Skip to main content

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්



චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක්

1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි.

කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත්

2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම තුළින් පමණක්ම රූප ධ්‍යන උපදිනවා....

පස් වන චක‍්‍රයෙන් ඉහලට යන්නනම් රූප ධ්‍යන අත්හැරිය යුතුයි. එ කියන්නේ ආර්ය මාර්ගය වගේම කුණ්ඩලිණයේ ඉහල මට්ටම් තියෙන්නේ අරූප ධ්‍යාන තුළ . එ කියන්නේ රූප දකින්නේ නෑ.

3. ස්ත‍්‍රීයක් තුළ ස්ත‍්‍රී ශක්තියත් පුරුෂයෙකු තුළ පුරුෂ ශක්තියත් පවතිනවා. හැබැයි මේ දෙන්නා තුළම ස්ත‍්‍රි නාඩිය පුරුෂ නාඩිය ( ඉඩා හා පිංගල* කියලා දෙකක් තියෙනවා. ඉතින් චක‍්‍ර භාවනාව කියලා කියන්නේ මේ දෙක සමබර කිරිම චක‍්‍ර භාවනාවේ මුලික අවශ්‍යතාවයක් . කාමය මැදි තැනකට ගෙන එම කියන්නේ ඕකටයි.

4. කිසිම වෙලාවක චක‍්‍ර භාවනාවේ තමන් ලබන අතිදැකීම් පිලිබදව බොරු කියන්න එපා . එකට හේතුවක් තියෙනවා . එ තුළ අපිත් භාවනාවේ මට්ටම් තුළ අතර මං වෙනවා.

5. අවසානයේ මත්වෙන්න එපා. එ කියන්නේ රූප ධ්‍යන කියන්නේ අබිං වගේ දෙයක්. අපි කුණ්ඩලීණිය තුළ දකින දේ තුළ මත් උනොත් කවදාවත් ඒ මට්ටම හැර යන්නේ නෑ. එ කියන්නේ ඔය සාස්තර කියනවා වගේ රෝග ෂුවකරනවා වගේ දෙයක් තුළ පමණක් නතර වෙයි.

මේ පහ ගැන හොදින් තේරුම් ගන්න. අකමැති අය බුදුදහමට අදාල කරගෙන වාද එපා.

දෙවනුව වැදගත්ම දේ තමයි. නාඩි ශූද්දිය



අපේ චක‍්‍ර ක‍්‍රයාත්මක වෙන්නේ නාඩි 72000 ක් හරහා . නාඩි පිරිසිදු කිරිම මුලින්ම දින 3 කල යුතුයි. ඒ සදහා මෙය භාවිතා කරන්න


එ සදහා දණහිස මත අත්ල තබාගෙන පහසුවෙන් වඩිවෙන්න.

දිනකට විනාඩි 24 ක් ඕම් ශබ්දයට ඇහුම් කන් දෙන්න.
පාන්දර 3.30 මෙය අරබන්න.

ඉන්පසු වැදගත්ම දෙය පංච භූත තත්වය පාලනය කිරිම.

සමහරු මෙය පංච භූත වශිය කියලත් කියනවා. අපේ ශරිරය හැදිලා තියෙන්නේ අපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන තත්වයන්ගෙන්. චක‍්‍ර කියාකාරි වෙන්නනම් එහි පාලනය අපි අපි තුළට ගත යුතුයි. එ කියන්නේ පාලනයකට ලක් කිරිමයි. මෙය හෙට කියලා දෙන්නම්.

ප‍්‍රධානම දෙය මහා යෝගී කියන්නේ ශිව දෙවියන්ට .කුණ්ඩලීණි වඩන්නා එය ඇරඹිය යුත්තේ මනසින් ශිව දෙවියන්ට වැදලයි. එවිට චක‍්‍ර අවධි වීම වේගවත් වෙනවා.

පාන්දර 3.30 තෝරා ගැනීමට ප‍්‍රධානම හේතුව වන්නේ විශ්වය අලූත් වන් මොහොත නැතහොත් විශ්වයේ සෑම දෙයක්ම නැවත උපදින මොහොත ලෙස සෘෂිවරු මේ වෙලාව පෙන්වා දී තිබීමයි. ඒ මොහොත තුළ අපේ සිරුරත් නැවත උපදිනවා.

