The Weather Chanel, Windows 10 වෙත පැමිණෙයි

The Weather Chanel, Windows 10 වෙත පැමිණෙයි

2464
1
SHARE

මේ දිනවල පවතින වර්ෂාව නිසා ගොඩක් දෙනෙකුට තමන්ගෙ එදිනෙදා කටයුතු වලට බාධා සිදුවනවා. ඒත් කාලගුණය කියන්නේ අපිට රිසි සේ පාලනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. නමුත් අපිට හැකි නම් විශ්වාසදායී කාලගුණ අනාවැකියක් ලබාගන්න අපේ කටයුතු සැලසුම් කිරීමේදී වඩාත් පහසු වෙයි නේද…

The Weather Channel Windows 10.jps

දැන් Windows 10 භාවිත කරන්නන් හට ඒ සඳහා අනගි අවස්ථාවක් සැලසී තිබෙනවා. ලෝක ප්‍රකට The Weather Company විසින් නිර්මිත The Weather Chanel app එක දැන් Windows App Store වෙතින් නොමිලේම ලබාගත හැක.

මෙමගින් දැනට වර්ෂාව පවතින ප්‍රදේශ, අකුණු සහිත කාලගුණික තත්ව මෙන්ම කාලගුණික තත්වයන් පිළිබඳ විශේෂ පුවත්ද important alerts ලෙස ලබාගත හැක.

මෙම app එක මගින්  නියමිත ස්ථානයකට අදාලව අනාවැකි ලබාදෙන “TruPoint” forecasts මෙන්ම විස්තරාත්මකව වර්තමාන තත්වයන්මෙම ලබාදීමත් සිදුකරනවා. තවද ඉක්මනින් load වන weather radar maps සහ customizable push alerts නිසාත් මෙම app එක වඩාත් ප්‍රයෝජනවත් වෙනවා නිසැකයි.

wp_ss_20151008_0002

උෂ්ණත්වයේ සිට ආර්ද්‍රතාව දක්වා ඔබට අවශ්‍ය තොරතුරු, ඔබේ දවස හා නිවාඩු කාලය සැලසුම් කිරීමට උදව් මෙන්ම HD video stream මගින් ඔබට ගමනේදී වුවද කාලගුණ වාර්තා නැරඹීම මෙම app එකන් පහසුවෙන්ම කරගත හැකිය. එමෙන්ම Cortana මගින් මෙම app එක ක්‍රියාකරවීමට හැකිවීමද විශේෂත්වයකි.

Download from Windows Store 

qr-weather-channel

Comments

comments

1 COMMENT

LEAVE A REPLY