.

Tuesday, October 6, 2015

මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මකර

තම කටයුතු සාර්ථක කර ගැනීමට කැපවීම උනන්දුව සහ උත්සාහය නොමදව අවැසිය. පවුලේ ඥාතීන් අතර සුහදතාවය පළුදුවීමට. රැකියාවේ ස්ථාන මාරුවීම්. අධ්‍යාපන සඵලත්වය. ලේ දූෂ්‍ය රෝග ඇති වේ.


මකර ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බලාපොරොත්තු ඉටුකර ගැනීමට තරමක් වෙහෙස විය යුතු බව කිව හැකිය. මෙම ග්‍රහචාරය අනුව යෝගකාරක සිකුරු අටවැන්නේ විම මකර ලග්න හිමියන්ට බලවත් අවාසියකි. ලග්නාධිපති ශනි සතුරු ස්ථානගතය වුවත් අයස්ථානයේ සිටීම යෝග්‍යය වේ. භාග්‍යස්ථානාධිපති බුධ නවවැන්නේත් ස්වඋච්ච වන ගෝචරය යහපති. මේ අනුව මකර ලග්න හිමියන්ට මෙම මාසයේදීත් තම ගෙදර දොර කටයුතුවල සාමය සමාදානය පවත්වා ගැනීම වෙනුවෙන් උනන්දු විය යුතුය. පවුලේ ඥාතීන් අතර සුහදතාවය රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසු හැකි වනු ඇත. තරුණ තරුණියන්ට මංගල යෝජනා මෙන්ම යහපත් අනාගත සහකරු හෝ සහකාරියක සොයා ගැනීමේ වාසනාව ඇත.

රැකියා කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි විය යුතු අතර බොහෝවිට මානසික සහනය අවම වනු ඇත. රැකියාවේ ස්ථාන මාරු අපේක්ෂා කල අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකි වේ. ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙන නමුත් මකර ලග්න හමියන්ට තම ව්‍යාපාර නව මාවතක් කරා ගෙන යාමට හැකිවේ. පොළොව ආශ්‍රිත ව්‍යාපාර කරන මකර ලග්න හිමියන්ගේ වයාපාර බොහෝ දියුනු වන අතර විශේෂ ලාභ ලැබීම්ද බලාපොරොත්තු විය හැකිය.

අධ්‍යාපනය කටයුතු තුලින් තමන්ගේ අනාගත ඉලක්ක සපුරාගත හැකි වන සේ කටයුතු කිරිමට ඉඩ සැළසේ. නව විෂය ධාරාවන් කෙරේ සිත් ඇදී යයි. පරිගණක, ඉංජිනේරු, නව තාක්ෂණික සහ උසස් කළමණාකාර අධ්‍යාපන හදාරන අයගේ දක්ෂතා ඉස්මතු වේ.

ලේ දූෂ්‍ය වීම් සහ පපුවේ සෙම්ගති සහිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 4, 8
ශුභ දින -  සඳුදා, බදාදා
ශුභ වර්ණ - නිල්, දුඹුරු, 

0 comments :

Post a Comment