අලූත උපදින සිරුර ඔම් කාරය හරහා පහසුවෙන් කම්පනය කරන්න පුලූවන්. මේ කම්පනය කරවීම හරහා තමයි අපේ නාඩිවල සිරවෙලා තිබුන සෙම් සොටු ඉවත් වීම සිදුවන්නේ. මේ සෙම් සොටු ශරිරයේ බහිස‍්‍රාවිය මාර්ග හරහා මේන්ම සෙම්ප‍්‍රතිශ්‍යාව ලෙසින්ද සිටවෙනවා. එ කියන්නේ දින 3 එකදිගට මේ නාඩි ශූස්සිය සිදුකරන විට සෙම්ප‍්‍රතිශාව හැදුනොත් එක සාමාන්‍ය දෙයක් කියන එකයි.

මේ මුල් දින තුන අපි ඕම් කාරය ශ‍්‍රවනය කරනවා විතරනේ එ හරහා කම්පන තරංගය ඇති වෙන්නේ ඉබේම. ඊලග දින තුන තුළ අප විසින්ම එ ඕම් කාර කම්පනය ඇති කල යුතු වෙනවා.මෙන්න මෙතනදි තමයි ගැටලූව මතුවෙන්නේ. ඕම් කාරය නිවැරදි ලෙසින් ශබ්දය පිට වුනොත් විතරයි බලාපොරොත්තු වන කාරණය ඉශ්ඨ වෙන්නේ.

මෙන්න මෙතනදි තමයි සෘෂි භාෂිතය වැදගත්වෙන්නේ.
අප ඕම් කාරය නොවෙයි උපයෝගි කර ගන්නනේ........

අ..... වු....... ම්


අවුම් කියලා කියන්නේ ඕම් කාරයේ කම්පන ස්වරූපය.
මෙය කිය යුතුවෙන්නේ මෙන්න මේ ආකාරයෙන්.



  1. දණහිස මත පහල අතට අල්ල සිටිනසේ තබාගෙන පහසුවෙන් වඩිවෙන්න.
  2. සමාන්‍ය භාවනා ක‍්‍රම වලදි මෙන් තම උඩුකය නොසේල්වී සෘජුව තබා ගැනීම වෙනුවට උඩු කයේ බර නිදහස් කරන්න. සුලගකට පවා වැනෙන ලෙස උඩුකය සැහැල්ලූ කරන්න.
  3. භාවනාවට වාඩි වී විනාඩි 2 ක් ඇස් වසාගෙන කිසිදු අරමුණකින් තොරව සිටින්න.
  4. ගැඹුරු හුස්මක් ගන්න. එය පිට කරන්න.
  5. ඔබේ හුස්ම හෙලිමේ මුලූ දිග පිලිබද හැගීමක් ඔබට එනු ඇත .
  6. හුස්ම හෙලිමේ මුලූ දිගින් 4/1 කාලයක් යොදා ගනිමින් අ...... යන අකුර උගුරින් ශබ්ද කරන්න.
  7. හුස්ම හෙලිමේ මුලූ දිගින් 4/1 කාලයක් යොදා ගනිමින් වු ...... යන අකුර උඩු තල්ලෙන් ශබ්ද කරන්න. 
  8. හුස්ම හෙලිමේ මුලූ දිගින් අවසන් 4/2 කාලයක් යොදා ගනිමින් ම් ...... යන අකුර තොල් වලින්් ශබ්ද කරන්න.
  9. ම්....... අක්ෂරය ශබ්ද කිරිමේදි තොල් කම්පනය වන ආකාරයෙන් එම ශබ්දය පිට කල යුතුවෙයි. 
සාමාන්‍යයෙන් ආදුනිකයා මෙය 108 වරක් කිරිම ප‍්‍රමාණවත්ය. නිශ්චිත ප‍්‍රමාණයක් වඩන්නේනම් දකුණතට ජප මාලයක් භාවිතා කරන්න. එසේ නොමැතිනම් විනාඩි 24 ක කාලයක් මෙම අවුම් යන්නෙන් තම ශරිරය කම්පනය කරවන්න.

චක‍්‍ර භාවනා ආරම්භ කරන ආදුනිකයා මුල් අවස්ථාවල නාඩි ශූද්දිය සිදු කරන කාලය තුළ අවදානවත් විය යුතු කරුණක් වන්නේ අවුම් ධ්‍යානය තුළ අත්වල ඇගිලි හෝ වෙනත් ශරිර අවයව වල වේදනාවක් ඇති වෙද්දීම එදිනට භාවනාව නතර කල යුතු වීමයි. එසේ හිරිටීමක් සිදුවන්නේ නාඩි ශූද්ද වීමේදි පහලට ගලා එන සෙම කුඩා ස්නායු වල සිරවීමෙනි. පසු දින නැවත භාවනා කිරිමෙන් එය අවසන්වෙයි.

හෘර්දයාභාද ඇති අය චක‍්‍ර භාවනාව වැඩිම නොකල යුතුය. එවන් පුද්ගලයින් තම නිරෝගි භාවය වෙනුවෙන් වෙනත් භාවනාවකට යොමු විය යුතුය.


කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව අරබන ආදුනිකයාගේ මුල්ම හා වැදගත්ම කාරණය නාඩි ශූද්දියයි.

ඉන්පසුව භාවනාව අරඹන්න කලියෙන් පංච භූත තත්වය පාලනය කිරිම අනිවාර්යයයෙන්ම කලයුත්තක්.

එයට හේතුව වෙන්නේ අපගේ ශරිරය වගේම අප වටා සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ ආපෝ තේජේ වායෝ පඨවි හා අකාශ කියන ගුණ පහෙන් කියන එක කවුරුත් දන්නවා.

චක‍්‍ර කියාකාරි වෙන්නනම් එහි පාලනය අපි අපි තුළට ගත යුතුයි. එ කියන්නේ අපි භාවනාවෙන් ශක්තිමත් වෙද්දී විවිධ අදෘෂමාන බලපෑම් හරහා අපේ භාවනාවන්ට බාධා ඇතිකරනවා. ඉතින් ඒ බලපෑම් කරන්නේ අපේ පංච භූත තත්වය අක‍්‍රමවත් කරන එකයිි.

පංචභූත තත්වය පාලනය කිරිමේ හැකියාව අපි අපි තුළටම අරගෙන තියෙන විටක මේ භාදාවන් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. මේක ඉතා සරලයි.

මේක කරන්න තියෙන්නේ අපි නාඩි ශූද්දිය කරන්න භාවිතා කරපු ඉරියව්ව තුළ ඉදගෙනම පහත මංත‍්‍ර පහ දිනකට 108 වරක් කියන එකයි.

ආපෝ - නමසිවාය
තේජේ - මසිවායන
වායෝ - සිවායනම
පඨවි - වාසිනමය
අකාශ - යනමසිවා


ලෝකයේ චක‍්‍ර මංතර 2 යි තියෙන්නේ ඉන් එකක් තරයි මේ පංචාක්ෂර මංත‍්‍රය. එත් මේ පංචාක්ෂරය පංච භූතයන්ට අනුව මේ විදියට බෙදා ගන්න ඔනේ.



එත් මෙය කියන්න ඔනේ එක දිගට...... එ කියන්නේ

නමසිවාය මසිවායන සිවායනම වාසිනමය යනමසිවා. 
කියලයි.



පලමු දින තුන උදේ පාන්දර 3.30 ට භාවනා කලාට එතනින් එහාට පාන්දරම කරන්න අවශ්‍ය නෑ. 
රාත‍්‍රී 9.30 පෙර කලාට කමක් නෑ. 
මෙම පංචභූත වශිය දින 3 ක් වැඩුවම ඇති.

ඇත්තටම චක‍්‍ර භාවනාව පටන් ගන්නේ ඉන් පස්සේයි. 
අපි තාම භාවනාව පටන් අරගෙන නෑ. 
හොදින් මතක තියා ගන්න.

