ටෙක්ඩියුනෝ

ටෙක්ඩියුනෝ 

TechDuino යනු Kalinga Athulathmudali හා Techකතා කණ්ඩායම විසින් සමාජ සත්කාරයක් ලෙස ලොව ප්‍රසිද්ද Arduino හි මිල අඩු අනුකාරකයක් (Clone) TechDuino ලෙස සංවර්ධනය කර Microcontroller භාවිතා කිරීමේදී හා Programming (Embedded Software) ඉගැන්වීමේදී උවමනා වන උපකරණ සමග අඩුමිලට ලබාදීම සදහා පවත්වාගෙන යන ව්‍යාපෘතියකි. TechDuino ව නිකුත්වනේ Open Source Hardware ලෙස Attribution-NonCommercial-ShareAlike 3.0 Unported ලයිසනය යටතේ. මෙය සම්පුර්ණයෙන් ශ්‍රී ලංකාව තුල කල නිෂ්පාදනයකි.
මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වන්නේ Microcontroller ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන අයට ඒ සදහා අවශ්‍ය උපදෙස් නොමිලේ හා උපකරණ අවම මිලකට ලබාදී ආධුනිකයන්ගේ දැනුම මට්ටම ඉහල දැමීමයි.
මෙම උපකරණ සදහා නියම කරඇති මිල ගණන් සදහන් කර ඇත්තේ මේ සදහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට, නිෂ්පාදයට හා තැපැල් ගාස්තු ආවරණය කිරීමට සදහා පමණක් වන අතර මෙම ව්‍යාපෘතිය කිසිදු ලාභ ඉපයීමේ පරමාර්ථයකින් සිදුකරන්නක් නොවේ.
(Arduino යනු Atmel සමාගම විසින් නිපදවන ATmega micro controller එක භාවිතා කරන open source hardware platform එකකි.)
උපුටා ගැනීම : http://techduino.com/
මෙය භාවිත කරන ආකාරය පැහැදිලි කරන වීඩියෝ පෙළක්. මෙය ටෙක්කතා අඩවියෙන් උපුටා ගැනීමකි.





කේතය භාගත කර ගැනීමට
https://www.dropbox.com/s/6qhzgc363bnamm4/IR_Switch2.ino

මෙම අභ්‍යාස අත්හදා බැලීම සඳහා අවශ්‍ය කේත සහ අතිරේක උපදෙස් ලබා ගැනීම සඳහා පහත දැක්වෙන දිගුව ඔස්සේ යොමු විය හැකියි.

https://www.facebook.com/groups/Tkatha/files/

උපුටා ගැනීම : http://www.techkatha.com/category/arduino/

1 comment:

tech සයුර (Rohan Dhananjaya) said...

මේ කිට් එක ගන්න තියෙනවද?