මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Saturday, October 10, 2015

සඳ ගමන සැබෑවක් ද ?

සඳ ගමන සැබෑවක් ද ? එවැනි දෙයක් ඇත්තටම සිදු වුනා ද ? මේ දේවල් අපි සියැසින් දැක නොමැත. අපට ඇති එකම සාක්ෂිය වන්නේ ඒ සම්බන්ධව ඇති වාර්තා සහ ඡායාරූපයි. 

1969 දී ඇපලෝ 11 නමැති ඇමරිකන් රොකට්‌ටුවේ නැඟුණු නීල් ආම්ස්ට්‍රෝංග් එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස්‌ යන තිදෙනා හඳට ගිය බවත් ඒ තිදෙනාගෙන් එක්‌ අයකු හඳ වටා භ්‍රමණය වෙමින් පැවැති රොකට්‌ටුවේ සිටියදී දෙදෙනෙක්‌ (නීල් ආම්ස්‌ට්‍රොංග් සහ එඩ්වින් ඕල්ඩ්‍රින්) හඳට බැස්‌ස බව ඇමරිකාවේ NASA   ප්‍රකාශ කර සිටියද මෙය බොරුවක් බවත් ඇමරිකාවේ කුමන්ත්‍රණයක් පමණක් බවටත් බොහෝ දෙනක් මත පලකලා. 


ඉන්පසු  සඳ තරණය කිරීම සඳහා 1972 දී ඇපලෝ රොකට්‌ටුවක්‌ (ඇපලෝ 12) හඳ බලා ගිය බවත් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙක්‌ (චාල්ස්‌ කාන්ඩ්‍රඩ් හා රිචඩ් ගෝඩ්න්) හඳට බැස්‌ස අතර තුන්වැන්නා වූ ඇලන් බින් පමණක්‌ රොකට්‌ටුවේ සිටි බවත් NASA  ආයතනය ප්‍රකාශ කර සිටියා. 

මේ අවස්ථාවන් පිළිඹිඹු කරන චායාරූප කිහිපයක් නිකුත් කලත් ඒවාගේ මතභේදයට තුඩු දුන්නා. ඇතෙමෙක් ප්‍රකාශ කලේ මේවා හොලිවුඩයේ චිත්‍රාගාරයක් තුලදී බවක් ලබාගෙන ඇති බවක්.

1969 දී හඳට පළමුවෙන් අඩිය තැබූ නීල් ආම්ස්ට්‍රෝංග්  "හඳෙන් ගෙනා ගල්", හඳට ගිය රොකට්‌ටු, නීල් ආම්ස්ට්‍රෝංග් සඳ මත පය තැබූ විට ලාගෙන සිටි සපත්තුව යනාදිය ඇමරිකාවේ වොෂිංටන් ඩී. සී. අගනුවර පිහිටි මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

මේ කරුණු කෙසේ වේවා මිනිසා 1969 දී හඳට නොගිය බව කියන Conspiracy Theory කාරයන් හෙවත් විකල්ප අදහස්‌ කාරයන් දහස්‌ ගණනක්‌ ලොව පුරා වෙසෙනවා.

සඳ ගමන ගැන කොතරම් Conspiracy Theory (විකල්ප අදහස්‌) එහෙමත් නැත්නම් එය මිත්‍යාවක් පමණක් බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන විට NASA  ආයතනය ඒ සඳහා කිසිම ප්‍රතිචාරයක් හෝ සාක්ෂියක් ඉදිරිපත් කලේ නැහැ. NASA ආයතනයේ නිහඬ පිළිවෙත නිසා සඳ තරණය බොරුවක් බවට බොහෝ දෙනා විශ්වාස කරනු ලැබුවා.

1969 ජුලි 20 වනදා පටන් පැවති සැකයන් දුරු කරමින් NASA ආයතනය සඳ තරණයේ සංස්කරණය නොකරන ලද ඡායාරූප කිහිපයක් 8,400ක් ම එළිදක්වනු ලැබුවා. මේ ඡායාරූප පහත ලින්කුවෙන් බලා ගන්න පුළුවන්.














1 comment:

  1. ලෝකෙම ඉන්න ගෙරි තම්බි හැත්ත තමයි මිනිසා හඳට ගියා කියන එක විස්වාස කරන්නේ නැත්තේ. උන්ගේ ආගම බොරුවක් බව ඔප්පුවෙන නිසා.

    ReplyDelete