Tuesday, October 13, 2015

ග්‍රෑම් විස්සක් විතර සතුටුයි!


මට ගොඩාක් සතුටුයි!
ගොඩක්?
ග්‍රෑම් විස්සක් විතර සතුටුයි!
ඊයේ මම බලපු ෆිල්ම් එකට කිලෝවොට් හතරක් වගේ හිනා ගියා.
මට අරුත් එක්ක තරහයි එකසිය ගානට!
අපේ පූසා පැටව් දාලා.
කොහොමද පැටව් ලස්සනද?
මීටර් දෙසීයකට වඩා ලස්සනයි!



මානව චින්තනයෙන් නිපදවුනු භාෂාවට මානව චින්තනය සන්වේදනය කිරීමට අපහසුවී සංඛ්‍යාතම දත්ත ඉතා හොඳීන් සංවේදනය කිරීමට හැකිවීම සරදමකි...

2 comments:

  1. මටනම් හිතෙන්නේ භාෂා ඥානය මොටවීම, භාෂාව නිසිපරිදි අධ්‍යයනය නොකිරීම, සමාජ තලයන්හි ඇති හුදු ජනප්‍රිය, අශ්ලීල, පද වලට පමණක් සීමාවූ, වාග් මාලාවක් පමණක් දැනසිටීම, නිසා, නිවැරදිව, ඍජුව, සහ ව්‍යක්තව, අදහස් ප්‍රකාශ කරගන්නට බැරි සෑහෙන පිරිසක්, වර්තමාන සමාජයේ සිටින බව ය.

    ReplyDelete
  2. මානව චින්තනය කොහොමත් අපරිමිතයි

    ReplyDelete