Windows 10 Mobile Preview එකේ ඉඳලා Windows Phone 8.1 වලට යන විදිහ

Windows 10 Mobile Preview එකේ ඉඳලා Windows Phone 8.1 වලට යන විදිහ

14659
1
SHARE

Microsoft සමාගම මේ වන විට නවතම Windows 10 Mobile Preview සංස්කරණයක් වෙනස්කිරීම් ගොඩකුත් එක්ක එළිදක්වලා තියෙනවා.

මේ අළුත් Windows 10 Mobile Preview එකේ වැඩිදියුනු කිරීම් වගේම ප්‍රශ්ණත් තියෙනවා.අළුත් Windows 10 Mobile Preview එක Test කරලා ඉවර වුනාම හෝ මේ Previews එකේ යම් ප්‍රශ්ණයක් ආවොත් ඔයාලට ඕන වෙයි නැවතත් Windows Phone 8.1 වලට යන්න. ඒ විදිහ ගැන තමයි මේ කියන්න යන්නේ.

මේ විදිහට නැවතත් Windows  Phone 8.1 වලට යන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් Windows Phone Recovery Tool කියන Software එක. ( Windows Phone Recovery Tool එක ඔයාලගේ PC එකට Install කරගන්න පුළුවන්.)

මේ තියෙන්නේ කලින් තිබ්බ Operating System එකට යන්න කරන්න ඕන පියවර ටික.

  • මුලින්ම අළුත්ම Windows Phone Recovery Tool එක Download කරලා Install කරගන්න.
  • Recovery Tool එක Launch කරලා USB Cable එකක් මාර්ගයෙන් Phone එක සම්බන්ද කරන්න. PC එකෙන් Phone එක Detect කරගත්තේ නැත්නම් My phone was not detected Button එක ඔබන්න.
  • ඊළඟ Screen එකේදී Phone එක Click කරන්න.දැන් ඔබට ඔබේ Phone එකේ විස්තර පෙන්නාවි ඒත් එක්කම තව පෙන්නාවි කලින් Operating System එකට යන්න Download කරන්න ඕන Software ටික.නැවත මේ සියල්ලම Download කරන්න “Reinstall Software” Button එක ඔබන්න.
  • දැන් Recovery Tool එක මගින් ඔබට අනතුරු ඇඟවීමක් කරාවි සියළුම Data, Settings, Apps Backup කරගන්න කියලා.මොකද ඔක්කොම Data  මේ කරන වැඩේදි නැතිවෙනවා.
  • දැන් Microsoft එකේ Server එකකින් Image  එක Download වෙලා Install වේවි.මේකට ටිකක් වෙලායයි.හැබැයි ඒ යන වෙලාව රඳාපවතින්නේ ඔයාගේ Internet Connection එකේ Speed එක අනුව තමයි.

Recovery Tool එකේ වැඩ කොටස ඉවරවුනාට පස්සේ Operation Successfully completed කියලා Message එකක් පෙන්නාවි.ඊට පස්සේ Microsoft Account එකට Sign in වෙන්න ලැබේවි.Backup ගත්තනම් Restore කරගන්න අවස්ථාවක් ඊටපස්සේ ලැබෙයි.එතනින් පස්සේ සාමාන්‍ය විදිහට Windows Phone 8.1 නැවත පාවිච්චි කරගන්න ලැබේවි.

තවත් එක් විශේෂ දෙයක් තියෙනව Windows Phone Recovery Tool එක Lumia නොවන අනෙකුත් Windows Phone වලටත් Support කරනවා.ඒක හින්දා ඒ Phone වලට වෙනම Recovery Tool හොයන්න අවශ්‍ය නැහැ.
මේවිදිහට Windows Phone 8.1 වලට මාරුවුනාට අමතක කරන්න එපා කලින් පාවිච්චි කලේ Windows 10 Mobile Preview එක  කියලා .ඒකේ අඩුපාඩු තියෙනවා.අඩුපාඩු නැතුව පාවිච්චි කරන්න මේ අවුරුද්දේ අගදි Windows 10 Mobile ඔයාලට ලබාගන්න පුළුවන්.

Windows Phone 10 වල ඉඳලා ඔයාලත් නැවත Windows Phone 8.1 ලට මාරුවුනානම් ඒ ඇයි කියලා පහළින් Comment එකක් විදිහට දාන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY