Main Logo

Monday 26 October 2015

ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි (ඉරිදා රිවිර ලිපියකි )


  • ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි

අද සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි තේරුම් ගත හැක්කේ මේ ආාණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කෙළේ කවුදැයි දැනගැනීමෙනි. මහජනයා මැතිවරණයේ දී ඡන්දය දී ආණ්ඩු පිහිටුවන බව සැබෑ ය. එහෙත් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් තෝරනු ලබන්නේ මහජනයා විසින් නො වේ. අඩුම තරමෙන්් ඒ ඒ පක්‍ෂවල සම්මේලන මගින්වත් නො වේ. ආණ්ඩුව බලයට පත්වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කරණම උඩිනි. සිරිසේන මහතා ඒ තැනට පොළඹවා ගනු ලැබුයේ කවුරුන් විසින් ද?
ඒ ව්‍යායාමය පසුපස සිටියේ ඉන්දියාව ය. ඉන්දියාවට එංගලන්තය හා ඇමරිකාව සහාය දුන්නේ ය. මේ රටවල් තුනට ම එකම හේතුව නිසා නොවුණත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහු වටා සිටිමින් ආණ්ඩුවට සැබවින් ම උපදෙස් දුන්නවුන්ට (රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකවෙන් ණයට ගත් වහරට අනුව) රාජපක්‍ෂ රෙජිමය ඉවත්කිරීමට අවශ්‍ය විය. එමෙන් ම ඒ රටවල් තුනට ම දෙමළ ජාතිවාදයට යමක් දීමේ අවශ්‍යතාව විය. තුන්වැනුව අවුරුදු දහස් ගණනකට පසුව වර්ධනය වූ චීන ලංකා සබඳතා විය. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට ඒ රටවල් තුනට අවශ්‍ය වූයේ ප්‍රධාන වශයෙන් ම එකම ප්‍රමාණයට නොවුණ ද මේ කරුණු තුන නිසා ය. 

  • මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පරාජය කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය ය. එහෙත් දෙමළ ජතිවාදය හා දෙමළ බෙදුම්වාදය එංගලන්තයේ හා ඉන්දියාවේ පිහිටෙන් නො නැසි පැවතුණි. දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයෙන් හා ඒ විසින් බිහි කෙරුණු දෙමළ බෙදුම්වාදයේ ඵලයක් පමණකි. ඉන්දියාවට එංගලන්තයට මෙන් නොව දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවශ්‍යතාව වුවත් ඔවුන්ට ද දෙමළ ජාතිවාදය හා යම් පමණකට දෙමළ බෙදුම්වාදය අවශ්‍ය වෙයි. මේ රටවල් තුන මෙන් ම බටහිරයන් විසින්  බිහි කෙරී පෝෂණය කෙරෙන රාජ්‍ය නොවන සංවිධාන හා ඊනියා සිවිල ් සමාජය ද කිසිම ජාතිකත්වයක් නැති මාක්ස්වාදියෝ ද දෙමළ ජාතිවාදයට ආවඩති. ජෙනීවා යෝජනාවලට සහයෝගය දෙන්නෛ් ඒ පිරිස්, බටහිර ගැති එ ජා ප හා සිරිසේනවදී ශ්‍රී ල නි පක්‍ෂය ය.

  • ඉහත සඳහන් අයගෙන් එ ජා ප හා සිරිසේනවාදී ශ්‍රී ල නි ප හැරෙන්නට අනෙක් අය පිළිගත් පොදු මතයක් වූයේ දෙමළ ජනයාට යම් අසාධාරණයක් සිදු වී ඇති (මේ අසාධාරණය කුමක් දැයි ඔවුන්ට නිශ්චිත ව කිව නො හැකි ය) බවත් පසුගිය දශක කිහිපයක ඒ අසාධාරණයට යම් පිළියමක් සෙවීමට ආණ්ඩු පක්‍ෂය සූදානම් වන විට විරුද්ධ පක්‍ෂය එයට විරුද්ධ වන බවත් ය. ඒ හේතුව නිසා ඒ පක්‍ෂ දෙකෙන් ම සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට එංගලන්තයට හා විශේෂයෙන් ම ඉන්දියාවට අවශ්‍ය විය. එමෙන් ම එංගලන්තයට හා ඇමරිකාවට ඊනියා සිවිල් සමාජයට වඩාත් නිදහසේ බටහිර ප්‍රතිපත්ති මෙරට ගෙන යෑමට අවකාශය ලබා දීමට අවශ්‍ය විය. පක්‍ෂ දෙකේ ම ආණ්ඩුවක් ඊනියා ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වමින් විරුද්ධ පක්‍ෂයක් නැතිව කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා කලක සිට කීවේ එවැනි ඊනියා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව බටහිරයන්ට හා ඉනදියාවට තිබූ නිසා ය. ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය ම දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීම සඳහා විය. 

  • එහෙත් ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බටහිරයන්ට හා ඉන්දියාවට විය. එහි දී ඔවුන්ගේ ආධාරයට පැමිණියේ මහින්ද විරෝධී ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ය. චන්ද්‍රිකා කුමාරතුංග කවදත් දෙමළ ජාතිවාදී මතයක සිටි මහින්ද විරෝධියකු විය. ඇයට යම් ප්‍රමාණයකට මහින්ද විරෝධී ශ්‍රී ල නි පාක්‍ෂිකයන් එකතු කිරීමට හැකිවිය. එවැන්නන් අතර නිමල් සිරිපාල හා මෛත්‍රිපාල සිරිසේන වූහ. අගමැතිකම බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනාම තම අභිමතර්ථ ඉටු කර ගැනීම සඳහා පක්‍ෂය පාවාදීමට වුව ද සූදානමින් සිටියහ. ඉන්දියාව අවසානයේ දී මෛත්‍රිපාල තෝරාගත්තේ ය. 

  • එහෙත් එයට පළමුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප්‍රියතාව අඩුකිරීමට බටහිරයන්ට අවශ්‍ය විය. දෙමළ ජාතිවාදයට තැන දීම ඔවුන්ගේ අවශ්‍යතාවක් වූ නමුත් එය කරළියට නෙගැනීමට ඔවුහු වග බලාගත්හ. ඒ වෙනුවට දූෂණය, භීෂණය ඉදිරියට ගැනිණි. මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහුට හිතවත් අය දූෂිතයන් බවත්්, අධිකරණයට දේශපාලනය රිංගා ඇති බවත් සුදු වෑන් සංස්කෘතියක් මෙරට බිහි වී ඇති බවත් එ ජා පක්‍ෂය හා ඊනියා සිවිල් සමාජය මහජනතාාවට කීවේ ය. එයත් මදිවී සෝභිත හිමියන් ලවා ඊනියා සාධාරණ සමාජයක් පිහිටුවීම සඳහා සංවිධානයක් ද ඇටවූහ. 

  • මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා සාධාරණ සමාජය බිහිකිරීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයෙන් කැඩී වෙන්විය. ඔහුට තිබුණේ රාජපක්‍ෂලාගෙන් පළිගැනීම යන සිතුවිල්ල පමණ ය. රනිල් වික්‍රමසිංහ මහතාට බටහිරයන් මගින් රාජපක්‍ෂ රෙජිමයෙන් පළිගැනීමේ අවශ්‍යතාව වෙයි. ඔවුන්ට රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැත. මේ ආණ්ඩුව හා එහි පූර්වගාමියා පිහිටුවා මාස නවයකට වැඩි වුවත් පළිගැනීම හැර වෙනත් දෙයක් කර ඇත්නම් එ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුකොට ගෙන රුපියල අවපාත කිරීම පමණ ය. එදා දූෂිතයන ලෙස හංවඩු ගැසුණු ඇතැම්හු අද ආණ්ඩුවේ ය. ඔවුහු දැන් නිදොස් පුද්ගලයෝ වෙති. එයින් ම පැහැදිළි වනුයේ දූෂිතයන් ගැන බොරු උද්ඝෝෂණයක් කෙරී ඇති බව ය. මේ උද්ඝෝ්ෂණය තවම අවසන් වී නැත. ඊනියා මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා රාජපක්‍ෂ රෙජිමයේ ඇත්තන්ගෙන් පළිගැනීම දිගින් දිගට ම කෙරී ගෙන යයි.

  • මේ ආණ්ඩුව බටහිරයන් හා ඉන්දියාව විසින් බලයට පත්රෙැණා පමණක් නොවේ. ඉන්දියාව හා බටහිරයෝ ආණ්ඩුව ආරක්‍ෂා කරති. ආණ්ඩුව ඔවුන් කියන ඕනෑම දෙයකට හිස නමයි. ජෙනීවා යෝජනාව ගෙනෙනු ලැබුයේ එවැනි වාතාවරණයක ය. එම යෝජනා බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට රට පාලනය කිරීමට ය. රටේ ස්වෛරිභාවය යෝජනා මගින් නැති කර වෙනත් පාර්ලිමේන්තුවෙන් පිට පාලන තන්ත්‍රයක් ඇති කර තිබේ. මේ යෝජනා තවමත් මෙරට පර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරී නැත. පාර්ලිමේන්තුවේ බලය නැතිකළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අහවල් දෙයකට දැයි ආණ්ඩුව සිතන්නේ දැයි නො දනිමි. පහත පළවන්නේ යේජනා ගැන කෙටි විවරණයකි. මා පදනම් වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් යෝනාවල කෙටුම්පතක් මත ය. ආණ්ඩුව යෝජනා සම්බන්ධයෙන් කියන කතා සියල්ල පට්ටපල් බොරු ය. අපි එහි වගන්ති කිහිපයක් පමණක සලකමු.

  • යෝජනාවල දෙවැනි වගන්තියෙන් ම ඊනියාා සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තරයේ් සහයෝගය හා මැදිහත්වීම පිළිගැනෙයි. මෙහි වැදගත් වචනය මැදිහත්විම යන්න ය. තුන්වැනි වගන්තියෙන් එහි දී ඊනියා සිවිල් සමාජය හ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කිරීම ගැන සඳහන් වෙයි. හයවැනි වගන්තිය ඉතා භයානක ය. එමගින් ජාත්‍යන්තර විනිශ්චයකරුවන් නීතිඥයන් හා වෙනත් අය සහභාගි වන අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීම තරයේ සහතික කරයි. මෙය කොමි සමක් නොව අධිකරණයකි. ඊනියා යුද අපාර්ධ ගැන විනිශ්වයක් දීමට අද අධිකරණයක් පිහිටුවීම ප්‍රත්‍යාවලෝකන (අතීතයට බලපාන පරිිදි) වරදට  හසුවන්නකි. වරදක් සිදු වී ඇත්නම් එය විභාග කළ යුත්තේ එවකට පවත්්නා නීතිය යොදාගනිමිනි. ඒ සඳහා අළුතෙන් නීති සැකසීම වරදකි. ඒ අධිකරණය ක්‍රියා කළ යුත්තේ ලංකාවේ නීතිය යටතේ බව හයවැනි යෝජනාවෙන් කියැවෙයි. එහෙත් ඒ යෝජනා මගින්ම ලංකාවේ නීතිය කඩා ඇත. 

  • මෙරට ව්‍යවස්ථාවේ 4 (සී) වගන්තිය අනුව විනිශ්චය සභා පාර්ලිමේන්තුව විසින් පිහිටුවනු ලැබිය යුතු ය. එ විනිශ්චය සභා කවරේ දැයි ව්‍යවස්ථාවේ 105(1) වගන්තියෙන් දැක්වෙයි. මේ නව විනිශ්චය සභාව එහි ඇතුළත් නොවන අතර එය පිහිටුවා ඇත්තේ ජෙනීවාහි දී ය. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක ඡන්දයකින්වත් 4 වැනි වගන්තිය වෙනස් කළ නො හැකි ය. එය රටේ ස්වෛරිභාවය ආරක්‍ෂා කිරීමට ඇති වගන්තියකි. ඒ උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩුව රටේ ස්වෛරීභාවය නැතිකර ඇත. 

  • ජෙනීවා හත්වැනි වගන්තියෙන් පසුව ඇත්තේ දෙමළ ජාතිවාදය හා ඊනියා සිවිල් සමාජය පෝෂණය කරන වගන්තිය. අටවැනි වගන්තියෙන් රණවිරුවන් නීති විරෝධී අධිකරණයට ගෙන යෑමට අවසර ලැබෙයි. නවවැනි වගන්තියෙන් සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සිදුවෙයි. ඕනෑම අයකුට බොරු සාක්‍ෂි දීමට මෙයින් අවසර ලැබෙයි. චැනල් ෆෝ වීඩියෝ දරුස්මාන් වාර්තව  පිළියෙළ කළ අයුරෙන් මේ නීති විරෝධී විනිශ්චය සභාව බොරු සාක්‍ෂි මත පදනම් වී රාජපක්‍ෂවරුන්, ඔවුන් සමීපයේ සිටි අය හා රණවිරුවන් වෑරදිකරුවන් කරනු ඇත. 

  • දහවැනි වගන්තියෙන් කඳවුරු වසා ඉඩම් ආපසු ලබා දීම යුක්තියුක්ත කෙරෙයි. දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමේ දී රාජ්‍ය නොවන සංවිධාන අදිය යොදාගත යුතු යැයි ද කියැවෙයි. දොළොස්වැනි වගන්තියෙන් මහජන ආරක්‍ෂක පණත සංශෝධනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුළුමනින් ම ඉවත්කිරීමත් සිදු වෙයි. දහසයවැනි වගන්තියෙන් ඊනියා දේශපාලන විසඳුමක් ගැන කියමින් දහතුන්වැනි ව්‍යවස්ථාා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව හා පළාත්සභා සියළු බලතල සහිත ව ක්‍රියාත්මක විය යුතු බව පවසයි. ඉඩම් හා පොලිස් බලතල එමගින් පළාත්සභාවලට පැවරෙයි. දහහත්වැනි යෝනාවෙන් රණවිරුවන් නීති විරේධී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් වරද කරුන්ට දඬුවම් දිය යුතු බවත් කියැවෙයි. මේ නැවතත් ප්‍රතා්‍යාවලෝකණය කිරීමකි. දහඅටවැනි හා විසිවැනි යෝජනාවලින් එක්සත් ජාතීනගේ මානව අයිතිවාසිකම් කොමිසම දිගින් දිගට ම ලංකාව සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව කියැවෙයි. ඉතා පැහැදිලිව මින් මතු අපේ නීති සම්පාදනය කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් නොව එකිසත් ජාතීන්ගෙ මානව  හිමිකම් කොමිසම මගිනි. රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව අපේ ස්වෛරීභාවය නැතිකර ඇත. මේ ආණ්ඩුව දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දිම, ඊනියා රාජපක්‍ෂ රෙජිමයට හා රණවිරුවන්ට දඬුවම් දීම බටහිරයන්ට හා ඉන්දියාවට රට පාවාදීම සඳහා ය.  

  • නලින් ද සිල්වා

  • 2015 ඔක්තෝම්බර් 25