Pages

Sandumal

Sandumal

Wednesday, October 7, 2015

•යථාර්තය


"ඒ තරු එලිය ලෝකය සනසන දාට..
මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත.."






පැන මඩ කඩිති වැව් තාවලු නොදුටු ලෙසින්..
සුවඳක් නොමැති කුසුමකි ගුරු පාද පියුම්..
රතු තොල් උල් කරන් දොඩනා වහසි බැනුම්..
පංතිය කුලය පට්ටම තුල ගිලුණු නුවන්..

සීතල සිහින සුරපුරයක සිහින දැක..
දහදිය කඳුලු සුවඳට ඔරවමින් හිඳ..
කොටුවෙන් එපිට ඇති ලෝකය නොදුටු සඳ..
පට්ටම මතම හිඳගෙන උඹ සිටිනු මැන..

ගුරුවරු දුටිමි මේ වගෙ උන් නොම දුටිමි
සවරම් ලොවට අපි පොෂ් මදි දැන ගතිමි..
ගීයක් කතාවක් කවියක් විඳ නොමැති..
තොප ගැන දුකක් නැත දුක දරුවන් නමිනී..

කියවා බලව ගුරු ගීතය එක සැරයක්
රසවිඳ බලනු ගුරු තරුවක් එක සැරයක්
වන්නට නොහැකිනම් ගුරු තරු එළියක්
නික්මෙනු මැනවි ගුරු කුලයට දී අරුතක්..

පාවෙන ලොවක දකිනා සිල්ලර සිහින
නොදකින දිනෙක බිහිවෙයි ගුරු තරු නිබඳ
ඒ තරු එලිය ලෝකය සනසන දාට..
මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත...

78 comments:

  1. අපේ ගුරුවරයාව හරියටම අපි කියවන්නේ ඉස්කෝලෙන් අස්වුනාට පස්සෙයි. හැබැයි ගුරුවරයව යම් තරමකින් හෝ තේරුම් අරන් තිබුනානම් පසුතැවීමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මට ඒ කතාව හරියටම තේරුනේ නෑ විචාරකතුමනි..

      Delete
  2. මගෙ ඒකපාර්ශ්වීය පෝස්ටුවෙ අනික් පැත්ත උඹ ලියල..
    දෙයක් කියන්න ඕන මචං අපි එදා අපේ ගුරුවරු දැක්ක විදියයි අතටත් ඒ අය දකි්නෙ ඒත් අද ඉන්න සමහරු දිහා එහෙම නෙවී ඒ අහලකිං තියන්න වත් බැරි තරං.. මං කියන්නෙ සමස්ථය නෙවී.. සුළුතරයක් ගැන. අදටත් අපිට පෙන්නන්න ඕන දේ මොකක්ද කියල දන්න ඒ වගේම පෙන්නපුවම ඇගිල්ල දිහා නොවේ පේනපු දේ මොකද්ද කියල හරියටම බල්න කියල ගුරුවරුඕන තරං...
    අගෙයි කවිය මචං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මට තාම උඹේ පෝස්ට් එක කියවන්න ලැබුනෙ නෑ.දෙපැත්තම එක විදියට පිරිහිලා මචං.ළමයිනුත් අන්තිමයි,බහුතරයක් ඒ වගෙම ගුරුවරයත් තමන්ගෙ ගෞරවය රැකගන්න දන්නෙ නෑ.. හරිම අමුතුයි, අප්‍රසන්නයි ගොඩක් දේවල්.

      Delete
  3. ලංකාවේ පිංතුරයක් දාපන්

    ReplyDelete
    Replies
    1. හොයාගන්න බැරිවුනා බං, මේකත් මේ හදිසියෙන් හොයාගත්තේ..

      Delete
  4. උඔට නිදහසක් ලැබෙන වෙලාවේ මෙහම හරි ලියන එක වටිනවා ඒත් මේකට කතාවකුත් තිබුනා නම් එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. උඹත් අර වැස්සේ තෙමි තෙමි බයික් එකේ ගිය කපල් එක වාගේ කාර් එකක් ගන්න බලාගෙන ඉන්නවා මෙන්ඩෝ ....

      Delete
    2. මු ගිය සැරේ කමෙන්ට් වලට රිප්ලයි දාලත් නෑ..වෙන වෙලාවක නම් ඡාතිය අමතනවා..

      Delete
    3. මෙන්ඩෝ...කතාවක්නම් ලියන්න ආසයි බං මටත්.ඒත් මහ මෙලෝ රහක් නැති ඒව බං ලියවෙන්නෙ.පලවෙනි පේලි දෙකෙන්ම මටම එපාවෙනවා..

