QR Codes - වචන හංගන්න ලේසි විදිහක්.- QR codes


  QR Codes - වචන හංගන්න ලේසි විදිහක්...  


අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්.. මේක ගැන සමහරෙක් දන්නවත් ඇති. කමක් නැ ආයිත් දැනගත්තා කියලා වැඩි වෙනවා ඇ.. හරි අපි බලමු මේ මොකක්ද කියලා? කට්ටිය දන්නවානේ Barcode ගැන. ඔව් ඔව් අර කලු පාට කොටුවක් වගේ එකක සුදු පාට ඉරි ගහලා තියෙන්නේ.



අන්න ඒ වගේ තමයි මේ කෝඩ් ජාතියත්.

QR CODES

මේක කට්ටිය දන්නවත් ඇති. මේ කෝඩ් වලදි පින්තුරය පෙන්නන්නේ Barcode පින්තුරයක් ‍වගේ නෙමෙයි. මේ පහල තියෙන්නේ ඒක පෙන්නන හැටි....


පොඩි ලස්සනකුත් තියෙනවා නේද? මේ ගැන වැඩි විස්තර ඕනේ නම් විකිපිඩියා එකේ තියෙනවා. ඒක බලන්න මෙතන ඔබන්න.

ඉතින් අද මම කියන්න යන්නේ කොහොමද මේ QR CODE එකක් හදාගන්නේ හා කොහොමද එහෙම හදාගත්ත එකක් බලන්නේ කියලා. මේ වැඩ දෙකම ලේසියි....

පල්ලෙහායින් දාන්නම්කෝ. එතනින් බලාගන්න.

QR CODE එකක් හදාගමු
‍මේ සදහා අපිට වෙබ් අඩවියක සහය පැතිමට අවශ්‍ය වෙනවා. මේ සදහා යොදාගන්නේ kaywa කියන වෙබ් අඩවියෙන් අපිට දිලා තියෙන QR Code Generator එක. මුලින්ම මේ වෙබ් අඩවියට යන්න ඕන.. ඒකට මෙතන ඔබන්න.

සයිට් එකට ගියාම ටිකක් පහලින් තියෙනවා Content Type (Text,URL,Phonenumber,SMS) කියලා එකක්. එකක් එතනින් ඔයාට ඕනේ එක තෝරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන කොටුවේ හංගන්න ඕන වචන ස‍ෙට් එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ Generate බොත්තම් ඔබන්න. ටික වේලාවකින් ඔයාගේ QR Code එක හැදිලා එයි.


QR CODE එකක් කියවන්නේ කොහොමද?
‍මේ සදහා අපිට තවත් වෙබ් අඩවියක සහය පතන්න වෙනවා. ඒ වෙබ් අඩවියේ නම Mini QR. මුලින්ම මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න. ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන සුදු කොටුවේ ඔයාගේ පින්තුරේ ලිංක් එක දෙන්න ඕනේ. ලිංක් එක දීලා Submit කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ගානට අර QR CODE එකේ තිබ්බිච්ච හැංගිච්ච අකුරු ටික පේනවා....

අපි අළුතෙන්ම පටන් ගත්ත Hip-Pop Site එක බලන්න මෙතනින් යන්න....

අදට ගිහිල්ලා එන්නම්.


ඔන්න ඔය පහල හිස් ලොකු කොටුවක් ඇති. එකේ අදහසක් දාලාම යන්නකෝ.....


ප.ලි - මේවා කියවන්න දැන් ෆොන් වලටත් මෘදුකාංග තියෙනවා.. ඒවා වලින් හැම ෆොන් එකකටම වගේ වැඩ කරන ඒවා හදලා තියෙන්නේ Neo-Reader සමාගමෙන්.. ඒ වෙබ් අඩවියෙන් ඒ මෘදුකාංගය නොමිලේම බාගන්න පුලුවන්. ඒකට මෙතන ඔබන්න....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon