.

Saturday, October 3, 2015

කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කන්‍යා

ආදායම් තත්වය, විදේශ සම්බන්ධ කටයුතු සාර්ථක වේ. විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගනී. රැකියාවේ පැවති බාධාකාරී තත්වයන් පහව යයි. නව රැකියා සඳහාද සිත යොමු වේ.

කන්‍යා ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බාධක අවහිරතා මධ්‍යයේ වුවද සාර්ථකත්වයක් කරා පියමං කිරීමට භාග්‍ය ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන යෝගකාරකයන් වූ බුධ සහ සිකුරු ලග්නයේත් සහ දොළොසේවැන්නේත් වීම මෙයට හේතුවයි. නිවෙස තුල සාමය සමගිය පවත්වා ගැනීමට තරමක් උනන්දු වීම් සහ කැපකිරීම් කිරීමට සිදුව ඇත. පවුලේ ඥාතියෙකුගෙන් විශේෂ උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නම් එය ඉටු කර ගැනීමට මෙය සුදුසු වාතාවරණයකි. විදෙස්ගත අයෙකුගේ උදව් උපකාරද හිමිවන අතර විදෙස් ගමන් බලාපොරොත්තු අයට තම අදහස් මුදුන් පමුනුවා ගැනීමට උනන්දු වීම මගින් ඊට අවස්ථාව සැල සේ. විවාහ වීමට අදහස් කරන තරුණ තරුණියන්ගේ මංගල කටයුතු සාර්ථක වන අතර ඔවුනට සුදුසු මංගල යෝජනා සහ තම අදහස් හා ගැළපෙන සහකරුවෙකු ලැබෙන යහපත් කාලයකි. නමුත් බොහෝ දේ සඳහා ඉක්මන් තීරණවලට එළැඹියත් මංගල කාරනා සඳහා තවදුරටත් උදාසීන භාවයක් දක්වනු පෙනේ. එය රාහු කේතුගෙු ගෝචරය නිසාය.

රැකියා ස්ථානය සහ රැකියා කටයුතු සතුටුදායක වන අතර පැවතියා වූ යම් යම් ගැටලුකාරී තත්වයන් පහව යනු ඇත. නව රැකියා ගැන උනන්දුවන අයට නව රැකියාත්, දැනටමත් රැකියා කරන අයට විවිධ වරප්‍රසාද උරුම අතර, ව්‍යාපාරිකයන්ගේ කටයුතු විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ජයග්‍රහණ කරා ගෙනයාමට අවශ්‍ය වාතාවරණයත් ඇත. උනන්දුව සහ කැපවීම මත තත්වය ඉහල දා ගත හැකිය. විදෙස් රැකියා හෝ විදෙස් ආදායම් වැඩිකර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් බැවින් ඒ සඳහා උනන්දු වන්න.

අධ්‍යාපනය කටයුතුවලට විවිධ අවහිරතා බාධක ඇතත් ධෛර්ය සම්පන්නව උනන්දුවෙන් කැපවීමේන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ඉහත බාධක ජය ගැනීමට හැකිය. පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනටම මෙය පොදුය.

චර්ම රෝග, පිත්ත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 4, 7
ශුභ දින -  බදාදා, සිකුරාදා
ශුභ වර්ණ - නිල්, දුඹුරු

0 comments :

Post a Comment