“යථාර්ථ විද්‍යාව ” දොරට වැඩුම

Share

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ විද්‍යාර්ථියෙකුවන ලක්ෂාන් නන්දසේන අයියාගේ කුළුඳුල් ග්‍රන්ථය “යථාර්ථ විද්‍යාව” දොරට වැඩුම පසුගිය දා සිදුවුනා. එහි කර්තෘ ලක්ෂාන් නන්දසේන අයියා FOS Media අප වෙත මෙසේ අදහස් දැක්වූවා.

  • කොහොමද අයියගෙ වැඩ කටයුතු මේ දවස්වල?

මම දැනට ජාත්‍යන්තර දැනුම කළමණාකරනය කිරීමේ ආයතනයේ සේවය කරනවා. එහි දී academic conferences කිරීම තමයි සිද්ධ වෙන්නේ. වෙනත් විදියකට කිවුවොත් විශ්වවිද්‍යාලයේ විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ සිදු කෙරෙන researches එළි දැක්වෙන symposiums කිරීම තමයි එතන සිදු වෙන්නේ. ඒ වගේ ම ව්‍යාහාරික සංඛ්‍යාන විෂය ධාරාවෙන් කොළඹ සරසවියේ පශ්චාත් උපාධිය හදාරනවා .

  • ඇයි ඔබට මේ විදියට පොතක් ලියන්න හිතුවෙ සහ අඩිතාලම වැටුනෙ මොන විදියට ද?

අපි හැමෝටම යම් යම් දේ ගැන හිතෙන, යම් යම් දේ ක්‍රියාත්මක කරන අනන්‍ය වූ දර්ශනයක් තියෙනවා. සෑම ආගමික ශාස්තෲවරයෙක් ම සැලකුවොත්, විවිධ දර්ශන තමයි තියෙන්නේ. ඒ වගේ ම ඊට අනුරූප අනුගාමික කොටසකුත් ඒ වටා එකතු වෙලා ඉන්නවා. ඒ සෑම දර්ශනයක ම කියවෙන්නේ මනුෂ්‍ය වර්ගයේ පැවැත්ම සැකසිය යුත්තේ කෙසේ ද සහ ඊට අමතර ව ආධ්‍යාත්මික දේශනාවක් ඒ තුළ ඇතුළත්. මේ සෑම දර්ශනයක ම ගැඹුරු තැන් ස්පර්ශ කරමින් මගේ දර්ශනය ඉදිරිපත් කිරීම තමයි මේ පොතෙන් මම බලාපොරොත්තු වුන අරමුණ.

IMG_0484

  • මේ පොත ගැන, පොතේ මාතෘකා පෙළගැස්ම සහ පරාසය ගැන සඳහන් කලොත්…

මේ පොත් පෙළක පළමු වැනි පොත. මම උපකල්පනය කරන විදියට හැම දේකම යථාර්තය පටන් ගන්නෙ මනස මුල් කරගෙන. මනසේ ආරම්භය, මනසේ හැකියාවන්,පැවතුම් ස්ථිර තල ආදිය මෙන් ම මනසේ ප්‍රධාන අංග මේ පොතේ සරලව විග්‍රහ කරලා තියෙනවා. ඊලඟ පොතෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකා ගැඹුරින් කතා කරන්න.

  • ඔබගේ පෞද්ගලික අත්දැකීම්, අදහස් වගේ දේවල් පොතට ඇතුලත් වෙලා තියෙනව ද?

පැහැදිලි ව ම කියන්න ඕන මේ පොතට කිසි ම මූලාශ්‍රයක් මම භාවිතා කරලා නෑ. කොටින් ම කිවුවොත්, මේ පොතේ හරය මගේ ධ්‍යාපනය මත ගොඩනැගුනු අවසාන ප්‍රතිඵලයක්. කවදා හරි මේ පොත නම් මූලාශ්‍රයක් වේ වි.

  • පොත ලියද්දි මුහුණ දුන්නු බාධක, අභියෝග මොනවද?

 මම මේ පොත ලියන්න පටන් ගත්තේ 2014 අගෝස්තු මාසේ. බාධක, අභියෝග ගැන සඳහන් කලොත් විශේෂයෙන් ම ආර්ථික ගැටළු තමයි ගොඩක් දුරට බලපෑවේ. ඒත් පොත වෙනුවෙන් ඒ හැම දේ ම කැප කළා. බාධක කියන දේ මම කවදාවත් ගණන් ගත්තෙ නෑ.

IMG_0487

  • මේ පොත කියවන්න බලන් ඉන්න පාඨකයන්ට ඔබ දෙන අදහස ගැන කිවුවොත්?

 මේ පොත නවකතාවක් හෝ පත්තරයක් නෙවෙයි. කෙනෙක්ට මේ විෂය ගැන හිතිලා, ගිහින් මිලදී ගන්න ඕන පොතක්. ගොඩක් වෙලාවට මේ වගේ මාතෘකා යටතේ ලංකාවේ බිහිවුන පොත් සුළු ප්‍රමාණයක් තම යි තියෙන්නේ. මම හිතනවා මේ පොත කියවන හැමෝට ම ගොඩක් වැදගත් යමක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වේ වි කියලා. මේ පොත කියවන කෙනෙකුට මගේ ඊලඟ පොත ගැන නම් නිරායාසයෙන් ම කුතුහලයක් ඇතිවේ වි.

  • අවසාන වශයෙන්, මේ පොත ලියන්න උදවු උපකාර කළ අය සහ ස්තුතිවන්ත වෙන්න ඕන අය ගැන සඳහන් කලොත් ?

 ස්තුතිවන්ත වෙන්න ඕන අය බොහොමයක් ඉන්නවා. මුලින් ම මගේ දෙමවුපියන්, කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ යහළුවන්, පාසලේ යහළුවන් මතක් කරන්න ඕන. විශේෂයෙන් ම Dr. දිල්හාරි ආටිගල, Dr. දිල්ශානි තිසේරා, රුශාන් සර් ව සඳහන් කල යුතු ම යි. ඒ වගේ ම මගේ සෙවනැල්ල වගේ ලඟින් ඉන්න මගේ පෙම්වතියවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

 

දහසක් වැඩ රාජකාරි පසෙක ලා, වටිනා කාලය කැප කරමින් අප හා කෙටි පිළිසඳරකට එක් වූ ඔබට බොහොමත් ම ස්තුතියි. ඔබේ සියලු අරමුණු සහ අභිප්‍රායයන් එලෙසින් ම සාර්ථක වන්නට FOS Media අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.