      Delete
    4. සිංදුවෝ.. උඹ දැන් ඔය කියන්නෙ මං කතාවක් ලියන්නෙම නෑ කියල නොවෑ.. හිටුකො බොට මං!!

      Delete
    5. ආ මෙන්ඩෝ... අනේ සමාවෙයං රත්තරනේ... ඔන්න උඹ එහෙම කිව්ව නිසාම ඔක්කොටම කලින් ඒ ටිකට රිප්ලයි කරල ආවා.

      Delete
    6. අනේ උඹ ලියන කතා ....එකත් හරියට ගල් බලකායේ එවුන් ගල් බිව්වා වාගේ තමයි ...හැක් හැක්

      Delete
    7. හාකො හාකො ඉතින්..

      Delete
  5. අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
    අනාදිමත් කලක් ලියූ
    අ..අප රට අර බල
    ආ..ආන්තරාවක
    ඇ..ඇදී ඇදී යත
    ඈ..ඈතින් ඈතට
    ඉ..ඉහමොල මද නැති
    ඊ..ඊලඟ පරපුර
    උ..උන්ගේ ලෝකයෙ
    ඌ..ඌරන් වූ හැටි
    අප රට අර බල
    ආන්තරාවක
    ඇදී ඇදී යත
    ඈතින් ඈතට
    ඉහමොල මද නැති
    ඊලඟ පරපුර
    උන්ගේ ලෝකයෙ
    ඌරන් වූ හැටි
    ක ඛ ජ ට ද න ත ධ
    පැන පැන යනවිට
    ය ර ල ව සරලව
    පරලොව යන රඟ
    උන්ගේ අං මැද
    අපටයි අඃ අන්තිමේ

    නා‍ට්‍ය‍ය‍ -ගු‍රු‍ ත‍රු‍ව‍
    ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න ඇ‍තු‍ලු‍ පි‍රි‍ස‍

    ReplyDelete
    Replies
    1. මේක පට්ට නට්‍යය එල ද බ්‍රා සිංදුව..
      මේකේ අර මුදලාලි වාහනේ එල වන ගමන් කියන සිංදුවත් දාපන්..

      Delete
    2. ආ... ඔය තියෙන්නෙ ඉතින්.. හැබැයි ගුරු තරුවනම් මාත් තාම බලල නෑ. කවියෙ මං අදහස් කලේ ගුරු තරුව සිංදුව ගැන.

      Delete
    3. ආ... ඔය තියෙන්නෙ ඉතින්.. හැබැයි ගුරු තරුවනම් මාත් තාම බලල නෑ. කවියෙ මං අදහස් කලේ ගුරු තරුව සිංදුව ගැන.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මෙන්න මනොශයාටත් කම්මලේගේ ලෙඩේ බෝ වෙලා ....
      (මනො ගුරු තරුව නාට්‍ය "උඹේ බටේ" තියනවා ....)

      මට මල පනිනවා ආතර් ....

      Delete
    6. මොකද්ද බං කම්මලේ ලෙඩේ??

      ඔත්තුවට තැන්කූ... ඩවුන්ලෝඩ් කරලම තියාගත්තනම් හරි.

      Delete
    7. "උඹේ බටේ!!" ඒකත් මරු බං.

      Delete
  6. වැඩිපුරම හිත ගියේ මෙන්න මේ කවියට

    // කියවා බලව ගුරු ගීතය එක සැරයක්
    රසවිඳ බලනු ගුරු තරුවක් එක සැරයක්
    වන්නට නොහැකිනම් ගුරු තරු එළියක්
    නික්මෙනු මැනවි ගුරු කුලයට දී අරුතක්..//

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙන්නෝනිත් ඒකමයි තුශානි..

      Delete
  7. දැන් පේන්නැත්ද මේ කොහේවත් නැති උන්ට ගුරු පුහුණු දෙන හැටි.. හැක්.. හැක්

    කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ.. පැණ මඩ කඩිති කිව්ව ගමන්ම මං ගියා ඒ සිංදුව අහන්න. අනිත් ටික කියෙව්වේ පස්සේ ඇවිත්.. ඒ අස්සේ කාලෙකින් අහපු නැති ටීඑම්ගේ අදත් වැස්ස වහිනා කල මතක සුවද දැනේ සිංදුවත් අහගත්තා.. හැක්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඇවිත් ඉන්නෙ කොහෙවත් ඉන්න එවුන් තමයි බං.ඒකයි මෙහෙම ලිව්වෙත්.

      Delete
    2. සංසාර සාගරේ . චැහ්

      Delete
    3. පැද යන්න රිසි සේ...

      Delete
  8. හැම වෘත්තියම වගේ ගුරු වෘත්තියත් 'රස්සාවක්' උනොත් නැත්නම් පරස්ථාවක් කරගන්න සුදුසුකමක් විතරක් උනොත්.. හපොයි..
    //තොප ගැන දුකක් නැත දුක දරුවන් නමිනී..// තමයි ඉතින්..
    ගුරුවරුන්ට ලියන්න කියවන්න සාහිත්‍යයට මුහුවෙන්න අවස්ථාව දෙන්න වැඩපිළිවෙලක් නැද්ද? අනාගතයේ ගුරු මෑණිවරු වෙනුවට ගුරු 'අක්කිලා' බිහිවෙයිද දන්නේ නෑ.. අනේ ඇහෙම අය.. // නික්මෙනු මැනවි ගුරු කුලයට දී අරුතක්..//

    පට්ට පබැඳුම මනෝෂයෝ..

    ReplyDelete
    Replies
    1. //පට්ට පබැඳුම මනෝෂයෝ//
      ++++++++++++++++++++++++++++
      මට කලින් ඕක කියන්න අමතක උනා ..

      Delete
    2. //පරස්ථාවක් කරගන්න සුදුසුකමක් විතරක් උනොත්.. හපොයි.. //

      ඔය කියල තියෙන්නෙ ඇත්තම කතාව,හරියටම.. මේකට ගොඩක් කෙල්ලො ඇවිත් ඉන්නෙ ඔය සුදුසුකම සපුරගන්න විතරමයි.ඩොකෙක්,ඉංජෙක්, බිස්නස් කාරයෙක් බැඳගන්න.ඉංග්ලිශ් ජිව්වම කොහොමත් "මාර්කට්". මේකෙ ඉන්න සමහර උන් ඒ වැඩේ කරගත්තම ඒ වාහෙගෙම සල්ලි වලුන් බොන්ඩ් එකේ ලක්ෂ 5 බැඳල අයින්වෙනවා.ඒත් එක්කම මේ වටිනා අවස්ථාව ඒ වගේ කාලකණ්ණි කාබාසිනියා කරනකොට, හැබෑවටම දරුවෙක්ගෙ දෙනෙත් පාදන්න ආසාවෙන් ඉන්න හැබෑ ගුරු මවුවරු ලකුණින් දෙකෙන් මේකට නොතේර්‍රී ගෙවල් වල ඉන්නවා.සමහරුන්ට තේරුනත් ආර්ථිකය හරහට හිටිනවා.මේකනම් මහ කාලකණ්ණිම රටක්, කාලකණ්ණිම අධ්‍යාපන ක්‍රමයක්.

      Delete
    3. ස්තූතියි සින්දුව... ඒ වගෙම ඉවාන්ටත්..

      Delete
  9. ගුරු ගීතය අපට ආයෙත් ගයන්න බැරිවෙයි ......සදුමල් ..... එහි අරුත දැන් ඉන්න ගුරුවරු දන්නේ නෑ... ගුරු වෘත්තියක් පමණයි දැන් ....

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය ගයපු ගුරුවරු මට මගෙ ජීවිතේදි හමුවෙලා තියෙනවා නිහිංසා. ඒ වගේම ඒ ගුරුවරු තාමත් ඒ ගීය ගයනවා.ඒකයි මේ සමහරක් ගැන මට මෙච්චරටම දුක,කේන්ති.

      Delete
  10. ඇත්තෙන්ම අපි ගුරුවරුන්ව තේරුම් ගන්නේ පාසලෙන් අස්වෙලා ගොඩක් කාලෙකට පස්සේ, හරියට අර වයසට ගිහිං ඉද්දි තාත්තගේ අගය දැනෙනවා වගේ. උඹ මේ ගැන අවබෝධයෙන්ම ගමන අරඹන එක හොඳයි . ජය වේවා . ඉඳලා හිටලා හරි මේකෙත් මොනවා හි ලියපං

    ReplyDelete
    Replies
    1. මේ කුඩැල්ලා හැම එකේම එල්ලෙනවා ...ගනින් ඉවාන් ඔය ලුනු පොල් කට්ට ....
      කව්ද බන් මේ විදානේ කියන්නේ ....

      Delete
    2. ඉවාන්.. ඒ කතාව ඇත්ත.අපිටත් එහෙම අත්දැකීම් තියෙනවා.ඒත් මට බයයි,මේ ගුරු විද්‍යාල වලින් එහෙම ගුරුවරු බිහිවෙන්නැතිවෙයි වගේ..

      Delete
    3. අනේ තොපි දෙන්නනම්..!

      Delete
    4. සින්දුවෝ...

      ඇ ල් කො හො ල්....

      Delete
    5. පෙරඩ්....

      ෂටා.....ප්!!

      පත්තර සර්ට තදවෙලා..

      Delete
  11. අපූරුයි......

    // කියවා බලව ගුරු ගීතය එක සැරයක්
    රසවිඳ බලනු ගුරු තරුවක් එක සැරයක්
    වන්නට නොහැකිනම් ගුරු තරු එළියක්
    නික්මෙනු මැනවි ගුරු කුලයට දී අරුතක්..//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආර්‍යන්.. ඔබව සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  12. බැන්නද????? සද්දයක් දැම්මාද????? මොනවා වුණත් උඹට මේ විදිහට සුන්දර නිර්මාණයක් කරන්න මග පාදපු ඒ ගුරුවරයාට නම් මම කැමතියි..... නැත්තං උඹ මේක ලියන්නෙත් නැහැනේ.... හරි හරි...... මොනවා වුණත් මනෝෂ් මේ නිර්මාණය අනර්ඝයි..... ඔබ විසින් හිතට දැනුණු දුක පිට කරපු විදිහ සුපිරියි....................

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එහෙම එකක් දෙකක් නෙවෙයි ගී පවුරේ.. මේකෙ වෙනදේවල්, ලෙක්චරර්ස්ලගෙ හැටි,වැඩ,හැසිරීම,ආකල්ප දැක්කම කාලෙක ඉඳල හිතුන දැනුනු දෙයක්.ලෙක්චරර්ස්ල විතරක් නෙවෙයි,මේකෙ ගුරු සිසුසිසුවියන්ගෙ ආකල්ප පවා මහා කලකිරෙනසිලුයි..

      Delete
    3. මොකෝ බං මේක ඩිලීට් කලේ?ඉඳුකො මං මේල් එකෙන් හරි හොයාගන්නම්.

      Delete
  13. සොරි...
    පැන මඩ කඩිති කිව්වම මට මතක් උනේ මගේ ලමා කාලේ.. හැබැයි මෙහෙම බීලා ඒ මින‍ිස්සු හම්බෙන්නයන්න තා ම හිත දෙන් නෑ......

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මචං උඔ බොන දවසට වෙලාසනින් කියපිය එතකොට අපිටත් කසිප්පු බෝතලයක් හරි ගහලා ඉන්නම් නැත්නම් තෝ බිලා අපිව බයිට් එකට ගන්නවා..

      Delete
    2. ඔව් විදානේ............ බීපු ගමන් උඹට අැයි බං අපිව ම මතක් වෙන්නේ.... මොකක්ද බං අපි කරපු වරද උඹට........ අාය බොන දවසට කියහං..... අපිටත් අාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කර ගන්න....

      Delete
    3. මොකක්ද බං බොනවා කියන්නේ???

      Delete
    4. විදානේ..

      අපි හැමෝටම එහෙම ගුරුවරු එක්කෙනෙක් හරි ඉඳල තියෙනවා.ඒ අතින් අපි වාසනාවන්තයි.ඒත් අපේ දරුවන්ට එහෙම ගුරුවරු හම්බවෙයිද කියල සැකයි.

      Delete
    5. මෙන්ඩී...

      උඹ ඔය කටින්මද බං කීවේ???

      ගී පවුරේ...

      මෙන්ඩයි,විදානයයි දෙන්නම කලින් ඉන්ෆෝම් කොලානම් හරි නේද බං??

      Delete
    6. විදානේ..

      මොකද්ද බං ඇහුවේ??

      Delete
  14. එදා ගුරුවරු සහ අද ගුරුහොරු

    ReplyDelete
    Replies
    1. ගුටි කාපන් මධුවගෙන්

      Delete
    2. සොරි සොරි මනෝෂයගෙන්

      Delete
    3. නෑ බොල මනෝෂ්ගේ සර්ගෙන්....

      Delete
    4. සීයට අනූ නවයක් එහෙම තමයි..

      බණ්ඩත් සාදරයෙන් පිලිගන්නවා මේ ඉසව්ව..

      Delete
    5. ඇයි බං, ඔක්කොම හොරු වෙච්ච එකේ මං විතරක් හොරෙක් නොවී හරියනවැයි!!

      Delete
  15. ආ උබත් දැන් ගුරුවරයෙක්නෙ. ඒක නිසා ගුරු දිනයට මොනවහරි ලියන්නම ඕන තමයි. ඇත්තටම ගුරුතරුවක් වෙන්න පුළුවන්නම් තමයි වටිනාකම තියෙන්නෙ. කවියෙ කියනව වගෙ එහෙම බැරිනම් දාල යන එකයි තියෙන්නෙ හරියට මං වගේ.

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වොත් තාම ගුරු පැටියෙක්.ගුරු දිනේ නිසාමත් නෙවෙයි මේක ලුව්වෙ.ඒත් ගුරු දිනේ දවසෙ වෙච්ච සමහර දේත් මේකට හේතු උනා. හැබෑවටම ගුරු ජීවිතේට සමුදුන්නැයි? ඒත් ඒ මොකෝ??

      Delete
    2. රජයේම වෙනත් රැකියාවක් ලැබීම තමයි ප්‍රධානම හේතුව. නමුත් උසස් පෙළ පන්තිවලට උගන්වන අපහසුවත් බලපෑව. සමහර සිසුන් සමග වැඩකරන එක හරිම අමාරුයි.මට ඔවුන් සමග කටයුතු කිරීමේ කුසලතාව නැති නිසාද දන්නෙ නෑ.
      මට ලැබුනෙ උපාධි ගුරු පත්වීමක්. උඹලට වගෙ කිසිම පුහුණුවක් නැහැ. විද්‍යා පීඨවල අවුරුදු දෙකක පුහුණුව හා සීමාවාසික අවුරුද්ද ගුරුවරයෙකුට හුගක් වටිනවා. නමුත් උපාධි පත්වීමකදි ගුරුවරයට තියෙන්නෙ විශය දැනුම විතරයි.
      විද්‍යා පීඨ ගුරුවරුත් එක්ක උපාධි ගුරුවරුන්ගෙ යම් පසුබෑමක් තියනව වෙන්න ඇති ළමයි එක්ක ගනුදෙනු කරන විට. මාතලන් වගෙ කෙනෙකුටනම් නසරානියො ආම්බාන් කරගෙන ඉන්න පුළුවන් ඇති. හෙහ් හෙහ්

      Delete
    3. මොන හේතුවකටද මංද අද ඉස්කෝල වල හයෙන් ඉහල ඉඳලම ඉන්නෙ නසරානියෝ.උන්ව ආම්බාං කරන එක ලේසි නෑ.ඒ කාලෙ වගේ ගහලවත් උන්ව ගොඩගන්න බෑ.එහෙම කලොත් එක්කො සර් ගුටිකනවා,නැත්නම් හිරේ යනවා.

      විද්‍යාපීඨෙ කියල අමුත්තක් වෙන්නෙ නෑ,ඇතුලට ගිය එකාමයි ආයෙ එලියට් එන්නෙ,ආකල්ප වලවත්, දැනුමෙවත් කිසිම වෙනසක් නෑ.සහතිකේ ගන්න එක විතරයි.ඒව ගැන කතාකරල වැඩක් නෑ.

      Delete
  16. උඹ නියම ගුරුවරයෙක් වෙයන් අර ජාතියේ ගුරුවරුන්ටත් උඹෙන් ගුරුකම් ගන්න වෙන විදියට.

    ReplyDelete
    Replies
    1. ගුරුකං කිව්වේ මං හොර හොරාට කරන එවුවටද?

      Delete
    2. උඹ ගුරෙක් වෙනවනම් මං යකදුරෙක් වෙනව බං.ඕ යේස්

      Delete
    3. @මනෝජ්...

      සිහිනයනම් එලෙසමයි...

      Delete
    4. විදානයෝ..

      ඉඳහං විදානි මුණගැහුනු දවසක කියන්නම් මං උඹ එයාටත් හොරට ගුරුකමක් කොරල තමයි රවට්ටගත්තෙ කියලා.!!

      Delete
    5. @පත්තරේ..

      මං යකා වෙන්නම්..

      Delete
  17. වැඩිපුර සිම් තියනවනං මටත් එකක් දියකො :D .හැක හැක

    ReplyDelete
  18. Replies
    1. http://madhumadhavi135.blogspot.com/2015/08/01.html

      Delete
    2. මරු මචෝ.. මං කියෙව්වා.කමෙන්ට් එකකුත් කොටාගෙනම ආවා.

      Delete