.

Saturday, October 3, 2015

තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015

තුලා

කල්පනාකාරීව අවධානම් කටයුතුවලින් මගහැරීම නුවණට හුරුය. බාධක අභියෝග මැඩ බොහෝ කටයුතු සපල වේ. හදිසි ධන ලාභ, භූමි ලාභ සහ වස්තු ලාභ හිමිය. හදිසි අනතුරු සහ අපත්‍යකාරක දෑ වලිවන් මගහරින්න.

තුලා ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව උත්සාහයෙන් ශුභ ඵල නෙළාගත යුතු බව කිව හැකිය.  යෝගකාරක ශනි වෘශ්චිකයේ සතුරු රැසක වුවත් ධනස්ථානය වූ දෙවැන්නේ සිටීමත්, ලග්නාධිපති සිකුරු සිංහයේ සතුරු රැසක වුවත් අයස්ථානයේ සිටීමත්, අතිශය ශුභ ග්‍රහයෙකු වන බුධ වැයස්ථානය වූ දොළොස්වැන්නේ සිටීමත් මීට ප්‍රධාන හේතු කාරණා වේ.  තම වැඩ කටයුතු සම්බන්ධව අස්ථාවර බවක් දක්නට ලැබෙන මුත් උනන්දුව උත්සාහය මත යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමේ අවස්ථාව ඇත. ධනකාරක ගුරු අයස්ථානගතව ශක්තිමත් කුජ සහ ලග්නාධිපතිගේ අනියම් උදව්වෙන් ආදායම් මාර්ග ලබා ගත හැකිය.  යෝගකාරක ශනි ධනස්ථානයේ බැවින් හදිසි ධන ලාභද පෙන්නුම් කෙරේ. විදේශගත වීමට සිතුවේ නම් ඒ සඳහා අවකාශ ඇත. අවධානම් කටයුතුවලින් විවිධ දුෂ්කරතා පැන නගින බැවින් ඒවායින් ඈත් වීමට නිතර සිහි තබා ගත යුතුව ඇත. විවාහා අපේක්ෂකයන්ගේ අරමුණු මුදුන්පත් වේ. 

රැකියා සහ ව්‍යාපාරවල වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සුදු වේ. යහපත් අයුරින් කරගෙන ගියදෑ යම් යම් අයගේ අයුතු බලපෑම් මධ්‍යයේ අවුල් සහගත තත්වයත් ඇති වේ. ඔබ විසින් ගන්නා තීන්දු තීරණ ගැටලු සහගත තත්වයක් නිර්මාණය විය හැකි නිසා හැමවිටම කල්පනාකාරී විය යුතුය. දැනට විදේශ සම්බන්ධ රැකියාවල නියුතු අයගේ ලාභාංශ ඉහළ යන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රචාරණය යහපත් ලෙස ඉබේම මෙන් සිදු වේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව උත්සාහය මත තම බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට අවස්ථාව ඇත. විවිධ පොත්පත් ඇසුරු කිරීමෙන් බොහෝ දැනුම ලබා ගන්නා කාලයකි. තරඟ විභාගාදීයට යෑමට ප්‍රථම බුද්ධිමතුන්ගේ සහයෝගයෙන් සහ කාරුණික ගුරු උපදේශයන් මගින් ඔබේ ජයග්‍රහණ තහවුරු කර ගත හැකිය. 

දන්ත, විදුරුමස් සහ චර්ම  රෝග උත්සන්න විය හැකි අතර හදිසි අනතුරුවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.  උපතේදී සඳු සිටින තැන අනුව මෙම ප්‍රථිපල අඩුවැඩි වන බව සැළකිය යුතුය.

ජය අංක - 3, 7
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - රතු, කහ

0 comments :

Post a Comment