.

Saturday, October 3, 2015

වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015

වෘශ්චික

ශුභපල අධිකව අත්පත් කර තැනීමට භාග්‍ය ඇත. ගෙදරදොර සාමය පවත්වා ගනී. විදේශ සම්බන්ධ කටයුතුවලට යොමුවීමට හෝ ඒවා දියුණුවට මග පෑදේ. රැකියාවේ හෝ ව්‍යාපාරයේ කැපී පෙනෙන දියුණුවක් අත්කර ගනී.


වෘශ්චික ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව ශුභ ඵල රැසක් ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන යෝගකාරක ගුරු සහ සඳු කේන්ද්‍රස්ථානවලද, ශුභ ග්‍රහයෙකු වන රවි අයස්ථානය වූ එකොළොස්වැන්නේ ගෝචරය වීම මගින් සාර්ථක ප්‍රථිපල ලැබෙනු ඇත. අයස්ථානාධිපති බුධ ස්ව උච්චව අයස්ථානයේම සිටින අතර ධනස්ථානාධිපති ගුරු රැකියාස්ථානයේ සැරිසරයි. සඳු වෘෂභයේ උච්චව මාසය ආරම්භ වන අතර ගෙදරදොර කටයුතු පවුලේ සමගිය සහ දියුණුවට එය ශුභ ලකුණකි. විවාහ වීමට බලාපොරොත්තු වන තරුණ කරුණියන්ට යහපත් මංගල යෝජනා මෙන්ම උරුම දේපල වස්තුව හිමි සහකරුවෙකු සහකාරියෙකු ලැබීමේ භාග්‍ය හිමිය. මෙය වෘශ්චික ලග්න හිමියන්ට අධික ශුභඵල සහිත ග්‍රහ ගමනකි. 

රැකියා ස්ථානය හිතකර පරිසරයකි. තම උනන්දුව උත්සාහය නිතැතින්ම ඇති වී ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පත්වී විවිධ වරප්‍රසාද සහ පැසසුම් ලැබීමට නියමිතය. ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යෙදී සිටින වෘශ්චික ලග්න හිමියන් තම ව්‍යාපාර කැපකිරීමෙන් යුතුව ක්‍රමවත්ව පවත්වා ගෙන යෑමත් හොඳ ආදායම් ලැබීමත් පෙන්නුම් කෙරේ. තැන්පත් ධනයේ වර්ධනයක් දැකිය හැකි අතර අත්‍යාවශ්‍ය දේවල් උදෙසා සහ නව ආයෝජන කෙරෙහි සිත යොමු කරනු ඇත.

අධ්‍යාපනය පිළිබඳව තම කටයුතු සැළසුම් කිරීමේදී බොහෝවිට කලබලකාරී බවක් පෙන්නුම් කරන අතර එය නිසියාකාරව කරතොත් අධ්‍යාපනයේද හොඳ පිම්මක් පැනීමට හැකි වන ග්‍රහ බලයක් ඇත.  නමුත් තීරණ ගැනීමේදී යම් දුර්වලතා ඇතිවන බැවින් නිවැරදි තීරණ ගැනීමත් බුද්ධිමත් සහ කාරුණික ගුරුවරුන්ගේ මග පෙන්වීම සහ අවවාද පිළිපැදීම මගින් ගැටලු අවම කරගැනීමට හැකි වේ.

උදරාබාධ සහ සෙම් ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 5, 7
ශුභ දින -  සිකුරාදා, බදාදා
ශුභ වර්ණ - නිල්, කහ

0 comments :

Post a Comment