Windows 10 වල හොරට ගේම් ගහලා හමාරයි !

Windows 10 වල හොරට ගේම් ගහලා හමාරයි !

4869
1
SHARE

ඔන්න පොඩ්ඩක් ගැස්සෙන news එකක් තියෙනවා.ඊයේ පෙරේදා Windows 10  game හදන කට්ට්ය එක්ක අලුත් ගේමක් ගහන්න ලෑස්ති වෙලා කියලා අපිට ආරංචියක් ආවා.
ඒ කියන්නේ එයාල මෙහෙම වැඩක් කරලා. Windows10  අලුත් Version එකට පුළුවන් ඔයාලගේ  Computer  එක Scan කරලා බලනවා ඔයා හොර ගේම් ගහනවද කියලා. වරදවා හිතන්න එපා; මෙතන ගේම් කිව්වේ Video Game  වලට.ඊට පස්සේ එයාලා බලනවා unauthorized Game ඔයාගේ computer එකේ තියෙනවද කියලා. වඩේ කියන්නේ scan  නවත්තනවනම් කමක් නෑ. ගසලා හමාරයි ! ආයේ ඒක run කරන එකත් නවත්තනවා. හැබයි ඉතින් ඔය මොන සෙල්ළම් දැම්මත්  ලංකාවේ අපිත් එක්ක ගේම් ගහන්න නම් ඉතින් ටිකක් අමාරුයි.
පොඩ්ඩක් ඉන්න, අහ්! වැඩේ ටිකක් බරපතලයි වගේ.තවත් පොඩි කතාවක් තියෙනවා .Windows 10  වග බලාගෙන තියෙනවා CD-rom එකෙන් game ගහන වැඩේටත් පොඩි බාල්දියක් දාන්න. මේක ඇහුව ගමන් අපේ කොල්ලො ටික පාරට බහැලා උද්ඝෝෂණයක් කරයිද දන්නේ නෑ. පොඩ්ඩක් ඉමුකො ඉවසලා, බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා.
පෙනෙන විදිහට නම් මේක අද හෙට එන දෙයක් නෙවේ. ඒත් Game-CD වල DRM (digital rights management)  කියල එක තදින්ම බලපානවා නුදුරු අනාගතයේදී මෙයාලා කියන විදියට. PCGamesHardware කියන reporting system එකක් එක්ක අනුගත් කරලයි තියෙන්නේ. ඒ අනුව original game CD Windows 10 එකට අඳුරගන්න පුළුවන්. කොහොමවුනත්  SafeDisc  හෝ Securerom  මත පිහිටා තිබෙනවනම් DRM Windows 10 එකේ run වෙන්නේ නෑ.ඒක එහෙම වෙලා තියෙන්නේ Windows 10 වලට පරණ Software run කරන්න බැරිකම හෝ නොහැකියාව නිසා නෙවෙයි,එයාල තීරණය කරලා තියෙනවා ආරක්ෂක හේතූන් මත CD-rom එක්ක ගනු දෙනු ටිකක් පස්සට දාන්න.
Microsoft එකේ marketing manager  Boris Schneider-Johne මෙහෙම කියලා තියෙනවා,
Windows 07 එකේ රන් වෙන ඕනම game එකක් Windows 10 එකේ run වෙනවා. අපි පොඩි පුංචි වෙනස්කම් දෙකක් විතරයි කරලා තියෙන්නේ,antivirus software වගේම වඩාත් තීව්‍රව System එකත් එක්ක සංකීර්ණව කටයුතු කරන Software Update කිරීම කලයුතුවෙනවා. ගැටළුවක් නෑ, දැනටමත් developer ලා ඒසම්බන්ඳ කටයුතුවල නිරත වෙලා ඉන්නේ.අනිත් එක තමා පරණි  CD-rom  හා සම්බඳව පවතින DRM පද්ධතිය.  මේ Game CD process එක තීව්‍රව System එකත් එක්ක සංකීර්ණව කටයුතු කරනවා. ඒකයි අපිට මේ CD-rom එකට වෙනම නිදහසක් දෙන්න බැරි, Game-CD වලට අවසර දීම සඳහා ඉඩක් දුන්නොත්  ඒක computer virus වලට ඔබේ Computer එකට හානි කරන්න දොරටුවක් විවෘත කිරීමක් වෙනවා. ඒකයි කණගාටුවෙන් වුවත් කියන්න වෙන්නේ 2003-2008 කාල පරාසයේ පැමිණි Securom System එක සමඟ පැමිණි game වලට අලුත් Windows 10  version එක අවස්ථාවක් ලබා නොදේන්නේ. ඒත් ඔබට තවත් විකල්පයක් තිබෙනවා; GOG වගේ version එකකින් මේ game වැඩකරනවා ගන්න පුළුවන්.
ඒ අනුව සාරාංශයක් විදියට Windows 10 තීරණය කරලා තියෙනවා  වසර 2000 ට කලින් පැමිණි DRM මගහැර  ක්‍රියාකරන game වලට අවස්ථාවක් නොදෙන්න. Game කාරයෝ මේකෙන් යම් නොසතුටකට පත් වුනත් මේක Microsoft ගත්තු හොඳ තීරණයක්.අනික දැන් කලේ කවුද ඉතින් පරණ game ගහන්න දුන්නේ නෑ කියලා දුක් වෙන්නේ.  අන්තිමට ඔවුන් වඩාත් ආරක්ෂිත විෂ්වසනීය ආරකින් Windows අලුත් Virsion එක නව මුහුණුවරකින් නිකුත් කරාවී.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY