2010-01-03

Tech Comments :)

Gmail විත‍රක් නෙමෙයි, Yahoo ත් POP3, SMTP නිකන් දෙනව!!!
මම පාවිච්චි ක‍ලා. වැඩ.
Yahoo.IT එකකින්. [අපි ඉතාලියෙ නොවුනත් IT :]
.COM එකට ඇර අනික් ඔක්කොටම දෙනව...
(.it, co.uk, co.au, co.in ....)

___


Photoshop, ImageReady වලින් .wbmp (.wbm) හදන්න පුළුවන්. (තවත් ඒව ගොඩක් තිබේ :)
අවශ්‍ය ක‍රන resolution වැදගත්. (16×16,8×8,16×8,32×16 ආදී..)
සමහ‍ර phone වල msg අස්සෙ ලොකු wpmp පෙන්නන්නෙ නෑ

___


වෙනත් දේවල් වලට උනත් Windows වලදි නං VLC භාවිතා නොක‍රන ත‍රමට මම කැමතියි! ලිනක්ස් වලදි නං වෙන හොඳ players නැති නිසා අවුලක් නෑ… Totem එකට වඩා හොඳයි වගේ. මට නං XINE වගේ linux players අල්ලල ගියා. ඒක දැන් update වෙන්නෙ නැද්ද? Ubuntu වලට නං එන්නෙ නෑ නෙ. Mandriva, Knoppix… වල නම් ආව.
VLC වලට navigate ක‍රද්දි video එකේ පිටිපස්සට ගිහින් Key Frame/I Frame load ක‍රන්නෙ නෑ නෙ!
seek ක‍රද්දි අවුල් යනව. LivAVCodec එක නිසා Xvid වලට එහේම ෂේප් උනත් x264 අවුල්. MKV,MP4 වලට සිරාම සිරා Haali Splitter එක splitter එකක් විදිහට වැඩ ක‍රන්නෙත් නෑ නෙ ඕකෙදි.
VLC මම පාවිච්චි ක‍රපු ඒවගෙ සිංහල Unicode support තිබ්බෙ නෑ. Subtitle වල එහෙම. අලුත්ම ඒවයෙ තියනවද?
Direct VobSub නං හැම subtitle එකටම මරු :)

___


Real Audio Metafile == *.RAM
Real Audio == *.RA

බොහෝ විට RAM වල තියෙන්නෙ RA එකේ/ගොඩක, shortcutS/metadata නිසා (pls,m3u වගේ)
(infolanka miyuru gee වල RAM එක අස්සෙ RA නෑ නෙ. RA එකේ URL එක පමණක් තිබේ)


___



1. වෛරස් තියෙන ෆයිල් මැකුවම, ෆෝමැට් කළාම ඒක recover කරන්න පුළුවන් උනත් ඒක වෛරස් එකක් විදිහට run වෙලා ක්‍රියාත්මක වෙන එක වෙන්නෙ නෑ නේද! (සාමාන්‍යයෙන්)

2. Quick Format කළාට පස්සෙ Recover කරන්න පුළුවන් උනත්,
Full Format දුන්නට පස්සෙ Recover කරන්න බෑ නෙ. [සාමාන්‍ය ක්‍රම වලින් :]


___


Notepad එකට Font එක අදාළ නෑ. Plain text .txt file වලට Font Face එකක් නෑ. Encoding එක විත‍රයි තියෙන්නෙ.

Notepad එකේ ANSI, UTF-8, Unicode, Unicode big endian වගේ encoding වලින් text file save කරන්න පුලුවන්.

Internet document, HTML වල එහෙම ගොඩක් බහුලව තියෙන්නෙ UTF-8, Western (iso-8859-1), Western (Windows-1252) වගේ encoding.

ISO-8859-1 කියන එක ANSI එකම තමටි මම හිතන්නෙ.
(ANSI – American National Standards Institute)

UTF-8 කියන encoding එක කෝකටත් හොඳයි.
ANSI, UTF-8 දෙකම සාමාන්‍යයෙන් ගන්නෙ එකම ඉඩ ප්‍රමාණයක්. Unicode (UTF-16, UTF-32) ඒව රීට වඩා වැඩි ඉඩ ප්‍රමාණ ගන්නව.
සිංහල UTF-8 ලියවිල්ලක් Unicode කළොත් size එක දෙගුණ වෙනව.
සිංහල ඇති හා නැති/English Only .txt (අකුරු ගොඩක් තියන) ෆයිල් දෙකක් notepad එක මගින් ANSI, UTF-8, Unicode ආදී encoding 3න් save කරල එක එකේ Size හා අකුරු තියන හැටි බලා ගන්න පුළුවන්…

Madhura Sinhala font එක ආවෙ නම් Unicode එකක් විදිහට නෙමෙයි. ඒකෙ අලුත් Unicode version එකක් ඇවිල්ලද/ඉදිරියට එයි ද දන්නෙ නෑ…


___




මගේ Windows XP වල නම් run32.dll කියල එකක් නෑ. run32 කියල කිසිම file එකක් නෑ Windows Drive එකේ!
Windows 95 වල නම් ඒක 16 bit නිසා 32 bit ඒව run කරන්න ඒ වගේ එකක් ඇති. ඒතනින් එහා 32bit support ඒවට එහෙම dll එකක් ඕනෙ නෑ නෙ.
http://www.processlibrary.com/directory/files/run32/20159

rundll32.exe කියල එකක් නම් XP වල තිබේ. මේක exe ඒකක්. dll නෙමෙයි. මම හිතන්නෙ DLL වලට තනියම execute වෙන්න බැරි නිසා 32bit dll මේ EXE එක ආධාරයෙන් තමයි run වෙන්නෙ.
ගොඩක් වෙලාවට මේක infect වෙනවට වඩා වෙන්නෙ මේක ආධාරයෙන් DLL virus run වීමයි.

nVidia VGA driver load වෙද්දි
(rundll32.exe nv4_disp.dll) වගේ එකක් startup එකේ තියනව. මේ dll එක virus නෙමෙයි. VGA driver එක.
අර hard එකේ file Delete කරන Virus එකක් තිබ්බ, ඒකත් dll එකක්. ඒකෙදි startup එකේ මෙහෙම තියනව.
(rundll32.exe dotnetfx.dll,repair)

‘සාමාන්‍යයෙන්’ Task Manager එකේ rundll32.exe එක run වෙන්නෙ නෑ… ‘බොහෝවිට’ ….
මේකත් run එකේ ව‍රහන් නැතුව, ගහල බලන්න, Virus නෙමෙයි!
(rundll32.exe user32.dll, LockWorkStation)

No comments:

Post a Comment

something,anything...