Microsoft සේවකයින්ගේ ID Card එකට පවා නව පෙනුමක්

Microsoft සේවකයින්ගේ ID Card එකට පවා නව පෙනුමක්

3629
1
SHARE

Windows 10 හා එහි අනෙකුත් Apps සඳහා වන අතුරුමුහුනත් (User interfaces) සියල්ල වෙනස්වී ඇති බව ඔබ දැනටමත් දන්නවා. Microsoft සමාගම මේ Design Languages සඳහා විවිධ ආකාරයෙන් පර්යේෂන සිදුකලා ඒ අනුව ඔව්න් Windows 8 සඳහා Metro නැමති design language එකද ඉන් අනතුරුව Modern නැමති design language එකද , දැන් ඒ සෑම design language  එකකටම වඩා හාත් පසින්ම වෙනස්වූ Windows නම් වන design language එක භාවිතාකරයි.

ඔබ දැන්  Windows 10 එකට login වන විට ඔබේ photo එක සහිත කොටස දැන්  වෘතාකාර වී ඇති අතර apps සඳහා වන ඇතැම් තැන්වලද මෙලෙස  වෘතාකාර පින්තූර දැකිය හැකිය විශේෂයෙන්ම people app එකේ දැකිය හැකි contacts හිද මේ වෙනස ඔබ නිරික්ෂණය කර ඇත.

ඉතින් Windows 10 වල සිදුකර ඇති මේ වෙනස් කම් Microsoft සමාගමේ සේවාවේ නියතු සේවකයින්ගේ employee ID card සඳහාද සිදුකර තිබෙනවා. එනම් පෙරදින Microsoft සේවකයකු වන Steve Clayton විසින් instergram වෙත share කර තිබූ  ඔහුගේ ID card එකෙහි වෘතාකාර photo එකක් සහිතව නව පෙනුමකින් මෙය මුද්‍රණය කර තිබෙනවා. මීට පෙර භාවිතා කර ඇති ID card සඳහා භාවිතා වී ඇත්තේ චතුරස්‍රාකාර Photo එකකි. තවද මෙහි පසුපස,  සමාඟමේ නවතම මෙහෙයුම වන “Empower every person and every organization on the planet to achieve more”යන්නද මුද්‍රණයක කර ඇත.

#Empower

A photo posted by Steve Clayton (@stevecla) on

මෙයින් මනාලෙස පෙනුම් කරන්නේ සමාගම  තම සියලු කටයුතු සඳහා නව design language එකේ භාවිතය ප්‍රායොගිකව භාවිත කරන බවයි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY