Tuesday, September 29, 2015

අහන් ඉන්න ඇස් වලට කියවන්න ආසද?

මේ කියන්න යන්නේ සැහෙන්න පින් අතේ වැඩක් ගැන. මේ ටිකේ පට්ට busy නිසා වැඩිය අටුවා ටීකා ලියන්නට කාලය නැත , ඒ ගැන දයාබර පාඨක ඔබෙන් බොක්කෙන්ම සමාව ඉල්ලමි.

පොතක් පතක් කියවනවා කියන්නේ කෙනෙක් ගේ ඇස් පෑදෙනවා වගේ වැඩක් , නමුත් අවාසනාවකට පොත් "කියවන්න" ඇස් පෑදිලා නැති අපේම සහෝදර සහෝදරියෝ අනන්තවත් අපි අතර ඉන්නවා , ඉතින් මේ අයගේ ඇස් පාදන්න අවස්ථාවක් දැන් අපිට ලැබිල තියෙනවා.


කෙටියෙන් කිව්වොත් කරන්න තියෙන්නේ දෘෂ්‍යාභාධිත පාඨකයන්ට audio books සැදීම සඳහා ඔබේ කටහඬ දායකත්වය ලබා දීම.


මේ වැඩේ ගැන වැඩි විස්තර පහත link එකෙන් ගොස් ලබා ගනු මැනවි.


http://ahasenenna.blogspot.com/2015/09/blog-post_28.html


මේ වැඩේ ගැන මම දැනගත්තේ අහසෙන් එන්න blog එක ලියන කසුන් සහෝදරයාගෙන්. 


මෙතනින් මම නවතින්නම් , ආලෝකය නොදකින අපේම මිනිසුන්ට ශ්‍රව්‍යාලෝකයක් වෙන්න කැමති නම් , මේ ඔබේ අවස්ථාවයි!!




No comments:

Post a Comment