අපේ අපේ මනෝ භාවයන් මෙන්න මේ ලෙසින් පංච භූතයන්ගේ පාලනයට නතු වෙනවා.

ආපෝ - බිය
තේජේ - කලබලකාරිබව
වායෝ - දුක
පඨවි - කරදර
අකාශ - කෝපය

එයට අමතරව අපේ හැගීම්ද පංච භූතයන්ගේ පාලනයට නතු වෙනවා. එය සරලව කිව්වොත් මෙහෙමයි.

ආපෝ - බුද්ධිමත්බව
තේජේ - ආදරය
වායෝ - අන් අය මතරුදිම
පඨවි - ඉව
අකාශ - මානුෂිය බව

ඉතින් අපි භාවනාවට පිවිසෙද්දීම මේ කියන කාරණා පාලනය කර නොගත්තොත් අපිට අපේ මනස පාලනය කර ගන්න බැරි වෙනවා.

චක‍්‍ර භාවනාවට ප‍්‍රවිශ්ඨ වෙන ආදුනිකයා භාවනාව අරඹන්නට පෙර දින 9 යක් මුලික සුදානමක් තුළ කටයුතු කළ යුතු වෙයි .

එය නැවත මතක් කිරිම අලූතින් මෙම ලිපිය කියවන අයට වඩා වැදගත් වනු ඇත .



1. නාඩි පිරිසිදු කිරිම මුලින්ම දින 3 කල යුතුයි. එ සදහා දණහිස මත අත්ල තබාගෙන පහසුවෙන් වඩිවෙන්න. දිනකට විනාඩි 24 ක් ඕම් ශබ්දයට ඇහුම් කන් දෙන්න. පාන්දර 3.30 මෙය අරබන්න.

2. අ..... වු....... ම් අවුම් කියලා කියන්නේ ඕම් කාරයේ කම්පන ස්වරූපය. ඉන්පසු දින 3 ක් දිනකට විනාඩි 24 ක් ඕම් ඕම් කාරයේ කම්පන ස්වරූපය තමන්ම කියමින් භාවනා කල යුතුයි .

3. නමසිවාය මසිවායන සිවායනම වාසිනමය යනමසිවා. කියන පංචභූත වශිය දින 3 ක් වැඞීම කලයුතු වෙනවා .

මෙම අවස්ථා 3 පසුකරන ආදුනිකයා කුණ්ඩලිණි භාවනාවට පිවිසෙන්න මුලිකව සුදානම් වෙලා අවසන්. 



එසේනම් එතනින් එහාට තියෙන්නේ දින 49 යක දිර්ග ගමනකින්

වෛදය තුළ සදහන් වෙනවා දෙවියන් හා එක්වීමට ගතවන්නේ දින 49 ක් කියලා. සෘෂි භාෂිතයේ සදහන්වෙන්නේ පරමාත්මය හා එක් වීමට දින 49 තුළ පුලූවන් කියන එකයි. හින්දුන් බ‍්‍රහ්මන් හා එක්වීම වගේම විවිද දේව නම් වලින් හදුන්වන්නේ මේ පරමාත්මයයි.



කුණ්ඩලිණිය අවධිකිරිම කියලා කියන්නේ අප තුළ සැගව ඇති ජීව ආත්මය අවධි කර එය පරමාත්මය හා එක් කිරිමයි.



මේක සරලව කිව්වොත් අපේ උත්පත්තිය සිදුවෙන්නේ විශ්වය තුළ තියෙන අපරිමිත ශක්තියක් වු පරමාත්මයෙන් ඉතා සුලූ කොටසක් කඩාගෙනයි. එය හදුන්වන්නේ ජිව ආත්මය කියලයි. මේ ජිව ආත්මය තැම්පත්වෙලා තියෙන්නේ අපේ කොදු ඇට පෙළ මුල තියෙන මුලාධාර චක‍්‍රය තුළයි. අප කුණ්ඩලීණි බලය අවධි කිරීම කියලා කියන්නේ මෙන්න මේ සැගවිලා තියෙන ජීව බලය අවධි කිරිමයි.



