.

Saturday, October 3, 2015

වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

වෘෂභ

බුද්ධිමත් වබ සහ උත්සාහය සමගින් තම කටයුතු සාර්ථකව පවත්වා ගෙන යා හැකි ග්‍රහ තත්වයක් නිර්මාණය වේ. මංගල යෝජනා ඉදිරිපත් වුවුත් ස්ථිරත්වයට පත් නොවේ. අබියෝග ජය ගැනීමට සමත් වෙයි. විදේශ රැකියා හෝ නව රැකියා. හිසේ සහ ඇස් රෝග අවදානමක්.


වෘෂභ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බලාපොරොත්තු රැසක් සාර්ථක ලෙස ඉටුවන බව කිව හැකිය. යෝගකාරක ශනි සතුරු රාශිගත වුවත් දික්බලව හත්වැන්නේ සිටී. ලග්නාධිපති සිකුරු ඔබට ශුභ ග්‍රහයෙකු වූ කුජ සමග හතරවැන්නේ සිටිමින් එකොළොස්වැන්න වූ අයස්ථානාධිපති ගුරු සමග සංයෝගයෙන් ගෝචරය වන මේ කාලය ඔබගේ ගෙදරදොර කටයුතු ඔබ සිතනවාටත් වඩා හොඳින් සිදුවන බව කිවහැකිය. කුටුම්භස්ථනය වු දෙවැන්න සහ පුත්‍රස්ථානය හිමි පස්වැන්නේ එහි අධිපති බුධ ස්වක්ෂේත්‍ර නිසා නිවස තුල සාමය සමාදානය සහ සතුට රජයනු ඇත. උනන්දුව උත්සාහය වැඩිවෙන අතර බුද්ධිමත් බවද තිරිහන් වනු ඇත. සැහැල්ලුවෙන් විසිය හැකි කාල සීමාවකි. තරුණ අයට දෙමාපිය සහෝදර සහෝදරියන්ගේ නොමද සහයෝගය ද විවාහ අපේක්ෂකයන්ට මංගල යෝගද පවතින කාලයකි. එහෙත් විවාහ ස්ථිර කර ගැනීමට කල්ගත වනු ඇත. විවාහක අයට යහපත් දරුවන්ද, දරු මුනුඹුරන් සිටින අයට චිත්තප්ප්‍රීතියද නොඅඩු ලැබෙනු ඇත.  

රැකියා ස්ථානය වූ දසවැන්න අධිපති සෙනසුරු හත්වැන්නේ තවදුරටත් සතුරු රාශියේම ගමන් කිරීම හේතුවෙන් රැකියා ස්ථානයේ යම් යම් අයගේ බලපෑම් නිසා කටයුතු අවුල් වුවත්, ඔබගේ යෝගකාරක වු ශනි අයස්ථානයට, ලග්නයට සහ හතරවැන්නට දෘෂ්ඨි හෙළීම හේතුවෙන් රැකියාව, ආදායම, ඔබගේ තත්වය සහ ගෙදරදොර පරිසරය ඔබට හිතකාමී වනු ඇත.  නව රැකියා බලාපොරාත්තු වන අයට සුදුසු රැකියාත් කැපවීමෙන් රැකියා කරන අයට විවිධ වරප්‍රසාදත් රැකියාවට සරිලන ආදායමත් ලැබෙන බව සහතිකය.

අධ්‍යාපනය නියෝජනය කරන හතරවැන්න සහ පස්වැන්න ශක්තිමත් බැවින් රාජ්‍ය අංශයේ රැකියා අභිමුඛ අධ්‍යාපන කටයුතු්වල සාර්ථක වීමත්, වෘත්තීය අධ්‍යාපනයට අවතිර්ණ වීමත්, පරිගණක ඉංජිනේරු කළමණාකර ආදී අධ්‍යාපනවල නියැලෙන්නන්ට උසස් ප්‍රෙව්ශයත්, කලාව සම්බන්ධ අධ්‍යාපන කටයුතුවල වර්ධනයත් දක්කට හැකිය. තීරණ ගැනීමේදී යම් දුර්වලතා මගහරවා ගැනීමට බුද්ධිමත් අයගේ උපදෙස් ලබා ගන්න. බාධක අවහිරතා ඇතත් ඒවා මැඩ අනාගතය අධ්‍යාපනය තුලින් ජය ගැනීමට සහ ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ග්‍රහචාරය මගින් අවස්ථාව ඇත.

පීනස, හිසේ වේදනා සහ ඇස් රෝග ආදියට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 3, 5
ශුභ දින -  සඳුදා, බදාදා, සිකුරාදා
ශුභ වර්ණ - ලා නිල්, කහ


0 comments :

Post a Comment