝස්ට් එකක් ඇතුලෙ තව පෝස්ට් එකක් කියෙව්ව.
      @සජ්ජා +++++++++++++++++

      Delete
    5. ඒක නම් ඇත්ත මිස්ටර් මනෝජ්. දුක හිතුණු හිතට දිරියක් ආපු කමෙන්ට් එකක් සජ්ජා ගේ කමෙන්ට් එක

      Delete
  11. මම හන්සමාලි ලියපු පෝස්ට් වලින් කියවපු හොඳම පෝස්ට් එක මේක.

    අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නෙ වැඩ කරන්න පුලුවන් ළමයින්ට ගොඩ යන්න පුලුවන් සිස්ටම් එකක් විතරයි. ඒකත් කිසි වැඩකට නැති දේවල් වලින් පිරිලා. උගන්නන්නෙ හද්ද පරන දේවල්. වෙනස් වෙන ලෝකෙට ගැලපෙන ඒවා උගන්නන්නෙ නැති තරම්.මම කීව "වැඩ පුලුවන් ළමයා" කියන කෙනා කියල ලේබලයක් වදින්නෙ කොහොමද කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒක හරිම ලේසියි. අපේ අධ්‍යාපන ක්‍රමය මගින් ගොඩක් වෙලාවට බිහි කරන්නෙ ගිරව්. ගිරවෙක් වෙන්න පුලුවන් නම් අන්න එයා වැඩ පුලුවන් ලමයෙක්. ඒ ලේබලේ වදින්න පටන් ගන්නෙ පහේ ශිෂ්‍යත්වෙට සූදානම් වෙන කාලෙ ඉඳලා. ඒ චින්තනෙත් අපේ සමාජෙට අවිත් තියෙන්නෙ අපේ අධ්‍යාපන ක්‍රමයේම අතුරු ප්‍රතිඵලයක් විදිහට.
    බැරි වෙලාවත් ළමයෙක්ට ගිරවෙක් වෙන්නෙ නැතිව වෙනස් විධිහට හිතන කෙනෙක් නම් එයා වැඩ බැරි ගොඩේ. ඌට මොන හැකියාවක් තිබ්බත් කිසිම වඩක් නෑ. මොකද ඌ ගිරවෙක් නොවෙන නිසා.

    ඉතින් මට කියන්න තියෙන්නෙත් මනුස්සයෙක් ගෙ දක්ෂකම පැය දෙක තුනක පේපර් එකකින් මනින්න බැහැ. එහෙම විභාග හොඳට සමත් උන බහුතරයක් ගිරව් ප්‍රායොගිකව ගොඩක් අසාර්ථකයි.

    මල්ලිව ඕලෙවල් කොහොම හරි ලියවන්න. පරිස්සමට බලා ගන්න. පාස් නොවුනොත් එතනින් ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. තව ගොඩක් පාරවල් තියෙනව මිනිස්සුන්ට සාර්ථක වෙන්න පුළුවන්.

    මේ රටේ/ ලෝකෙ දියුණු වෙච්ච මිනිස්සු බහුතරයකගෙ ජීවිත කතාව කියවල බැලුවොත් පුදුම හිතෙයි. මොකද බහුතරයක් දෙනා ඔය කියන විභාග පාස් වෙලා නැහැ. සමහරුන්ගෙ පාසල් ගමන මගින් නැවතිලත් එක්ක.

    උත්සහය සහ කැපවිම තියෙනවනම් මිනිහෙක්ට දියුණු වෙන්න පුලුවන් කියල තමා මන් විශ්වාස කරන්නෙ.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සජ්ජාට කිව්වත් මම මේ දැකපු ඔයාගෙ දිගම කමෙන්ට් එක :) ස්තූතියි හොඳේ. වෙන්න ඇති මොන වැරදි තිබ්බත් අපිට ඉන්න වෙලා තියෙන්නෙ මේ අධ්‍යාපන ක්‍රමය මත නෙ? ඔව්... එයා පාඩම් කරනවාඅ ඉතින් එයාගෙ මට්ටමින් . ලියය් එයාගෙ මට්ටමින්. ඒක දැනට තියෙන විභාග ක්‍රමයට අනුව මදි වන බවත් දන්නවා. ඒකයි මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනෙ... නැහැ මම ඉන්ටෙර්නෙට් එකෙන් රිසල්ට්ස් අනල්යිස් කරල තියෙන ඒවා හෙව්වා . හිත හදා ගන හරි මල්ලිට පෙන්නලා එයාගෙ හිත හදන්න හරි . ස්තූත්යි හොඳේ :)

      Delete
  12. හෙටක් නෑ, ඒ හෙට දිනය අපේ තරුණ පරම පරවෙන් උදුරා ගෙන ඉවරයි , අතේ මිටේ සල්ලි තියෙන එවුන් මොන විදිහට හරි ගොඩ යනවා .

    ගායනය - සුනිල් එදිරිසිංහ
    පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ
    සංගීතය - රෝහණ වීරසිංහ

    තිරය ඇරෙනවා තිරය වැහෙනවා
    ඔල්වරසන් හඩ පැතිරෙනවා
    සඳලුතලෙන් බැස මානවිකාවන්
    තාලෙට ඉඟසුඟ නටවනවා

    කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
    නළ වතුරෙන් සැනහෙන දරුවෝ
    ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
    කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

    තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...

    දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
    කරළිය හිමි නැති අපේ ළමයි
    හේනට කුඹුරට ගත සවි දියකර
    කරළිය අබියස බලා හිඳී

    තිරය ඇරෙනවා තිරය වැහෙනවා .

    https://www.youtube.com/watch?v=E7YXtvLCnLE

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=LUDZ1NJ7lsM
      lassana sinduwak amma gAna :)
      @Iwan

      Delete
    2. appachchi th amathaka karala bAhAne Iwan ? :)
      https://www.youtube.com/watch?v=abfKiiRYkN4

      Delete
  13. ලංකාව කියන්නේ දිනෙන් දින ගොඩ ගැනීමට නොහැකි අයුරින් ප්‍රපාතයට යන රටක් සහ ජාතියක් බවට පත්වෙමින් පවතී . අද කිසියම් හෝ සමාජ තත්වයකට අනුව ජීවත් වීමට නම් ලන්කාවෙන් පිටවීම අනිවාර්ය වන තත්වයකට පත්වෙමින් පවතී . ඉදිද්රියේදී මෙම තත්වය තව දුරටත් උග්‍ර වන අතර කිසිම පාලන යන්ත්‍රයකට මේ සදහා විසදුම් නොමැති අතර එසේ විදෙස් ගත වූවන්ගෙන් යැපෙන දුවන ආර්ථිකයක් බවට ලංකාව පත්වී හමාරය . මෙය සැබවින්ම කදුළු සලන පරදිසයක්ම වේ .

    ReplyDelete
  14. තිබ්බ තියෙන අනාගෙතේ එන ආණ්ඩුවලට බැනිම කෙසේ වෙතත් අපි අපේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න ඕනි මට හිතෙන්නෙ. නමුත් අපේ පව්ලෙ තුන් දෙනෙක් රැකියා පෝලිමේ හරි ඉගෙනීමක් නැතිව. ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් අපිට

    ReplyDelete