අවධි වුනාම වෙන්නේ ඉඩා හා පිංගල නාඩි ඔස්සේ ඒ ශක්තිය ඉහලට ඇවිත් පරමාත්මය හා සම්බන්ද වීමයි. ඒ කියන්නේ අපි හා පරමාත්මය ඉන්පසු නිරන්තර සබදතාවයක් ඇති කරගන්නවා කියන එකයි.



මෙතනදි තේරුම් ගන්න ඔනේ එක දෙයක් තියෙනවා සැබැවින්ම ශරිරය තුළ පිහිටි චක‍්‍ර තියෙන්නේ 6 යි. 7 වන චක‍්‍රය නැත්නම් සහස‍්‍රා චක‍්‍රය පිහිටලා තියෙන්නේ තමන්ගේ හිසේ තේල් වලේ සිට දෑගුලක් ඉහලින්. මෙය එසවෙන්නේ කුණ්ඩලිණිය වඩන්න පටන් ගත්තට පස්සෙයි. කුණඩලීණි වඩන්නැති කෙනාගේ සහස‍්‍රා චක‍්‍රය පිහිටලා තියෙන්නේ තමන්ගේ හිසේ තෙල්වල මතුපිට සිට අගුලක් යටිනුයි.



දැන් ඉතින් අපි පටන් ගමු.



බාවනාවට කලින් තමන්ගේ ආගම අනුව බුදුන් වැදීම දෙවියන් වැදීම සුර්ය දෙවියන් වැදීම පන්සිල් ගැනීම කීරිම හොදයි. කොහොම වුණත් මම කලිනුත් කිව්වා භාවනාව අරභන්න කලින් මහා යෝගී නැත්නම් ශිව / ඊශ්වර දෙවියන්ව සිහි කරන්න. මොකද කුණ්ඩලිණියේ අයිති කාරයා එයා.



කැමත් අය හා භාවනාවට බිය අය භාවනාව ආරම්භයේදි තම සිරුර බුද්ධ දම්ම සංඝ කියන ත‍්‍රීවිධ රත්නයට පුජා කරන්න. සමහර අයගේ විශ්වාසයක් තියෙනවා කුණ්ඩලිණිය අවධි වුනාම අපි මනසින් යම් යම් දේ දකිද්දී අපේ මනෝකාය සිරුරෙන් ඉවත් වුනාම වෙනත් ආත්මයන්ට අපේ සිරුරට ඇතුල් වෙන්න පුලූවන් කියලා. මම එහෙම කලේ නෑ එ වුනාට ඔය ගොල්ලෝ පුජා කරන එක හොදයි.



1. වම් අත වම් දණහිස මත පහල අතට අල්ල සිටිනසේ තබාගෙන පහසුවෙන් වඩිවෙන්න.



2. දකුණු අතට ජප මාලයක් ගන්න. එහි ඇට 108 පැවතිය යුතුය. දකුණතේ මැද ගිල්ල මතින් ජප මාලය පහලට එල්ලෙන ලෙසින් දා ගන්න. එහිදි දබර ගිල්ල ජප මාලයේ නොගෑවෙන සේ ඈත් කර තබා ගත යුතුයි.ජප මාලයේ ඇට ගනන් කිරිම කල යුත්තේ ඉහල සිට පහලට මාහපට ඇගිල්ල ගෙනයෑමෙනි.



3. සමාන්‍ය භාවනා ක‍්‍රම වලදි මෙන් තම උඩුකය නොසේල්වී සෘජුව තබා ගැනීම වෙනුවට උඩු කයේ බර නිදහස් කරන්න. සුලගකට පවා වැනෙන ලෙස උඩුකය සැහැල්ලූ කරන්න.



4. පලමු දිනයේදි නොහැකි වුවත් දෙවන දිනයේ සිට දෙඇස් පියාගෙන නලල මැද නැතහොත් දෙබැම මැද බලන්න. මෙය ටිකක් ඇස් රිදෙන ස්වාභාවයක් ඇති වෙනවා. ඒ නිසා ඇස් කෙලවරටම ගෙනියන්න එපා.



