Apple විසින් Windows 10 සඳහා පොඩි විහිළුවක්

Apple විසින් Windows 10 සඳහා පොඩි විහිළුවක්

4137
1
SHARE

Apple ආයතනය Windows 10 Logo එක වැනි Logo එකක්  iCloud calendar support හි පලකර තියෙනවා. ඒත් එහි පල කරලා තියෙන්නේ Windows 10 Logo එක වෙනුවට නිකන්ම නිකන් ජනේලයක (Window) රූපයක්. මේක දැකගන්න පුළුවන් මේ පිටුවේ පහල දකුණු කෙළවරට ගියොත්.

https://support.apple.com/en-lk/HT203521

Capture

මේක වැරදීමක්නම් නෙවෙයි කියලා හොඳින්ම පේනවා.මේ කාලයක් තිස්සේ තිබ්බ නිහඬ බව නැතිකරන්න කරපු වැඩක් වගේ තමයි පේන්නේ. කාලයක් තිස්සේම මේ සමාගම් දෙක අතර තරඟයක් තිබෙන බව කවුරුත් දන්නා කරුනක්. මීට කාලයකට පෙර Microsoft සමාගම  Apple iPhone  සඳහා එලව එලවා පහරදුන්න් ඒ Video series එක අපිට මතකයි.( ඒ වෙළඳ දැන්වීම් කිහිපයක් පහලින් දක්වා ඇත )

ඒ ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමේ ආරම්භයක් වගේ තමයි මේකත්. ඒ වගේම මීට මාසයකට පෙර තිබූ Apple event එකකදී Apple සමාගමේ CEO , Tim Cook සමාගමට ආරාධනා කාරලා තියෙනව iPad Pro එකේ ඵලදායීතාව ගැන කතාකරන්න එන්න කියලා. ඒ වගේම  Redmond දැවන්තයා ( Microsfot සමාගම) සමග සම්බන්ධතාවයක්ට සැරසෙන බවට ඉඟියක් ඵලකරලා තියෙනවා.

අපි බලමු ඉදිරි දින වලදී Microsoft සමාගම Apple සමාගමේ මේ සමච්චල් වලට කොයි විදිහට ප්‍රතිචාර දක්වාවිද කියලා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY