මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Monday, October 12, 2015

රස කතා - 1


දවසක් මිනිහෙක් බයික් එකේ එනකොට මිනිහගේ යාලුවෙකුත් දාගෙන ගලහ හන්දිය පැත්තට එනකොට මිනිහගේ යාලුවෙකුත් නැගලා උවත් ගලහ හන්දියෙන් දාගෙන යන්ඩ කියල.. මේ කියන අයියට හෙල්මට් එකක් තිබුණා එත් අනිත් මෑන්ට නෑ. වහින්ඩ වගේ තිබුන නිසා දෙන්න පාගල ඇවිත්.කොහොම හරි ඩබල ගලහ හන්දියට කිට්ටු කරලා එනකොට ඉන්නවලු දෙයියනේ කියලා ට්‍රැෆික් පොලිස් .. දෙන්නව දැකලා දැම්මලු පාර මැද්දට පැනල අත.. අයෙත් හරවන්ඩත් බෑ නවත්තලා අනිත් මෑන්ව බස්සන්නත් බැලූ.. කොරන්ඩ දෙයක් නෑ නැවත්තුවලු බයික් එක..එතන ඉදන් දෙබස උනේ මෙහෙම
පොලිසිය: කොහෙද මේ හදිස්සියේ යන්නේ..
අපේ මෑන්: සර් ගෙදර යනවා කැම්පස් ඉවර වෙලා..
පොලිසිය: මොකද ඔච්චර හදිසීයේ..
අපේ මෑන්: සර් වහින්ඩ වගේ හින්ද ටිකක් වේගෙන් අවා සර්..
පොලිසිය:වාහනයක් පාරට දානකොට නීතියක් කියල එකක් තියනවා දන්නවනේ..
අපේ මෑන්:ඔව් සර්
පොලිසිය:එහෙනම් කොයි අයිසේ හෙල්මට්
අපේ මෑන්: (හෙල්මට් එක පෙන්නලා)මේ තියෙන්නේ සර්
පොලිසිය: තමුසෙගෙ නෙවේ පිටිපස්සේ එකාගේ..
අපේ මෑන්: (අනිත් ඩයල් එක දිහා බලලා ) අම්මටසිරි මචං උබත් නැග්ගද ..?

කන්තෝරුවෙ වෑඩ නිමවී ඉතා කුසගිනිවී ගෙදරට පෑමිණි තරුණ ස්වාමියා දුටුවේ තම රුවෑති බිරිද මෙගා ටෙලිනාට්යක් බලමින් සිටින ආකාරයයි....

සෑමියා :- මට හරිම බඩගිනි....මොනවද කන්න හදලා තියෙන්නෙ??

බිරිද. :- අනේ තාම මුකුත් හෑදුවෙ නෑහෑ.මම හිතුවෙ ඔයා තව රෑවෙයි කියලා...

සෑමියා :- බලනවා.... මේක හෑමදාම අහන බනේනෙ....මම ඉවසුවා හොදටම ඈති.මම අදනම් යනවා හෝටලේකින් කන්න..

බිරිද :- කේන්ති ගන්න එපා අනේ.... මට විනාඩි පහක් දෙන්න...

සෑමියා :- විනාඩි පහක්??... ඈයි විනාඩි පහෙන් දෑන් මට උයලා දෙන්න පුලුවන්ද??

බිරිද :- ඔයාට පිස්සුද?විනාඩි පහෙන් කොහොම උයන්නද?මට විනාඩි පහක් දෙන්න කිවුවෙ ඔයත් එක්ක හොටලේට කෑමට යන්න ලෑස්තිවෙලා එන්න..

ප්‍රශ්ණය - අපට කියන්න ඔබේ තරුණ කාලෙ ගැන

පිළිතුර - තරුණ කාලෙ මම ලේඛකයෙක්. ගොඩක් උසස් නිර්මාණ කරන්නයි මම උත්සාහ කලේ.

ප්‍රශ්ණය - ඔය 'උසස්' කියන එක ඔබ අර්ථ දක්වන්නෙ කොහොමද?

