18 July 2015

මහින්ද-මෛත්‍රී යුග ගායනය: 'මට මගේ නොවන මගේම පක්ෂයක් තිබුනා....'

2015. 07.17 දින දේශපාලන කරලියේ විවිධ කරුණු කාරණා පිලිබඳ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අදහස් පහත දැක්වේ. කැමති නම් බෙදාගන්න. 

බයියෙක් දිනක් කොන්ඩේ කපාගන්න සැලූන් එකක ට ගියේය.  පුටුවක් හිස් වූ යෙන් බයියා එහි හිඳගත්තේය.  ඔහු ඉදිරියේ විශාල කැඩපතකි.  එම ටවුමේ තව තැනක ටොයියෙක්ද කොන්ඩේ කපාගන්න සැලූන් එකක ට ගියේය.  ඔහුද හිස් වූ පුටුවක වාඩි වූයේය.  ඔහු ඉදිරියේ ද කැඩපතකි.   ඔන්න ඔහොමයි බයියට ටොයියා ත් ටොයියට බයියත් හමුවූයේ. එසේ හමුවුවත් හැඳිනීමක් නොවින.  එකම නගරයේ සැලූන් දෙකක කැඩපත් දෙකක මුහුණට මුහුණලා කාලයේ ඇවෑමෙන් එකිනෙකාව හඳුනාගන්න නොහැකි වූ පරණ පෙම්වතුන් දෙදෙනෙකු වැනිය.  

පසුව බස් නැවතුම් පොලේ 'අනාගතය' ට යන බසයකට එකම මොහොතේ ගොඩවන්නට ගොස් ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගියෙන් දෙදෙනා ම තම තමාගේ ඉනේ ගසා තිබු කිණිසි ඇද සටන් කරන්නට විය.  ලේ විලකි.  මල කඳන් දෙකකි.  බයියා ඇන්නේ තමන්ටමය. ටොයියාද එසේමය.  ඒත් අද වන තුරුත් බයි-හොල්මනත් ටොයි-හොල්මනත් 'බුකිය' නම් පරලොව සටන් කරන බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා මාධ්‍යයට අනාවරණය කළේය.  

'බයියෝ = ටොයියෝ' (වචනයෙන්, ස්වරයෙන් ක්‍රියාවෙන්)'.  මෙසේ පවසන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා ය.  

මහින්ද සහ මෛත්‍රී අතර මොන ඇයි හොඳයියක් තිබුනත් නැතත් දෙදෙනාට පොදු වූ දේශපාලන තේමා ගීතයක් ඇති බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා ය. 

"ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා....මට මගේ නොවන මගේම පක්ෂයක් තිබුනා....'

අනුරපුරය ට පැමිණි සංඛ්‍යාව අනුමාන කිරීමට කොටු ඇඳ කාලය නාස්ති නොකර කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂය ශක්තිමත් කරනු වස් සතර බ්‍රහ්ම විහරණ ප්‍රගුණ කිරීමට උත්සහා ගන්න යැයි එම පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා මීට ස්වල්ප මොහොතකට පෙර කැකිරි එෆ් එම් නාලිකාවට ප්‍රකාශ කළේය. 

"2005: මහින්ද-රනිල්.  දින්නේ මහින්ද පැරදුනේ ජනතාව. 2015 ජනවාරි: මහින්ද-මෛත්‍රී (රනිල් ගේ ඉත්තා). දින්නේ මෛත්‍රී, සරු ඵල නෙලාගත්තේ රනිල්, පැරදුනේ ජනතාව.  2015 අගෝස්තු: මහින්ද-රනිල්.  කවුරු දින්නත් පරදින්නේ ජනතාව.  දැන් ඉතින් ඇති.  කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ජනතාවට ජයග්‍රහණය ලබාදෙන්නේ හරිම සිම්පල් ආකාරයකට.  නායකයෝ සියලු දෙනා පරාජය වීමෙන්." මෙසේ පවසන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා ය.  







0 comments: