සිතුවමකි ඔබ


අහම්බෙන් නෙත ගැටුනු නුඹ හට
වැටහුනේ නොවෙදෝ යමක්
එකම ගමනක යනෙන දෙදෙනෙකු
බවට හැඟුනේ නැති ද යම්
දුරක් පිය මැන මුහුණ ලා අප
හමු වුණේ නෙතකට නෙතක්
යන්න අවසර ඇති ද පෙරටම
ළංව අතැ'ඟිලි පටලවන්

තෙපුල එවදන් සිතේ රැව් දිනි
ගතවුනත් බෝ වෙලාවක්
නොසිතු විලසින් නිහැඩියාව ම
බිඳුනි දුටු කළ නුඹ වදන්
සිතට හෙමිහිට ටිකෙන් ටික යළි
ලං වෙනා සුන්දර හදක්
මහද අසලදි නැවතිලා මදකට
සලයි සැනසුම් සුසුම්

එකුන් සොළොසක් මාස් දා ගිය
අමිහිරි ම මතකෙන් බිඳක්
මකා දා ඇත තවත් මැකුමට
ඉතිරි වී ඇත මතකයක්
එන්න මා වෙත යන්න පෙරටම
මකාලා කළු පැල්ලනුත්
අඳුරු සිතුවම් මැවූ සිත්තරු
අඳින තෙක් නව සිත්තමක්

Comments

  1. ලස්සනයි.......... සුන්දරයි

    ReplyDelete
  2. කුරුටු ගෑ ගී පවුර :
    බෝම තුති. ආයේ මේ පැත්තේ අවිත් යන්න එන්න.

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.