පිළිතුර - මෙහෙමයි... මේක අර්ථ දැක්වීමක්මත් නෙවෙයි. ඒ වුණාට මට ලියන්න ඕන වුණේ මුළු ලෝකෙටම අදාල, ලෝකෙම මිනිස්සුන්ට කියවන්න අවශ්‍ය දේවල්. ඒ කියන්නෙ මිනිස්සු ඇත්තටම හදවතින් සංවේදී වෙලා ප්‍රතිචාර දක්වන දේවල්. මිනිස්සුන්ට කෑ ගැස්සෙන, ඇඬෙන, වේදනාවෙන්, තරහෙන් බෙරිහන් දෙන්න සිද්ධ වෙන දේවල් තමයි මට ලියන්න ඕන කලේ...

ප්‍රශ්ණය - බොහොම හොඳයි. දැන් ඔබේ රැකියාව මොකක්ද?

පිළිතුර - මම තමයි දැන් මයික්‍රොසොෆ්ට් එකේ ERROR  මැසේජ් ලියන්නේ..

බලහත්කාරෙන්ම කැමතිකරවාගෙන ජනප්‍රිය සිනමා පටයක් බැලීමට ගිය බිරිඳ සිනමා පටය බලන අතරතුර ඔහුගේ ඇලපතට අන්නේය.

wife :බලනවකො මෙච්චර ලස්සන චිත්‍රපටියක් බලන්න අවිල්ලත් අර අපට ඉස්සරහ ඉන්න මිනිහ ගොරව ගොටරව නිදිනෙ. 
husband:ඔයා ඕකකියන්නද මාව ඇහැරෙව්වෙ?

දවසක්දා ස්වාමිපුරුෂයෙක් පාටි එකකට ගිහින් හොදටම බීලා රෑ දෙගොඩ හරි ජාමේ ගෙදර ආවා. ...ඒ ඇවිත් වෙරිමර ගාතේ ගෙදර සාලේ ලස්සනට තියල තිබ්බ මැටි බදුන් පොලවේ ගහපු මෙයා ගෙදර පුරා වමනෙ කලා.මෙයාගේ භාර්යාව මෙයාව කාමරේට ඇදගෙන ගිහිල්ලා මෙයාගේ ඇදුම් මාරු කරලා මෙයා වමනෙ කරපු තැන් සුද්ධ කරලා දැම්මා.

ස්වාමිපුරුෂයා පහුවදා උදේ නැගිට්ටාම මතක් වුනා කලින් දා රෑ පාටි එකට ගිහින් හොදටම බීලා රෑ වෙලා ගෙදර ඇවිත් පිස්සු නටපු හැටි. මෙයාට හොදටම ෂුවර් අද නම් උදේ පාන්දරම භාර්යාව ඊයෙ රෑ සිද්ධ උන දේවල වාඩුව ගන්න රණ්ඩුවක් පටන් ගන්න බව.මෙයා ඉතින් දෙවියොන්ට කිය කිය හිටියා රණ්ඩුවක් නම් ඇති වෙන්න එපා කියලා.

පොඩ්ඩක් නැගිටලා වටපිට බලනකොට මෙයා දැක්ක ලග තිබුනු මේසෙ උඩ පොඩි ලියුම් කෑල්ලක් තියෙන බව,ඉතින් මෙයා නැගිටලා ඒක ගත්තා. ලියුමේ මේ විදියට ලියලා තිබුනා

"මගේ වස්තුව,
මම ඔයාට ඔයා කැමතිම කෑම හදලා මේසෙ උඩින් තිබ්බා...මට උදේම මාර්කට් යන්න වෙනවා ඔයාට රස දවල් කෑමක් හදලා දෙන්න බඩු ගේන්න...මම ඉක්මනින් එන්නම්..
මම ඔයාට ගොඩක් ආදරෙයි.උම්ම්ම්මා..."

දැන් ස්වාමිපුරුෂයට ගොඩක් පුදුමයි. ඇයි ඉතින් කලින් දවසේ රෑ බීලා ඇවිත් පිස්සු නටපු විදියට මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.ඉතින් මෙයා පුතා ලගට ගිහින් හෙමීට ඇහුවා

"පුතාට මතකද ඊයේ රෑ මොකද උනේ කියලා"? කියලා.

