01 August 2015

සඳ එනකන්

සඳ
ඇවිදන් ඒවී
මේ මග දිගේ
කහ පැහැ වීදී ලාම්පු එලිය
තාර පාර මත ඉහිරැනු
පරිස්සමට මග හැර
දිගට ඇඳුනු සෙවනැලි
මහලු මාර ගස්වල

ඈ එනතෙක්
ඔහු හිඳී වී
කල්පයක් හෝ
දෙකක්

සඳ
අඳුරැය
එක් පැත්තක්
සදහටම
බරට හෙවනැල්ල
දිගා වුනු
දනී
ඔහු
එය

....කම් නැත.
(සුවඳ සබන් කෑල්ලක්
සිලි මල්ලක)

අවුල්වූ කෙහේ
තොල් සායම් පාට පැල්ලම්
මිලාන ලාභ විලවුන්
..ඈ එන්නීය...
(ත්‍රී වීලරයෙන්
බැස)

2 comments:

Have commented