5. භාවනාවට වාඩිවී ඇස් එලෙසම තබා ගෙන විනාඩි 2 ක් කිසිදු අරමුණකින් තොරව සිටින්න.



6. ගැඹුරු හුස්ම 3 ගන්න. එය පිට කරන්න. ඔබ හුස්ම ගැනීමේදී හුස්ම ධාරාව භාහිරින් ඇදීම වෙනුවට ශරිරයේ පහල සිට අභ්‍යන්තරයෙන් හුස්ම ධාරාව ඉහලට ගන්නා ආකාරයට හුස්ම ඉහලට අදින්න.



7. ගැඹුරු හුස්ම 3 න් පසු හුස්ම 3 ක් හුස්මක් ඉහලට ඇද හුස්ම රදවාගෙන තබා ගත හැකි උපරිම කාලයක් රදවාගෙන තබා හිමින් හුස්ම අත හරින්න . හුස්ම හිරවෙන තෙක් රදවා තබා නොගන්න. එසේම හදවත් රෝගීන් හා රුධිර පිඩන රෝගීන් චක‍්‍ර භාවනා නොකල යුතුය.



8. ඉන් පසු පහත මංත‍්‍රයෙන් එක දිගට 108 වරක් ජප මාලයෙන් ගනන් කරමින් මංත‍්‍ර යෝග වැඞීම කරන්න. 108 වඩා නොකල යුතු අතර ගණන පිලිබදව අවධානයෙන් කල යුතුය. වැඩිපුර කලයුතුනම් 108 ගුණාකාර ලෙස කල හැකිය. අවම වශයෙන් දිනකට එක් වරක් මෙය කල යුතුය. උදේ සවස යෝග වැඞීම වඩා සුබ ඵල ගෙන එනු ලබයි.



ආ ක‍්‍රිශ්නේය රාජස වර්ථමානෝ

නිවේශය නාන් රිතම් මර්ථයන්ච

හිරන්යේන සාවිත රථෙන දේවෝ යති

භූවනානි පශ‍්‍රම්



මෙය එක දිගට දින 49 කල යුතුයි. මල ගෙවල් කිලි ගෙවල් වලින් ඇත් වෙන්න. ටිකක් හිතන්න සත් සතියට දින 49 යි නේද ?

-----------------------------------------

වෛදික ශෘස්ත‍්‍රය තුළ ධ්‍යායී ලෙස හදුන්වන්නේ ධ්‍යාන වඩන්නාවයි. කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව වඩන්නාවත් අපට ඒ නමින්ම හැදින්විය හැකි වෙනවා .



ඕනම ධ්‍යාන වැඩිමක් උදෙසා අරමුණක් පවතිනවා එය හදුන්වන්නේ ධ්‍යායෙ යන නමෙනුයිි.



ධ්‍යාන යනු යම් නිශ්චිත ක‍්‍රමවේදයක් තුළ යෙදෙන භාවනාවයි.



ධ්‍යායී - ධ්‍යාන වඩන්නා



ධ්‍යායෙ - ධ්‍යාන වැඩිමේ අරමුණ



ධ්‍යාන - භාවනාව වැඞීම



කුණ්ඩලිණි භාවනාව යනු ඉලක්ක ගත නැතහොත් අවසන් අරමුණකට ධ්‍යායිව රුගෙන යන ධ්‍යානයකි .



ධ්‍යාන වැඩිම උදෙසා ජපමාලය අත්‍යාවශ්‍යම අංගයක්. ජපමාලය භාවිතාකල යුත්තේ ඒ පිලිබදව අවබෝධයකින් යුතුවයි.



ජපමාලය භාවිතා කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. එක් එක් කර්මයන් උදෙසා භාවිතයට ගත යතු ජපමාල වර්ග වෙනස් නම්ත අප පොදුවේ රුද්රාක්‍ෂ ජපමාලයක් භාවිතා කරනවා.



ලංකාවේ නියම රුදා්‍යාක්‍ෂ ජපමාලයක් සොයා ගැනීම තරමක් අපහසුයි. හොදම දේ තමයි රුද්රාක්‍ෂ ඇට වලින් තමන්ම ජපමාලයක් තනා ගැනීම . රුද්රාක්‍ෂ පරික්‍ෂානරගන්න පුලූවන් සරලම ක‍්‍රමය තමයි එක් එක් ඇටය ජල භාජනයකට දැමීම හරි රුද්රාක්‍ෂ ඇට යට යනවා. ප්ලාසටික් එවා පා වෙනවා.



රුද්රාක්‍ෂ ඇට 108 යොදලා හදා ගන්න ජපමාලය දිනක් පිරිසිදු එළකිරිවල දාලා තියන්න ඕනේ.



දකුණතේ මැද ගිල්ල මතින් ජප මාලය පහලට එල්ලෙන ලෙසින් දා ගන්න. එහිදි දබර ගිල්ල ජප මාලයේ නොගෑවෙන සේ ඈත් කර තබා ගත යුතුයි. ඒසේ ඇතින් තබා ගන්නේ පලමු දින 3 විතරයි . ජප මාලයේ ඇට ගනන් කිරිම කල යුත්තේ ඉහල සිට පහලට මාහපට ඇගිල්ල ගෙනයෑමෙනි.



වෛදික සමුද්‍රිකා ශාස්ත‍්‍රයට අනුව මිනිසෙක්ට එක් අතක පිහිටලා තියෙන්නේ ඇගිලි 4 යි. මාපට ඇගිල්ලෙන් නිරුපනය වෙන්නේ බ‍්‍රහ්ම නැතිනම් බ‍්‍රහ්මන්ව.



සුළැගිල්ල - තම කම්මැලි අලස ස්භාවය වන තමස් ස්වාභාවය මේ තුළින් නිරූපනය වනවා .



වෙදැගිල්ල - කෝපය හා අභිප‍්‍රායන් ජය ගැනීමේ රජස ස්වාභාවය මේ තුළින් නිරූපනය වනවා .



මැදැගිල්ල - සත්ගුණවත් ආගමාණුකූල බව වන සාත්මක් ස්වාභාවය මේ තුළින් නිරූපනය වනවා .



දබරුගිල්ල - අභිමානය වගේම ජිවයත් නිරූපනය වනවා .





සාමානණ මිනිසා දබරුගිල්ල යොදාගන්නේ තම අභිමානය පෙන්වන්න විතරයි. ඒ නිසයි අනේකාට දබරුගිල්ල දිගු කරන්නේ.



ධ්‍යාන වැඩිම උදෙසා යොමුවන ධ්‍යායි තුළත් මේ අභිමානය පවතිනවා ඒ නිසයි අප පලමු දින තුන දබර ගිල්ල ජප මාලයේ නොගෑවෙන සේ ඈත් කර තබා ගත යුත්තේ.



තුන් වන දිනයෙන් පසු මාපටඇගිල්ල දබරුගිල්ලේ ස්පර්ෂ වෙමින් තමයි ජපමාලය ගනන් කල යුතු වෙන්නේ.



ඒ කියන්නේ ජිවය බ‍්‍රහ්මන් සමග නැත්නම් පරමාත්මය සමග යාවීමයි.



මැදගිල්ල සාත්වික් බව නිරූපනය කරන නිසා ඉදහිට මාපට ඇගිල්ල මැදගිල්ලේ ගෑවුනාට ගැටලූවක් ඇති වෙන්නේ නැහැ. නමුත් රජස් හා තමස් ගුණ සහිත සුළැගිල්ලේ හා වෙදැගිල්ලේ මාපට ඇගිල්ල ස්පර්ෂ නොවිය යුතුයි .




------------------------------------

ධ්‍යාන වැඩිම උදෙසා රුද්‍රාක්ෂ ජපමාලයක් භාවිතා කලයුතු බව මම පෙර ලිපියෙන් පැහැදිලි කලා.



නමුත් සමහර අයට මේක ගැටලූවක් වුනා ඇයි වෙනත් ඇට වර්ගයක් භාවිතා නොකර රුද්‍රාක්ෂ ඇට වලින් හදපු මාලයක්ම භාවිතා කරන්නේ කියලා.එකට හේතුවක් තියෙනවා.



අශ්ඨ කර්මය උදෙසා ජපමාල නියමයක් වේදාංග ගතව පවතිනවා.



වශි කර්මයට කොරල් දියමන්ති හෝ මැණික් වලින් තනන ලද ජප මාලයක් භාවිතා කලයුතුයි.



ආකර්ෂණ කර්මයට ගජමුතු වලින් තනන ලද ජප මාලයක් භාවිතා කලයුතුයි.



විද්වේෂණ හා උච්චාටන කර්මයට හිසකෙස් අඹරා අශ්ව දත් අමුණා තනන ලද ජප මාලයක් භාවිතා කලයුතුයි.



මාරණ කර්මයට යුධ බිමේ මැරි වැටුණ මිනිස් නහර වල ඇමුණු කොටලූවාගේ දත් වලින් තනන ලද ජප මාලයක් භාවිතා කලයුතුයි.



ශාන්ති කර්මයට නෙලූම් ඇට වලින් තනන ලද ජප මාලයක් භාවිතා කලයුතුයි.



මේසේ ජපමාලයන් නියමව පවති.



එයට අමතරව රුද්‍රාක්ෂ ඇට පලිගු හා මුතු වලින් තැනු ජප මාලාවෙන් බුද්ධිය වර්ධනය හා උසස් බලාපොරොත්තු ඉටු වීම සිදුකරගත හැකි වෙයි .



බුත්සරණ ඇට වලින් සැදු ජපමාලය විශ්ව දැණුම ලබා ගැනීම උදේසා දොරටු විවර කර දෙණු ලබයි .



රුද්‍රාක්ෂ ඇට වලින් තැනු ජප මාලාවෙන් සියලූ කාර්ය සිද්ධිය සිදුවෙයි .



එසේම සියලූ අවශේෂ කාර්යයන් උදෙසා කපු නුලේ ඇමිණිය යුතු වෙයි .



ශිව පුරාණයට අනුව රුද්‍රාක්ෂ යනු ශිව දෙවියන් විසින් බැතිමතාට දෙනු ලැබු වරයකි. ඒ හරහා පරමාත්මය හා ස්ම්භන්ධ වීමේ අවස්ථාව බැතිමතාට ලැබේ.



එනම් රුද්‍රාක්ෂ පැලදීමෙන් කුණ්ඩලීණි චක‍්‍ර අවධීවීමයි.



රුද්‍රාක්ෂ වර්ග 21 පවතී.එසේම රුද්‍රාක්ෂවල ජීව චුම්බක බලයක් පවතින අතර එය දිගින් දිගට චලනය කිරිමෙන් මෙම බලය උපදී. ඒ හරහා අප ශරිරයේ සියුම් නාඩි වල පවතින සියලූ සිරවීම් යථා තත්වයට පත්වෙයි.



මෙම රුද්‍රාක්ෂවල පවතින ප‍්‍රධානම බලය වන්නේ උශ්ණත්වය හා සීතල යන දෙකම පාලනය කිරිමේ හැකියාවයි. එනම් අපේ ඉඩා හා පිංගල නැත්නම් චන්ද්‍ර හා සුර්යය නැඩි දෙකම එකවර ක‍්‍රීයාත්මක කිරිමේ හැකියාවක් මෙය සතු වීමයි.



මෙවන් පසුබිමක් තුළ ධ්‍යායී විසින් ධ්‍යාන වැඩිමේ අරමුණ වෙනුවෙන් භාවිතා කල යුතු වනුයේ රුද්‍රාක්ෂ ඇට වලින් තැනු ජප මාලයයි. මක්නිසාද යත් එය තම සර්වාර්ථ සිද්ධිය උදෙසා කරණ ජපයක් වන බැවිණි.





වෛදික ජ්‍යෙතිෂවේදී
කාංචන මනමේන්ද්‍ර
0777 96 44 74

Comments

  1. මෙය 100%ක් විස්වාසයිද? මෙම භාවනාව අවසනන් කල පසු අපට කුමක් කල හැකිද??

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස