ඔයාලා ගොඩක් අය දන්නවානේ twitter? අපි කරන වැඩ ගැන යාළුවන් දැනුවත් කරන්න පුලුවන් නියම ක්‍රමයක් තමයි twitter කියන්නේ. Web එකේ විතරක් නෙමේ twitter අපිට අපෙ ජංගම දුරකථන එක්කත් භාවිතා කරන්න පුලුවන් හරිම විනෝදජනක දෙයක්.

අපි එදිනෙදා කරන වැඩ twitter කරන්නේ එක්කෝ http://twitter.com එකට බ්‍රවුසර් එකෙන් ගිහිල්ලා නැත්නම් අපේ දුරකථනයෙන SMS එකක් යවලා නේ. හැබැයි අද අපි කරන්න හදන්නේ ඒ එකක්වත් නෙමේ. අද අපි twitter කරන්න හදන්නේ විධාන රේඛාවේ ඉඳගෙනයි. ඒකට අපි භාවිතා කරන්නේ ලිනක්ස් වල තියන wget කියන විධානයයි. මෙන්න මෙ පේලිය විධාන රේඛාවේ යතුරු කරලා Enter කරන්න විතරයි ඔයාලාත තියෙන්නේ. හැබැයි මතක තියාගන්න, මෙකෙ තියන YOURUSERNAME කියන තැනට ඔයාගේ twitter name එකයි YOURPASSWORD කියන තැනට password එකයි. YOUR NEW STATUS කියන තැනට ඔයාලාට කියන්න තියන දෙයයි ලියන්න.

wget -O – –user=YOURUSERNAME –password=YOURPASSWORD –post-data=”status=YOUR NEW STATUS HERE ” https://twitter.com/statuses/update.xml

තවත්‍ එකක්! විධාන රේඛාවෙන් twitter කරන ගමන් Bud, chanux, seejay 😈 කියන සිංහලෙන්FOSS geeksලා තුන්දෙනාවත් follow කරන්නනම් අමතක කරන්න එපා 😀 ඇයි සිංහලෙන්FOSS twitter නඩය? 😀

This entry was posted on Saturday, April 19th, 2008 at 7:54 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

 1 

මේක කරලා මතක ඇතුව
$ history -c කරන්න.

April 19th, 2008 at 7:59 pm
~ශ්‍රීමාල් ජයවර්ධන~
 2 

එල කිරි.

මගේ විධාන රේඛාවේ සිට “” වෙනුවට ‘ ‘ භාවිතා කරීමට සිදුවිය.

උදා:
wget -O – –user=YOURUSERNAME –password=YOURPASSWORD –post-data=’status=YOUR NEW STATUS HERE ‘ https://twitter.com/statuses/update.xml

මා භාවිතා කරන්නේ bash 3.2.25
$ bash –version
GNU bash, version 3.2.25(1)-release (i486-pc-linux-gnu)
Copyright (C) 2005 Free Software Foundation, Inc.

April 21st, 2008 at 8:59 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment