July 29, 2015

හැබැහින් එන්න බැරි ඒකය

සිහින ඇතුලට නිතර හිස පොවමි.
දිවා සිහිනෙක රෝස පැහැයෙන් මත්වෙමි.
දිගැටි ඇහි දාර අග සරන්නෙමි.
බුහුටි අතැඟිලි අතර වෙලෙන්නෙමි.

අත්ල හොඳටෝම සීතලය
හැබැහින් එන්න බැරි ඒකය.
නොලියු කවි වැඩියෙන් රස ය.
ඇල්පෙනෙති තුඩුද මල් පුබුදා ය.

2 comments:

  1. ඇල්පෙනෙති තුඩුද මල් පුබුදා ය.

    මල් පෙති මතද අල්පෙනති තුඩු සැගවීය

    ReplyDelete
  2. ඇල්පෙනිති තුඩක
    පිපුන තනි මලකට
    දුක දැනෙනු නැත
    ඇල්පෙනිති තුඩ
    තනිකමට ඇත........

    ReplyDelete