Monday, August 24, 2015

සජිත්, සුජීව, චතුර, තමන්ගේ තරම දැන ගෙන කල් අරිනු!

මහා මැතිවරණයට කලින් මහින්ද රාජපක්ෂට හැකි නම් තමන් සමඟ තරඟ කර ජය ගන්නැයි අභියෝග කළ එජාප මන්ත්‍රීවරු තිදෙනෙක් පිළිබඳ මට මතක ය. පළමු වැන්නා සජිත් ප්‍රේමදාස ය. ඔහු කීවේ තමන්ට බයේ මහින්ද කුරුණෑගලට පළා ගිය බව ය. එසේ කී සජිත් ලබා ගත්තේ මනාප ඡන්ද 112 645ක් පමණි. නාමල් රාජපක්ෂ මනාප ඡන්ද 127 201ක් ලබා ගෙන තිබිණි. විළිලැජ්ජාවට කාරණය තම අසුන දිස්ත්‍රික්කය ද පරාජයට පත්වීම නොවේ. මහින්දට අභීයෝග කර නාමල්ට දේශපාලනේ ගැන ටියුෂන් දීමට ගොස් ඔහුට වඩා මනාප 15 000ක් පමණ අඩුවෙන් ලබා ගැනීම ය. 

දෙවැන්නා සුජීව සේනසිංහ ය. ඔහු කීවේ හැකි නම් මහින් රාජපක්ෂට තමන්ට වඩා එක මනාපයක් අර ගෙන පෙන්වන ලෙස ය. මහින්ද මනාප 423 529ක් ලබා ගන්නා විට සුජීව මනාප ඡන්ද 117 049ක් ලබා තිබිණි. මහින්දට අභියෝග කළ සුජීවට ලබා ගෙන ඇත්තේ නාමල්ට වඩා මනාප 10 000ක් පමණ අඩුවෙනි. 

තෙවැන්නා රාජිත සේනාරත්නගේ පුත් චතුර ය. චතුර කීවේ තමන් බෙලිඅත්තට පැමිණ මහින්ද රාජපක්ෂ පරාජය කරන බව ය. ගියවර පළාත් සභා මැතිවරණයේ නමේ මුලට අ, ආ, දැම්මේ යැයි බැණ වැදුණු 'අ.අ. රංජන් රාමනායක සද්ද විද්ද' ගම්පහින් මනාප 216 463 ගනිත්දී චතුර මනාප 71 243ක් ලබා ජයග්‍රාහී ලැයිස්තුවේ අවසානයට කලින් සිටී. මහින්දට අභියෝග කළ චතුරගේ තරම කෙසේ ද යත් නාමල් වඩා මනාප ඡන්ද 55 000ක් පමණ අඩුවෙනි. කළු ගඟෙ මුල නොදත් කාවින්ද ජයවර්ධන චතුරට වඩා මනාප 10 000ක් ලබා තිබේ.

මට නාමල් රාජපක්ෂ ලොකුවක් නැත. ඔහුගේ දේශපාලන මට නම් පතෝල වගේ ය. එය අනාගතේ මොනවා වගේ වේ දැයි මට දැන් කින නො හැකි ය. එහෙත් මහින්දට අභියෝග කළ කොලු කුරුට්ටන්ට මහින්දගේ පුතාවත් පසු කර යාමට නොහැකි වී තිබේ. ඒ ඔස්සේ හැදෙන එකෙකුට නම් උගත හැකි පාඩම් බොහෝ ය.   

ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ     කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ       පනිනු
කඩුල්ලේ තරම දැනගෙන කද            බඳිනු
තමන්ගේ තරම දැනගෙන කල්           අරිනු

2 comments:

Unknown said...

මහින්ගේ තරම දැනගෙන ටෝක් දෙනු
බේබි ගේ තරම දැනගෙන ටෝක් දෙනු
චමල්ගේ තරම දැනගෙන ටෝක් දෙනු
බැසිල්ගේ තරම දැනගෙන ටෝක් දෙනු........

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

තමුන්ගේ තරම හොඳටම දැනගෙන තමයි එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීගේ හා සුනන්ද දේශප්‍රිය සොයුරු මහින්ද දේශප්‍රිය චන්ද කොමසාරිස්ගේ සහයෙන් මැතිවරණය වංචා කරගත්තේ. මනාප ගැනිල්ලෙදිත් වංචාව වෙලා තියෙනව. අපි නෙවෙයි කියන්නේ රෝසි සේනානායක සන්නස්ගල වගේ එක්සත් ජාතික පක්ෂයේම අය. එක්සත් ජාතික පක්ෂයත් මෛත්‍රීත් හොඳටම දැනගෙන හිටියා සාධාරන චන්දෙකින් දිනන්න බෑ කියලා.

 
සිය රට දේ සිරි සැප දේ !