Please Click and Help Us get a domain...

Friday, July 31, 2015

Elite Hackers හැදින්වීම (Introduction of Elite Hackers)


හැදින්වීම (Introduction of Elite Hackers)

Welcome to Elite Hackers.
මම Thiwanga Sandaruwan. 
ඔයගොල්ලොනම් මාව දන්නේ නැතුව ඇති. එ්ත් සමහර යාලුවොනම් මාව දන්නවා ඇති ෴ Tech වැඩ්ඩෝ ෴ අඩවිය හරහා. ඒ වගේම "සිංහල Tech පාරාදීසය" පේජ් එක හරහාත්.

ඔයාලා බලනවා ඇති මම මේ දැන් මොකක්ද කරන්න යන්නේ කියලා. මම තීරණය කරා මම දන්න දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ උනාට මමත් එච්චරම වැඩ්ඩෙක් නෙමෙයි.

එමනිසා මම තීරණය කලා Hacking ගැන මම දන්නා තරමින් Blog අඩවියක් හරහා ඔය ගොල්ලන්ට කියලා දෙන්න.ඒවගේම Security ගැනත්. මමත් මේ ගැන Expert කෙනෙක් නෙවේ (කලින්ම කිව්වනේ).. මමත් තාම ඉගනගන්නවා. මමත් අසයි ඔයාලගේ දැනුමත් මාත් එක්ක බෙදා ගන්න. ඉතින් මම ඒ ගැන හිතලා මේ වැඩේට අතගැහුවා. මම ඔයාලා මේ ගැන මුල ඉදලම කියල දෙන්න තීරණය කළා. මම මීට කලින් ෴ Tech වැඩ්ඩෝ ෴ හරහා ඔයාලට ටිකක් විතර කියල දීල තියනවා. මම දැන් ඔයාලට මේ හරහා මුල ඉදලා කියල දෙන්න තීරණය කළා.

ඔය ගොඩක් අය බොරුවට පම්පෝරි ගහගෙන බැනර් දාගෙන ඉන්නවා මම Hacker, මම Hacker කියලා. එත් එයාල දන්නා දේවල් ඉතාමත් අඩුයි. මම එගොල්ලට අපහස කරනවා නෙවේ. මම hacking ගැන කියල දෙන්න හිතුවේ කවුරුවත් මේ වචනේ තේරුම ගැන හරි හැටි අවබෝදක් නැති නිසා.ඒ වගේම ලංකාව වගේ රටක් තුල Security (ආරක්ෂාව) අඩු වීම නිසා. ඒ ගැන කුඩා හෝ අවබෝදයක් තිබීම ගොඩක් වැදගත් වන නිසා.

මෙහෙම කියනකොට ඔයාලත් මම ගැන මොනවා හිතනවද දන්නැ. හැබැයි මම අහිංසක සාදාරන කොල්ලෙක්. කාටවත් අකටුතුකම් කරන්න මගේ දැනුම බාවිතා කරන් නෑ. ඒ නිසා ඔයාලට මම මේ කියලා දෙන දැනුම තමාගේ ආරක්ෂාව පමණක් යොදා ගන්න. මොකද සමහර අය මේවගෙන් නරක වැඩ කරනවා.

එයාලා කරන දේවල් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැනේ. FB ඉන්න කෙනෙක් නම් ඒවා ගැන දන්නවා ඇති ඔයාලා..

මම මෙහි ඉදිරිපත් කර දේවල් වල වැරදි දේවල් තියනවනම් ඒවා නිවැරදි කරගන්න උදව් කරන්න කියල මම ඉල්ලා සිටිනවා. ඔයාලගේ දැනුමත් මාත් එක්ක බෙදාගන්න ආසනම්. ඔයාලගේ ලිපිත් මෙහි පල කිරීමට කැමතිනම් මට දන්වන්න.ඔයාලගේ කත්තෘ බාවය සමග මෙහි පල කිරීමට මම අයිතිය දෙනවා.

ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ මම මේ හරහා මොකක්ද කරන්න යන්නේ කියලා.මම මෙහි මට පුළුවන් හැම වෙලාවකම ලිපියක් පල කාරනවා. යම් ප්‍රමාදයක් උනොත් ඒ ගැන මම මේ මොහොතේම සාමාව ඉල්ලනවා.

මම මේ ලිපිය ලීවේ මේම Blog එකෙන් කරන්න යන දේ පිළිබද හොද අවබෝදයක් ලබා ගන්න. එහෙනම් යාලුවනේ. මම දැන් නවතින්නම්. එහෙනම් අපි පලවෙනි පාඩම සමග හමු වෙමු. ඒක මම ඉක්මනටම දෙන්නම්....

0 අදහස්:

Post a Comment

Comment Here....