Please Click and Help Us get a domain...

Saturday, August 8, 2015

‍මොකද්ද මේ Virtual Box...?, එහි යොදාගැනීම් | What is the Virtual Box...!




Virtual Box කියන්නේ මොකක්ද ? සහ එහි යොදා ගැනීම්

ඔන්න මම කියපු විදියට අද Virtual Box ගැන කියලා දෙන්න අවා.
ඔයාලට මම කලින් පාඩමෙන් OS ගැන කිවුවනේ.


මම කිවුවනේ මේ දේවල් කරන්න Ubuntu වගේ OS එකක් ඕන කියලා. නමුත් අපිට ඕක එක පාරටම ඉගන ගන්න බැනේ. නේද...! ඒ නිසා අපි ඔය දෙකම PC එකට දාගෙන ඉන්න එක හොදයි. නමුත් Dual Boot තියන එක අපිට ටිකක් කරදරයක් නේද. මම හිතන්නේ ඔයාලා Dual Boot කියන එක දන්නවා ඇතිනේ නේද. ඔයාල ඔය එක පාර OS දෙකක් Install කරලා තියෙන්නේ, අන්න එකට. නමුත් අපිට ඕක කරදයක් වගේ නේද. අන්න එකටයි අපි Virtual Box Use කරන්නේ. අපි දැන් බලමු මේක මොන වගේ එකක්ද කියලා

Virtual Box කියන්නේ මොකක්ද ? 

Virtual Box කියන්නේ යම් විදියේ මෘදුකාංගයක්. මෙයින් අපිට OS එකක් තුල තවත් OS Run කිරීමේ හැකියාවක් තියනවා. අපි හිතමු අපි Windows 7 දාල තියනවා කියලා, එතකොට අපි Virtual Box Install කරලා එය තුල නැවත OS Run කරන්න පුළුවන. Ubuntu, Linux, Solaris... වගේ OS.

අපි බලමු මේ Software එක Install කරන්න අවශ්‍ය අවම සුදුසුකම, අඩුම තරමින් 512MB හෝ 1GB තිබිය යුතුයි.

මෙතනින් Download කරගන්න... මේක පේජ් එකකට දාලා තියෙන්නේ.. තැලපෙන එක ගන්න...

මෙතනින් ගන්න...

හරි අපි එහෙනම් දැන් බලමු කොහොමද Virtual Box යොදාගෙන Ubuntu 11 දාගන්නේ කොහොමද කියලා.
එ්කට පොඩි වීඩියෝ එකක් හම්බ උනා... මම හිතනවා ඒකෙන් ඔයාලට හොදට තෙරයි කියලා. එහෙනම් එක බලන්නකෝ....


හරිනේ එහෙනම්.. හොදනම් Comment එක දීල යන්න. ඔයාලට මොනවා හරි ගැටළු තියනවනම් කියන්න. මට පුළුවන් විදියට හා මගේ Free වෙලාවක එක නිරාකරණය කරලා දෙන්නම්..
එහෙනම් අයේ අලුත් පාඩමකින් හමුවෙමු....

0 අදහස්:

Post a Comment

Comment Here....