.

Tuesday, October 6, 2015

කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කුම්භ

මානසික අසහනය සහ නොසන්සුන්තාවය කටයුතු අවුල් වීම. ගෙදරදොර කටයුතු යහපත්ය. විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ. විදේශ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය ඉහළට. ඇස් හිස් මුඛ රෝග. 


කුම්භ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව මිශ්‍ර ඵල ලැබෙන බව කිව හැකිය.  යෝගකාරක සිකුරු සහ ශුභ ග්‍රහයෙකු වන කුජ හත්වැන්නේ ගෝචරය වීම ගෙදර දොර සහ පවුලේ සතුට සමාදානය රැක ගැනීමට හේතු වේ. නමුත් කිසියම් මානසික අසහනය සහ නොසන්සුන්තාවය විටින් විට මතු වෙන අතර එමගින් කටයුතු අවුල් වීමට පුලුවන. එබැවින් එවන් විටෙක මනස සන්සුන් කර ගැනීම සහ ආගම දහමට යොමු වීම බෙහෙවින් සහනදායක වෙයි. කුම්භ ලග්න හිමි තර්ණ තරුණියන්ට යහපත් මංගල යෝග උදා වෙන පරිසරයක් ඇත.  යහපත් යුග දිවියකට අවැසි සුදුසු අනාගත සහකරුවන් හඳුනාගැනීමට අවස්ථාව සැළසේ. ගමන් බිමන් හේතුවෙන් වියදම් අධික වෙනු ඇත.

රැකියා සහ ව්‍යාපාරවල වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සුදු වේ. රැකියා සහ ව්‍යාපාර කටයුතු කරන කුම්භ ලග්න හිමියන්ට වගකීම් රැසක් පැවරෙන කාලයකි. වෙනදාට වඩා ගත සිත දෙකම වෙහෙසට පත්වීම තුල කිසියම් අසහනකාරී තත්වයක්ද මතු විය හැකිය. යහපත් අයුරින් කරගෙන ගියදෑ යම් යම් විදියේ අවුල් සහගත තත්වයත් ඇති වේ. ඔබ විසින් ගන්නා තීන්දු තීරණ ගැටලු සහගත තත්වයක් නිර්මාණය විය හැකි නිසා හැමවිටම කල්පනාකාරී විය යුතුය. දැනට විදේශ සම්බන්ධ රැකියාවල නියුතු අයගේ ලාභාංශ ඉහළ යන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රචාරණය යහපත් ලෙස ඉබේම මෙන් සිදු වේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව උත්සාහය මත තම බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට අවස්ථාව ඇත. විවිධ පොත්පත් ඇසුරු කිරීමෙන් බොහෝ දැනුම ලබා ගන්නා කාලයකි. තරඟ විභාගාදීයට යෑමට ප්‍රථම බුද්ධිමතුන්ගේ සහයෝගයෙන් සහ කාරුණික ගුරු උපදේශයන් මගින් ඔබේ ජයග්‍රහණ තහවුරු කර ගත හැකිය. 

දන්ත, විදුරුමස් සහ චර්ම  රෝග උත්සන්න විය හැකි බැවින් කල්පනාකාරීව ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.  උපතේදී සඳු සිටින තැන අනුව මෙම ප්‍රථිපල අඩුවැඩි වන බව සැළකිය යුතුය.

ජය අංක - 3, 7
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - නිල් , සුදු

0 comments :

Post a Comment