"ඔව් තාත්තා හොදටම බීලා ගොඩක් රෑ වෙලා ගෙදර ආවේ
ඒ ඇවිත් ගෙදර බඩු පොලවේ ගැහුවා..හැමතැනම වමනෙත් දැම්මා
අම්මා ගොඩක් අමාරුවෙන් තාත්තව ඇදගෙන ගිහින් ඇදෙන් දැම්මේ..
එහෙම කරලා අම්මා තාත්තාගේ ඇදුමුයි සපත්තු දෙකයි ගලවනකොට තාත්තා කෑ ගහල කිව්වා

"උඹට පිස්සුද ගෑනියේ...මම කසාද බැදපු මිනිහෙක් මගේ ලගින් පලයන්..." කියලා...

ගුරුවරයා : ඇම්ඩා... මම බොහොම ලේසි ප්‍රශ්නයක් තමුසෙගෙන් අහනවා. ගහක කුරුල්ලෝ දහයක් හිටියා. දඩයක්කාරයෙක් කුරුල්ලෝ තුන් දෙනෙකුට වෙඩි තිබ්බා. දැන් ගහේ කුරුල්ලෝ කීයක්‌ ඉන්නවද?

ඇම්ඩා : එකෙක්වත් නෑ සර්.

ගුරුවරයා : මැට්ටෝ... කොහොමද එහෙම වෙන්නේ??

ඇම්ඩා : ඇයි සර් කුරුල්ලෝ වෙඩි සද්දේ ඇහුණාම තවත් එතන ලව් කර කර ඉන්නේ නෑනේ???


ඔන්න මහාචාර්ය වරයෙක් අපි ගන්න කෘතීම ආහාර ගැන දේශනයක් පැවැත් වුවලු ...

මහාචාර්ය වරයා > බලන්න මේ ලෙඩ දුක් ඔක්කොම අපිට කෘතීම රසකාරක යොදපු කෑම නිසා නේ .. දැන් අපි කෑම ජාති කන්න ඕන හරි පරිස්සමින් .... බලන්න මැගී නුඩල්ස්, ඇයි එකකට එකක් ඇලෙන්නේ නැත්තේ තැම්බුවා ම ..එ කට දානවා වැක්ස් එකක් .. ඒ වැක්ස් එක ඇග ඇතුලට ගියාම සති 3 විතර යනවා එක ආයි ඇගෙන් පිට වෙන්න ..කොච්චර අහිත කරද ඒවා ..

( මේම දේශනේ යද්දී අවසාන පුටුවල වාඩි වී සිටි පොරක් සිගරට් එකක් බිමට පටන් ගත්හ )

මහාචාර්ය වරයා මේක දැක

මහාචාර්ය වරයා > ඔය අවසාන පේළි වල ඉන්න පුතා ..ඔව් ඔයා "සිකරට් බොන්න එපා පුතා නිකටින් "

පොර > අනේ නැහැ ඩොක්ටර් මං බිව්වේ කටින් .....හී හී ..

මහාචාර්ය වරයා ට සසර කල කිරුනද ..තවත් බුද්ධි මත් පිරිසක් සිටින බැවින් කතාව දිගටම කරගෙන ගියේ ය .

මහාචාර්ය වරයා > බලන්න අපි හිතන් හිටියට සෝයා මීට් හොදයි කියලා දැන් ඔප්පු වෙලා තියනවා එකත් වහ කියලා ... එත කොට අපි බොන කිරි පිටි එහෙම් පිටින් ම රොඩ්ඩ ..එකේ කිසිම ගුණයක් නැහැ .... ඔක්කොම මේ ලෙඩ රෝග හැදෙන්නේ මේ කෘතීම කෑම නිසා හොදයි .. ඔයාලත් කියන්න බලන්න " 1පාරක් කෑවොත් දිගු කාලීනව විදවන්න වෙන කෑම ජාති ගැන ''

බලං ඉන්න පිරිසගේ කසු කුසුව අතරින් ආයිත් අර කටින් සිකරට් බොන පොර නැගිට

පොර > ඇයි ඩොක්ටර් " වෙඩින් කේක් ''.......

මේ කතාවල අයිතිය කතා නිර්මාණකරුවන් සතුය.  

No comments:

Post a Comment