October 4, 2015

හරිනේ දැන්..! හොදයිනේ පු* අමාරුව


ඔන්න අදත් අහක යන නයෙක්ගේ පයන්නක් බලන්ඩ ලෑස්තිය. ගහපියව් ගල්. 

සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා කතාවක් අපිට ඉස්කෝලේ ගණිතය කරපු සර් කිවා මතකයි. එදා ඒ කතාව ආතල් එකට අරන් හිනා උනාට අද වෙනකොට නම් තේරෙනවා පොර එදා ඒ කියපු කතාව කොයි තරම් නම් ඇත්තක්ද කියලා.

අපි සිංහලයෝ තරම් මුල මතක නැති, ඉක්මනටම දෙයක් අමතක වෙන, පඩයක් ගියත් ක්ලේමෝ එකක් බ්ලාස්ට් උන ගානට උළුප්පලා පෙන්නන්න දක්ස, අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන ආතල් ගන්න, උතුම් ජාතියක් මේ තුන් ලෝකේවත් නැතිව ඇති නෙමෙයි නෑ කියලා තමයි කියන්ඩ වෙන්නේ.

අපේ උන්ගේ පුදුම ජාතියේ හිගන ආතල් තියෙන්නේ. දෙමල කෙල්ල දුෂනේ කරලා මැරුවා, ඊට වඩා මාධ්‍ය කාරයෝයි මූනු පොතේ ඉන්න සමහරක් වාහෙලයි ඒ අහිංසක කෙල්ලව රිපීට් - රී රිපිට් මැරෙව්වා. ඊට පස්සේ පුංචි කෙලි පොඩ්ඩ. ඒකිටත් උනේ ඒ සන්තෑසියමයි. අඩුම ගානේ ඒ දරුවගේ ආත්මෙට වත් සැනසිමක් ලබන්ඩ ඉඩක් දුන්නෑ අපේ එව්වෝ.

තවත් පට්ට පට පට සින් එකක් උනා නේද මේ පහුගිය දවස් දෙක තුන ඇතුලත. අර කොල්ලෝ දෙන්නෙක් කෙල්ලක්ට ගහන්නේ දක දොයියන් ගාලා බිම වැටෙන්න. මුලටම අහවල් දෙක ලාච්චුවට දාන්ඩ ඕනි ඒ සින් එක විඩියෝ කරපු වෛශ්‍යා පුත්‍රයාව අනවශ්‍ය මගුල් කරනවට. ඊට පස්සේ හිටුවා පස් ගහන්ඩ ඕනි අගක් මුලක් සොයන්නේ නැතිව ජනප්‍රියත්වය බලාගෙන ඒවා ප්‍රසිද්ධ කරන එව්වොන්ට. 

ඔන්න ඊයේ හරි පෙරේදා හරි නිව්ස් වලට කියනවා ඒ සින් එක මීට අවුරුදු එකහමාරකට විතර කලින් වෙච්චි සීන් එකක්ය. දැන් උන් දෙන්නා බදින්නත් ලැස්ති වෙලා ඉන්නේ කියලා. හරිනේ ඔය වෙලා තියෙන්නේ මහ වැඩේම ලෙසට. කොහොමද ටොපිය.

සිරාවටම දැන් සමාජේ තියෙන්නේ පුදුම ආතල්. මොකෙක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්ඩ ඔන්න මෙන්න හටියත් කරන්නේ ඒකාව හෝස්පිට්ල් එකට ගෙනිනයන එකෙ නෙවි. සෙල්ෆියක් හරි විඩියෝ එකක් හරි ගන්ඩ එක.

හොද වෙලාවට 1912 අප්‍රේල් 14 වෙනිදා ටයිටැනික් නැව ගිලෙනකොට කැමරා ෆෝන්ස් තිබුනේ නැත්තේ. වැරදිලාවත් ඒ වෙනකොට කැමරා ෆෝන්ස් තිබුණා නම් එදා බේරුණ 710 දෙනා වත් බේරෙන්නේ නෑ. ඒක නම් බඩේ බත් වගේ ෂුවර්.

ඔන්න දැන් විවෘත්තයි ගල් මුල් ප්‍රහාර වලට. වීදුරු ගෙවල් වල ඉදනුත් ගල් ගහපියෝ.

මේ සෙල්ෆි සීන් එකත් බලලාම යන්ඩ. මනෝ මන්දිර තමා වීඩියෝව සොයලා දුන්නේ. 

20 comments:

  1. මටත් ඒ වීඩියෝ එක දැක්ක හැටියම හිතුනෙ ඒ කෙල්ල පොලීසියට පැමිණිල්ලක් කරල නැත්තං බුකියෙ ඉන්න උංටයි, මීඩියා වලටයි ඒ කෙල්ලට සාධාරනේ ඉෂ්ට කරන්න තියෙන අමාරුව මොකක්ද කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද කියලා මට හිතෙන විදියට ටොපික් එකේ දාලා තියනවා.

      Delete
  2. බුකියෙ නං මං දැක්කා ටයිටැනික් නැව ගිලෙද්දිත් සෙල්ෆි අරගන්න කාටූන් එකක්!

    ReplyDelete
  3. නීතිමය ක්‍රියාමාර්ග ඕනි නෑ කියල ඒ කෙල්ල ම කියලා තිබුණේ.......

    ReplyDelete
  4. දුර ගමන් බස්එකකදි මම දැක්කා ඔය සෙල්ෆි පිස්සුව තදටම තියෙන කොල්ලෙක්.මගදි බස් එක තේ බොන්න කඩයක් ලග නැවැත්තුවා.බස් එකෙන් බැහැලත් සෙල්ෆියක් ගහනවා.තේ බොනකොටත් සෙල්ෆියක් ගහනවා,සිගරට් එකක් බොන එකත් සෙල්ෆියක් ගහනවා.කෙලවරක් නැ සෙල්ෆි ගැහිල්ල මිනිහගේ.

    මෙන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ සෙල්ෆි උන්මාදය ගැන
    මෙන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ සෙල්ෆි උන්මාදය ගැන

    ReplyDelete
    Replies
    1. @ මනෝ මන්දිරOctober 4, 2015 at 7:06 PM
      සොයලා දුන්න වීඩියෝව පෝස්ට් එතට ඇඩ් කොලා..

      Delete
  5. ඔය කොරලා තියෙන්නෙ ලෙසටම නෙහ්

    ReplyDelete
    Replies
    1. ලෙසටම වෙලා කරලා තියනවා..

      Delete
  6. ලංකාවෙ අපි ගොඩක් හිතන්නෙ හිතින් නෙවෙයි හදවතින්. දුෂනේ කරපු කෙල්ලො ගැන වගේම ගුටි කාපු කෙල්ල ගැනත් ගොඩක් අය හිතන්නෙ අනේ පවු කියලා. එයාලා ඒ දේවල් FB එකේ share කරන්නෙත් ඒ අදහසින්. ඒ උනාට ඒකෙන් වෙන හානිය ගැන හිතන්නෙ නෑ. (ඒකෙන් මෝඩ ආතල් ගන්න ටික දෙනෙකුත් ඉන්නවා) අනිත් එක තමයි අනුන්ගේ ඕප දූප හොයන්න අපේ තියන කැත පුරුද්ද​. මොනව කරන්නද ජම්ම ගති වෙනස් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. උණ පුරුකේ දැම්මත් බලු නැට්ටේ ඇද අරින්ඩ බෑ..

      Delete
  7. අරින්ඩ එපා ජෙමා... විභීෂණත් ලියලා තිබ්බා මේ සිද්ධිය ගැන.

    ReplyDelete
    Replies
    1. හ්ම්..
      උඹහැත් ලියපන්.
      උඹ දැක්කාම බය වෙනවා බන්.

      Delete
  8. මේ වීඩියෝව අන්තර්ජාලයට ආව නිසා තමයි මෙච්චර ප්‍රචාරයක් ලැබුණේ. එය අන්තර්ජාලයට දැමීම පහත් ක්‍රියාවක්. හොඳයි මේ සිද්ධිය පැත්තකින් තියමු.

    තවත් මිතුරකු සමග එක්ව, තම ප්‍රේම සම්බන්ධයේ පෞද්ගලිකත්වයට පවා හානිවන ආකාරයෙන්, තමන්ගේ පෙම්වතියට බිම වැටෙන්න ගහන පුද්ගලයකු, විවාහයෙන් පසු කෙබඳු ආකාරයකට හැසිරෙනු ඇද්ද?

    එවැනි පුද්ගලයකු සමග විවාහවීම කොතරම් දුරට ප්‍රඥාගෝචරද?

    ReplyDelete
    Replies
    1. අනිවා සර්.
      ඒ කෙල්ලට එක සැරයක් නෙවෙයි සිය සැරයක් හිතන්ඩ දේවල් තියනවා.
      උංගේ මැට්ටං තං මැට්ටං...

      Delete
  9. හරියට හරි......................

    ඔය සෙල්ෆි ගහන උන්ටත් මරණ දඩුවම දෙමු................

    ReplyDelete
  10. වීඩියෝ එක ලෙසටම යනවා මේ දවස් වල සමහර සිද්දි එක්ක.

    ReplyDelete