October 14, 2015

මහඟු ප්‍රේමය

රැයේ නින්දත් නොනින්දත් මැද
යොදුන් ගව්දුර අෑත නුවරක
සීතලේ ගුලි වෙමින් ඉකිලන
මහඟු ප්‍රේමය මහද සනහන
සිහිනයෙන් මෙන් ළඟට සපැමිණ
පුසුඹ ඉව කොට ගතේ දැවටෙත......

හඬක් නෙ‍ානගා විටෙක මතුවන
පෙනී නොපෙනී කෙමෙන් බොඳවන
සිත පහන් වී ඔබේ රුව දැක
දෙනෙත් අග කඳුළක්ය මතු වෙන

No comments:

Post a Comment